ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ලෙස ලාංකීය ජන සමාජය අවුලෙන් අවුලට ගමන් කරමින් පවතී. විටින් විට කරලියට පැමිනෙන විවිධ පන්නයේ සුනාමි වලට රැලි වලට හසුවන සමාජය ඒ ඒ යුගයේදී ඒ ඒ ආතල් රස විඳියි. මහ කොටියා මරා දමා සාමය රසවිඳී මට බලා සිටි හුදී ජනයා එවකට සිතා සිටියේ මේ සියල්ලට හේතුව කොටියා බවය.කොටියා නොමැති රටක සියල්ල කිරියෙන් පැනියෙන් ඉතිරී පැතිරී යන අයුරු සකල සෞභාග්‍යයෙන් පිරි ලොකෙන් උතුම්ම උතුම් රට වන අයුරු සිහින දකිමින් සිටියවුන් තවම ඒ සුභ සිහිනයෙන් මිදී නැත.දැන් ප්‍රභා නැත ඓශ්වර්‍යයද පේන තෙක් මානයක නැත. දැන් අපට ඇති ලොකුම බාදාව දෙමළ ඩයස්පෝරාව සහ ජාත්‍යන්තර බලවේගයි.උන් අපට කෙලවීමට බලා සිටින්නේ ලොකෙන් උතුම්ම රට පිලිබද උන්ගේ ඉරිසියාව හා කුහක කම නිසාය.අප වහාම කල යුත්තේ බොදුබල සේනා හෝ රාවන බලකාය ට හෝ සෙට් වී චීනය හා රුසියාවේද උදව් ඇතිව උන් කුඩුපට්ටම් කිරීමයි.අපට කෙරෙන මෙම අඩන්තේට්ටම් පිලිබද චීනය රුසියාවද සිටිනුයේ බලවත් තරහකිනි. අප වැනි උතුම් ජාතියක් රැක ගැනීමට ඔවුන් නොපැකිලිව සටන් වදිනු ඇත. පසුව අපට ලොකේ බලවත්ම උතුම්ම ජාතිය බවට පත් විය හැක.
අහෝ මෙවැනි හීනමානී අඳබාල ජාතියක් ලොව කොතෙනකවත් නැත.ඒදාවේල පිරිමසා ගැනීමට බලාසිටින තක්කඩි දේශපාලුවන් හා නිවට රාජ්‍ය නිලධාරීන් ගේ දේශනා වලට දොහොත් මුදුන් දී සවන්දෙන ඔවුන්ව අදහන මිනිස් ප්‍රජාවක් සිටින රටක මෙය අරුමයක් නොවේ. චීනය අප වෙනුවෙන් සටන් වදීවියැයි බලාසිටි කබ්බන්ට උතුරු කොරියා අර්බුදයේ දී චීනයේ හැසිරීම පිලිබඳ නැවත සිතා බැලීම වටී.අපේ එවුන් සිතා සිටින පරිදි පරමාදර්ශී ගුනගරුක රටක් වන චීනය අනාගතයේදී ඇමරිකාවෙන් මෙන්ම ඉන්දියාවෙන් වන අනතුරු වලින් අප බේරාගන්නා ගැලවුම් කරුවා නොවේ. චීනයට ඇති ලොකුම ප්‍රශ්නය තම අති විශාල ජනතාව නඩත්තු කිරීමයි.නිකරුනේ යුද්ධයකට මැදිවී සියල්ල අවුල් කරගැනීමට උන් මෝඩ නැත.කොටින්ම උතුරු කොරියාවේ ගොන් පාර්ට් වලට කඩෙ යාමට මෙන්ම ජාතික වීර මහින්ද රාජපක්ෂ බේරාගැනීමටද චීනාට අමරුවක් නැත.ඔවුන් යුධ ශක්තිය වර්ධනය කරගන්නේ වෙනත් රටවලින් එන අභියෝග වලට මුහුන දීමට මිස අමරිකාව විනාශ කිරීමට හෝ ලෝකයට සාමය උදාකිරීමට හෝ බිජු ඇට තරමේ රටවල් වල නායකයින් බේරාගැනීමට නොවේ.
මේ යුගයේ යුද්ධය කෙරෙනුයේ වෙළඳ පොලවල් හරහාය.චීනයට ලංකාව වැදගත් වන්නේ වෙනත් රටක් විසින් චීනයට එරෙහිව ලංකා භූමිය භාවිතා කිරීම වැලක්වීම මිස අපට ඒශ්වර්‍යයේ දොරගුලු විවර කිරීමට නොවේ.ඉන්දියාවටද අවශ්‍යය එයමයි. සිරිමාවෝ මැතිනිය චීනයෙන් සහල් ආධාර ගැනීමට
ගිය අතීත දිනෙක ඒවකට සිටි චීන ජනපති පවසා තිබුනේ "අපේ රටේ සෑම නිවසකින්ම සහල් මිට මිට බැගින් එකතු කලද මුලු ලංකාවටම වසරකට සරිලන සහල් සපයා දිය හැකි වුවද රාජ්‍යක ප්‍රධාන යුතුකම වනුයේ තම පුරවැසියා සවයංපෝශිත කිරීම නොවේද" යන්නයි.
ලාංකිකයන් සමදා පුරුදුවී ඇත්තේ අප වෙනුවෙන් අනෙක් එවුන් කඩේ යවා ආතල් එකේ සිටීමටය. දියසේනලා උපදින තුරු බලාසිටීමටය. සැබැවින්ම ලොව කිසිඳු රටකට දෙවනි නොවන පරිදි අප සතුව සම්පත් දැනුම සහ දක්ශයින් ඇත.කලයුත්තේ ඒ සියල්ල මනා කලමනාකරනයක් තුලින් ඉලක්කගත වැඩපිලිවෙලක් කරා මෙහෙය වීමයි.ලෝකය දිනීම යනු ආර්ථිකය දිනා ගැනීමයි. කිසිඳු නිශ්පාදනයකට මුල් නොවන රජය දඩමුදල් බදු මුදල් විදේශ ණය මත යැපීම යනු තව තවත් අප දීන නිවට මිනිසුන් පිරිසක් බවට පත් කිරීමකි.අපටම ගැලපෙන ලාංකීය මොඩලයක් නිර්මානය කරගැනීමට අප තවමත් අසමත් වී ඇත. ජනතාව පෙලන සමාජ ආර්ථික ප්‍රශ්න හා අසහනය දඩමීමා කරගනිමින් විවිද ජාතිවාදී වර්ගවාදී අන්තවාදී බලවේග හිස ඔසවයි.ලංකාවේද තමිල්නාඩුවේද පොදු ප්‍රශ්නය එයයි.කපටි දේශපාලනය විසින් ජනාතාව පෙලන සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට වෙනත් ප්‍රශ්නයක් ඉස්මතු කර පෙන්වයි. මහින්ද පාලනය විසින් කොන්දේසි විරහිතව බොදුබල සේනාව සරන ගොස් ඇත්තේ එබැවිනි. ජාතිවාදී වර්ගවාදී ආගම්වදී අදහස් සමාජයේ පීඩිත ජනකොටස් අතර වේගයෙන් පැතිර යන්නේ එබැවිනි.තමා පෙලන සැබෑප්‍රශ්නය අනෙකා නිසා ඇතිවන බව පෙන්වාදී පීඩිතයන් එකිනෙකා මරාගන්නට සලස්වා ජාම බේරා ගැනීමට බලා සිටින මේ ජරාජීර්න දේශපාලනය සහමුලින්ම පිටුදැකිය යුතු කාලය පැමින ඇත.වැද්දන්ගෙන් බන අසමින් නොසිට සාටක වාදීන්වී ජාම බේරාගැනීමට බලා නොසිට වහ වහා අප විසින්ම නැගිටිය යුතු කාලය පැමිණ ඇත.
සංවර්ධනය යනු රටක ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා ගෙනයායුතු ක්‍රමික වැඩපිලිවෙලක් මිස සංවර්ධනය වීම සඳහා ජනතාව ජරාජීර්න ලෙස දුක් විඳිය යුතු නැත.
මොරබ්බා....