Monday, March 11, 2013

මගේ රට ඕවිටිගල...



      සසිරිබර මෙසිරිලකේ අගමැති වීමට තිබිය යුතු උපරිම සුදුසුකම කුමක්දැයි කුමාර වෙල්ගම ඇමතියා හොඳටම තේරුම් කරලම දුන්නා.ඒ වෙන කිසිවක් නොවෙයි උපන්ගෙයි මෝඩයෙකු වීමයි.මොඩයෙකු වීම පිලිබදව ආඩම්බර වීම කොතරම් ආතල්ද.ඕවිටිගල ගමේ මිනිස්සු හඳට පොලු ගැසු ආකාරය ගෝනා වැලලු ආකාරය පිලිබද කතා කිරීම වෙනම දෙයකි එහෙත් තමාද ඒ පරපුරේ වීම ගැන ආඩම්බර වීම?
      
      අපිද ඒ joke එක දැක පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් ලබන ඡන්දෙන් උඩින්ම උත්තරීතර place  එකට ඔබතුමා යවන්නේමු.කිසිඳු අධ්‍යාපන සුදුසු කමක් නැතිව කලහැකි එකම ‍රැකියාව ලෙස සමාජ සම්මතව ඇති දේශපාලනය පරම්පරා හතක පව් සෝදාහල හැකි කෙටිම පහසුම මග නොවේ නම් වෙන කුමක්ද.

       පාර්ලිමේන්තුව පිරෙන්නටම සිටින හොරුන් තක්කඩියන් මිනීමරුවන් කුඩු කාරයන් ස්ත්‍රී දුශකයන් අතර බූරුවකු සහ තකතීරුවෙකු වීම අගමැති වීමට අති එකම සුදුසුකම තමා.ඉන්පසු හිතේ හැටියට joke කර කර මොඩ ආතල් දිදී ගැලරිය චුන් කර කර කිසිඳු බියක් සැකක් නොමැතිව කරදරයකින් තොරවම ඒකාධිපති කපටියාට පාලනය ගෙනයාමට දරදිය ඇදිය හැකි නොවේද.
මේ යුගය ඉල්ලා සිටින්නේ අන් කිසිවකු නොව මොඩයන් පමණි.

     ගොන් බුරු ‍රැලක් පාර්ලිමෙන්තුවේ සිටීමම ප්‍රමානවත් නොවේ බහුතර පුරවැසියාද බූරුවන් වියයුතුය.උබල මොඩයන් නොවේනම් අඳ ගොලු බිහිරන් සේ සිටිය යුතුමය.ජාත්‍යන්තරය අපිට කෙලවන්න හදන මේ වෙලාවේ.බොදු බල සේනාව හම්බයන්ට කෙලවන්න හදන මේ වෙලාවෙ අපේ මෝඩ ගතිය කීකරුකම තොපිට හරියට වටිනව කියල අපි දන්නව තොපි අපිට හිතන්න පුරුදු කරන්න ඔන නැහැ අපි හිතන්න දන්නව.මෝඩයෝ වගේ හිතන එක අපිට පරම් පරාවෙන් තමයි එන්නේ. එක හරියට අපේ ජාතික උරුමය වගේ.
   එකනේ මහ රජා පාරේ වඩිනගමන් කොහොමද තොපේ ජීවිත කියල ඇහුවම අනේ රජතුමනි අපිට නොකා නොබී වැටිල හාමතේ මැරිල යන්න හරි රටක් ඉතුරු උනා නේ ඒ මදැයි කියලා වැඳවැටිල කියන්නේ.

බලාගෙන ගියාම මුළු රටම එකම එක ඕවිටිගලක් තමා......

Tuesday, January 22, 2013

උත්තරීතර පොට් එක...




බත් බැලයන් රන් කරනා
තීන්දු තීරන ගන්නා
අපම නැහිලා පත් කරනා
අමන ‍රැලක් රජ කරනා....

හොරුන් මිනීමරුවන්
කුඩ්ඩන් ත්‍රස්තවාදීන්
සමගින් උගත්තු පොඩ්ඩක්
නළුවන්ද නිලියන්ද 
ක්‍රීඩක මුදලාලිලා ද 
තීන්දු තීරන ගන්නා
උත්තරීතර පොට් එක......

බැටළු ‍රැල රක්නා 
ගොපළු බල්ලන් ලෙසිනා
බොහෝ  අය කියනා
නිසා බැලුවමි මදක් එබිලා.....

ඇස්ගෙඩි දෙක ලොකු උනා
දිව එලියට දික් උනා
හනේ හපොයි කියවුනා
සරමෙම සුලු දිය ගියා........

තුන් වේලම ලාබෙට
බඩත් කටත් පුරෝගන්න
හරක් මසුත් හොඳට  කන්න 
ගොල්ඩන් සිරප් බොන්න
බයිට් කරගන්න
මෝඩ ආතල් දෙන්න
හැකි නිසා හොඳට
ඌරුමස් නැතත් මොකද......

මී හරක් නඩු අහන 
දෙපත් නයි කඹ අදින 
අපේ දිවි නග්ගන්න 
බත් බැලයෝ උඩු බුරන....

උගත් කම සුදුසුකම
ඕන නෑ මේහෙට 
හමහරුන් හට රෙද්ද
ඉස්සුවත් ඇති ඔන්න.....

මොනා කරන්නද අනේ
ප්‍රජාතන්ත්‍රවාදෙනේ
දාහතේන් දහ අටෙන් පස්සේ
දහ නවයත් එනවනේ......

වැඩිය දැඟලුවොත් මෙතන
දානවා අතුලට.
පැය 48 කට පස්සේ 
හුස්ම ගත්තොත් නඩු වැටෙන්නේ......

කරන්නම දෙයක් නැද්ද
නිකම් කර කර ඉන්න 
දඬුවමක් ලෙස මෙන්න
නිතර කර බලන්න
ගෙනාවා ඔන්න 
ශරියා නීතියෙන් අනුමත
කොහොමදැයි දැනගන්න 
උත්තරීතර පොට් එක............

 

අවවාදයයි: හතර විලි ලැජ්ජාව ඇති අය මෙය නැරඹීමෙන් වලකින්න....


ලිව්වේ මොරබ්බා

Friday, January 18, 2013

පිපෙන පිපෙන මල්




        මල්  පිපෙන්නේ ඇයි දැයි ඔබ මොහොතකට හෝ සිතා බැලුවාද?නෙක නෙක පාටින් මනරම් සුවඳින් පියකරු හැඩයෙන් පිපෙන පිපෙන මල්වලින් මේ ලොව ලස්සන උනා මිස වැනසුනේ නැත.පිපෙන පිපෙන හැම මලක්ම ඵල නොදැරුවත් මල් නොපිපී තියේවිද මේ මිහිමත 

           ගත වූ වසර තරම් ලංකාවේ ස්ත්‍රී දූෂන ළමා අපචාර ඇතුලු ලිංගිකත්වය සම්බන්ධ අපරාධ(හෝ අයතා ක්‍රියා)වාර්තා වූ වසරක් නොමැති  තරම්ය.එසේම ලැගුම්හල් වැටලීම ජංගම දුරකතන පරික්ශාකිරීම ආදිය පිලිබඳ පලවූ ලිපිද ඕනැ තරම්ය.ඒවා අතර විශේෂ වන්නේ අවුරුදු 16 ට අඩු ළමුන්(ළමුන් යැයි නීතියේ සඳහන්)ට අදාල ලිංගික ක්‍රියකාරකම්ය.නිසිපරිදි ලිංගිකව පරිනත වූ මනුස්ස ජීවීන්ට පෙම් කිරීමට විවාහ වීමට නීති මාලාවක් සපුරා සමාජමය සංකල්ප මහාගොඩක් ඉක්මවා නේරංජනා ගඟෙන් එගොඩ වී දුශ්කර ක්‍රියා කොට පැමිනිය යුතු සේම සේම හැඟීම් මැඩගෙන මිරිකාගෙන ජීවත්වීම විනය ගරුකය ශිෂ්ඨසම්පන්නය.
          පැනි පෙරීම වැල බැලීම ගනිකාඇසුර පිරිමින්ටද
ගල පෙන්නීම කොටට ඇඳීම පිරිමින් ලවා දූෂනය කරවා ගැනීම පිරිමින් පෙලබවීම සල්ලිකාරයන් පසුපස යාම ආදී කුහක චොදනා ද බොහෝ විට ස්ත්‍රියටද එල්ල වේ.මෙම ලිපිය එලෙස ලිංගික කුහකයන්ගෙන් චෝදනා ලබන ගැහැනුන් හා පිරිමින් වෙනුවෙන් දිගහැරේ...


               ස්වභාවිකවම ගැහැනියක් බිහිවන්නේ තම පරපුර ඉදිරියට පවත්වා ගැනීමටය.සුජාතව හෝ අවජාතකව හෝ පැටවුන් සෑදීම ඇගේ කර්යයයි.පදික වේදිකාවේ හිඟාකන ගැහැනියටද රජ මැදුරේ බිසවටද තම පැටවා බිහිකිරීමට කැමති පරිදි පැටවා හදාගැනීමට ඇත්තේ එක හා සමාන අයිතියකි.මානව ශිෂ්ථාචාරයේ ඉදිරි පැවැත්ම රඳා පවතින්නේ මේලෙස පිපුනු මල් මතය.තම පැටවාට හොඳින් ජීවත් වීමට අවශ්‍යය පරිසරයක් ඇය නිතැතින්ම සකස් කරගනී.ඒ සඳහා සුදුසු හැකියාවක්(කායිකව ආර්ථිකව සාමාජයීයව)ඇති පිරිමියෙකු ‍තෝරා ගැනීමට ඇය සුදුසු පරිදි ක්‍රියාත්මකවේ.ඒ සඳහා සුදුසු ආකර්ශනයක් ලබාගැනීමට මල් නිතැතින්ම හැඩගැසී ඇත.
           එය කොටට ඇඳීම වන්න පුලුවන් මායම් 64 වන්න පුලුවන් අඟ පසඟ පෙන්වීම වන්නට පුලුවන් වගේම තැන්පත්ව විනීතව සිටීම වන්නටත් පුලුවන්.මේ කොයි යම් ලෙසකින් බැලුවත් බඹරුන්ගේ ආකර්ශනය දිනාගැනීම වෙනුවෙන් මලකට කැමති අනුවර්තනයක් දරන්න පුලුවන්. එය මලේ අයිතිය නොවේද? එයට සීමා පැනවීමට සමාජ සාම්ප්‍රදායික එළුවන්ට  අයිතියක් නොමැත.මල කෙසේ පැවතිය යුතුද යන්න මලේ කාරියක් වන අතර බඹරෙකුට කල හැක්කේ කැමති මලක් වෙත ඇදී යාම පමණි.පිරිමියකුගේ කාර්ය්‍ය තමාට ජාතකවූ පැටවාට වැඩීමට සුදුසු පරිසරයක් සකස් කරදීමයි.ඔබට හොඳම මල අවශ්‍යනම් ඔබ හොඳම බඹරා වියයුතුය.ඔබට ඔබගේ ම ජාන වලින් ජනිතයන් විශාල ගනනක් අවශ්‍යය වීම ඔබට අනුව සාධාරන වන්නට පුලුවන් නමුත් ඒ සියලුම පැටවුන් පෝෂනය කිරීමට ඔබට හැකිවිය යුතුය.නැතිනම් ඔබේ පැවැත්මට මලම බාධාවක් වේවි.එවිට ඔබ මලට බාධාකරාවි.

                 සමාජය තුල ස්ත්‍රීන්ගේ පැවැත්ම පිලිඹඳ සීමා මයිම් පැනවීම පිරිමින් විසින් සිය අයිතියක් කොට ගෙන ඇත.ඇඳුම් ඇඳීමේ සිට හැසිරීම අධ්‍යාපනය ‍රැකියාව මෙන්ම විවාහයට පවා බලපාන පරිදි විනය නීති මාලවක් හඳුන්වාදී ඇත. 
කවුද කැමති බඩුවක් බඳින්න? 
කැමති ලෙස පෙති විහිදා විකසිත වීම සුවඳ විහිද වීම ඇතැම් විට සදාචාර විරෝදීය සංස්කෘතියට පටහැනිය.ඒවා පාපයන් ලෙස හෝ දුශ්චරිතවත් හැසිරීම් ලෙස හෝ හංවඩු ගසා පිලිකුලෙන් අවඥාවෙන් බැහැර කොට පහරදී ගරහා යටපත් කරනවාට වඩා ඔවුනට සුදුසු ලෙස විකසිත වන්නට සුදුසු වට පිටාවක් නිර්මාණය කර දීම වැදගත් නොවේද?
   පරාගනය වීමට මලක් දරන අහිංසක උත්සාහයට ඇයි මෙතරම් බධා... 
පරාගනයෙන් පසු මලට වන්නේ කුමක්ද? 
         සැබෑවටම ගැහැනියක පරිනත වීම ඇය පිරිමියෙකු ඉදිරියේ නිරුවත්වීම හෝ කන්‍යාභාවය මත රඳා පවතින බව සිතා සිටින බමුනු සමාජය සැබෑ ලෙසම ඇය පරිනත වීම සිදුවනුයේ කුසතුල දරුවෙකු පිලිසිඳ ගැනීමෙනි යන්න එකවරම පිලි නොගනී.ඔබ විවාහක නම් ඔබේ බිරිඳ මවක වූ පසු ඇගේ හැසිරීම විමසා බලන්න.කලින් සිටි දඟකාර හුරතල් කෙල්ල ඔබට හමුවිය හැකිද? සැබැවින්ම  ඇගේ කාර්ය්‍යය අවසන් දැන් ඇය මවක්.ඇය තුල ඔබ කිසිදා අත් නොවිඳි තැන්පත් පරිනත බවක් ඔබ දකීවි.ඇය තුල කලින් දුටු දඟකාර කෙල්ල සොයා වෙහෙස නොවන්න.දැන් ඇගේ කාර්‍යය පැටවුන් ‍රැක බලා ගැනීමයි.ඇය තුලින් පෙර සිටි ආකර්ශණීය චරිතය සොයන්නට ගොස් ගැටුම් ඇතිකරගැනීම හෝ කොටු පැනීම හෝ නොවේ ඔබේ යුතුකම.ඇය ඔබව ‍තෝරාගත්තේ පැටවුන් ලොකු මත් වනතුරු ඇයව හා පැටවුන්ව ‍රැකබලා ගැනීමටයි.සැබෑලෙසම මෙය ඔබේ මවටද සොයුරියටද බිරිඳටද මෙන්ම මතු දිනෙක ඔබේ දියනියටද පොදු ධර්මතාවයකි. 
සමාජය තුල පැල පැදියම් කර ඇති ලිංගික ආකල්ප හුදෙක් තම බලය හා ආධිපත්‍ය ලිංගික අවයවය ඔස්සේ පැතිරවීමට බලාසිටින පිරිමින්ට හා රිසිසේ සම්පත් පාරිභෝජනය කල නොහැකි වූ පරාජිත ස්ත්‍රීන් විසින් වපුරවා ඇති බව සැබෑවකි ඒහෙත් දැක්මක් බුද්ධියක් ඇති මිනිසුන් ලෙස බමුනු මතයන් බිඳ දමා මිනිසුන් ලෙස ජීවත් වීමට කාලය පැමිණ තිබේ.



 මොරබ්බා
 



Friday, January 11, 2013

දඩ බල්ලන් වීදි බැසීම සහ ලුම්පන් පන්තියේ ආතල් එක




මැදමුලන IRC කාරයන්ගේ දේශපාලන ආක්‍රමනයේ සුලි කුනාටුව මේ දිනවල වීදි සිසාරා  හමා යනු පෙනේ.පුරුදු පරිදි  මෙහි ගාමක බලවේගය නාගරික ලුම්පන් පන්තියයි  (ලුම්පන් පන්තියේ දේශපාලන භවිතාව පිලිඹඳ සඳහන් කිරීම වෙනමම සංවාදයකි).ඌරන්ගේ මාලු  ඌරන් පිටම තබා කපන රාජපක්ෂවරු පුරුදු පරිදි මෝඩ ජනතාවගේ හදවතේ සියුම්ම තැන් සොය සොයා කිති කවයි.රට ජාතිය ආගම පිලිඹඳව මිනිසුන් තුල වූ අහිංසක හැඟීම් වංචනික ලෙසත් කපටි ලෙසත් කඩේ යවමින් ඔවුන් විසින්ම නඩත්තු කරන බඩගිනිකාරයන් සහ බොතල්පත්තර කාරයන් (මාද්‍යකරුවන්) සුළු සුළු සන්තෝසම් වලට බත් packet  එකට බෝතලයට form කර උසිගන්වා වීදියට මුදා හැර ඇත.පුරුදු පරිදි තවත් සතුරෙකු ද්‍රෝහියෙකු නිර්මාණය කර සතුරාට උඩ පැන පැන පහර දීමට හරක් ‍රැල මෙහෙයවයි.බත් කන හරක් ‍රැල කාලෙකින් ලැබුනු අවස්ථාව යොදාගෙන හොඳ හැටි ආතල් ගනී කිරිබත් කයි රතින්ඥා දල්වයි.හෙට අනිද්දාම එලඹෙන සුභ අනාගතයේදී උන්ට ‍රැකියා ලැබී රට සුඛ්ත මුදිත වී කිරියෙන් පැනියෙන් උතුරයි උන්ගේ ප්‍රධාන සතුරා පරාජය වී ඇත. ඔවුන් පවසන පරිදි මේ රටේ ඇති එකම ප්‍රශ්නය අග විනිසුරුතුමියයි. ප්‍රභා මරා බේරාගත් මේ රටට ඇති එකම බධාව අගවිනිසුරුතුමියයි.උන් බඩගින්නේ සිටින්නේත් හිඟා නොකා හිඟා කන්නේත් උන්ගේ රීරි මාංශය උරා බොන්නේත් දරු පැටවුන්ගේ අනාගතයට කෙලවන්නේත් ගෑනු රට යවන්න වෙන්නේත් අග විනිසුරුතුමිය නිසයි. ඒ හරහා මේ රටේ ඒක ධ්‍රැවීය වන දේශපාලන බල තුලනය තේරුම් ගැනීමට උන්ට නොහැක.කොන්දක් නැතුවා සේම මොලයකුත් නොමැති 2/3 ට අයිතිවන හරක් උන්ගේ වල උන්ම හාරගෙන යන බව නොදැන සැනකෙලි පවත්වයි.

     ජනතාවගේ අරගල සහ උද්ඝෝශන police batten, STF යොදා මර්දනය අවාසි දායකය.පහසුවෙන්ම ලුම්පන් බල්ලන් ලවා දඩයම් කල හැක.මොලේ කලඳක් නොමැති ලුම්පන් දඩ බල්ලන් උන්ගේම පන්තියේ පීඩිතයාව හපා කා හාම්පුතාට තම හපන්කම පෙන්වයි.අවසානයේ ලැබේන මස් කටුවේ තමා ලෙසම දුක් විඳි තම පන්තියේම සහුර්දයාගේ ලේ රස උන්ට හඳුනාගත නොහැක.ලේ කොහොමත් ලුනුරසය.දුර්වල නපුන්සකයන් රාජපක්ෂලා සමඟ යහන්ගතවී කීකරු වී තම පැවැත්ම ආරක්ශා කර ගනී.හිල ලොකු කරගන්න අකමැතිනම් sorry.com ය.ගනිකාවන් පිට රටින් ගෙන්විය යුතු නැත.සියල්ලෝම (2/3ම) ගනිකාවන්ය.සියල්ලෝම සතුටිනි රටත් සතුටිනි.

 මමවත් අධෝමුකය පරිස්සම් කරගත යුතුය.(ඉඳල හිටල හිනාවෙන්න වත් තියෙන්නේ ඔච්චරයි) අධිකරනයේ කන්‍යාවටත් ප්‍රසිද්ධියේම ඇරපු ඒකේ මටත් අරියි කටින් එන්න.

*******************************************************

    රසවත් ලිපියක් ලිවීමට සිතා සිටියද මේ වෙන විගඩම් බල බලා නිහඩව සිටිය නොහැකි නිසා මෙය ඉස්සර විය.භාෂා විලාසය පිලිඹඳව සමාවන්න. මුන්ට මෙම වචනද හොඳ වැඩිය..

 ගොස්සිප්9 ලිපියද බලා සත්‍යය අවබෝධ කර හුරේ දමා විසිල් ගසා නිදාගන්න.

Tuesday, January 8, 2013

ඔබේ කීකරුකම මට අවශ්‍යයි...














ආදරනීය ජනතාවනි,

        ඔබලා දන්නවා ඇති දශක දෙකකට ආසන්න කාලයක් පැවති යුද්ධය මා විසින් නිමා කලා.දැන් ඔබලාට බිය සැක නැතුව ඕනම මොහොතක පාරෙ බැහැල යන්න පුලුවන් බිය සැක නැතුව පාරෙ හිඟාකන්න උනත් පුලුවන් වටපිටාවක් මම ඇතිකලා.ඔබලා පුල පුලා බලාසිටි දියසේන් කුමරා මමයි.ගැලවුම් කරුවා මමයි.පර ජාතික බලවේගවලට බිය නැති ඔබගේ ආරක්ශකයා මමයි.මාගේ දෙපතුල් ලඟ ඔබ සුරක්ශිතයි.මා ලඟ වැඳ වැටෙන්න මගේ දෙපතුල් ලෙවකන්න බඩගිනියි නම් ඉල්ලන්න.
මා ඉතුරු කල මස් ක‍ටුව රසයි නේද? බයවෙන්න එපා මම පොඩ්ඩයි සූප්පු කලේ ඕන නම් කෙල පොඩ්ඩක් ගෑවිලා ඇති.ඕක මොකක්ද මගේ කෙල බිඳුවක් හෝ ගෑවුන මස් ක‍ටුව කෑමට ලැබීමත් ඔබට වාසනාවක්.


ඔබට බුරන්න පුලුවන්ද?
හැබැයි මට ඔන විදිහට.මා සුරකින්න ඔබ සූදානම්ද.මාගේ පැවැත්ම තුල ඔබටද පැවැත්මක් තියෙනවා.බලන්න මගේම ගොලයෝ දෙන්නෙක් මරා ගත්තා.තවදුරටත් මට කීකරු වෙන්න පුලුවන් උනේ දුමින්දට විතරයි.භාරත මාරයට කීකරු උනා.මට කීකරු අයව මම බේරගන්නවා මම ඒ සහතිකය ඔබටලාට දෙනව.මම අකීකරු අයට කැමති නැහැ.

     මර්වින් වගේ කීකරු වෙන්න ඔබටත් පුලුවන් වෙන්න ඔන.ඔබට කොන්දක් අවශ්‍යය නැහැ.
ඔබට හුස්ම ගන්න කොන්දක් ඕනද?
කොන්ද නැති උනා කියලා ඔබලා මිය යන්නේ නැනැ.හැබැයි කොන්ද ඔබට ජීවිතය හෝ ඔබ දරන තනතුර හෝ ඔබගේ පැවැත්ම අහිමි කල හැක.ප්‍රජාතන්ත්‍රවාදය ඔබට අවශ්‍යය නැත.එය මට අවශ්‍යයි.සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු මා කියනා දේ නොවේද? බලන්න මාගේ පක්ශය තුල ප්‍රජතන්ත්‍රවාදය ඇත.
ඔවුන් මා කියනා දේ අසයි මට කීකරුයි උත්තරීතර පර්ලිමේන්තුව ප්‍රජතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තියයි.හරිම කීකරු මිනිසුන් පිරිසක්.එයාලගේ රස්සාවට ඔයලා පඩි ගෙවනව නේද? බලන්න ඒ පඩියට ඔවුන් කොතරම් මහන්සි වෙනවාද?.එය තුල නියෝජනය වන්නේ ජනතා පරමාධිපත්‍යයි. කියන්නේ ඔබගේ සැබෑ කැමැත්තයි.

     දේශප්‍රේමී ජනතාවනි, රාජ්‍යය නිලධාරීනි, වෘත්තිකයිනි, සේබලුනි, තවදුරටත් ඔබගේ කීකරු කම මට අවශ්‍යයයි.අකීකරු අය අමාරුවෙන් මුදාගත් අපගේ මාතෘභුමියට තර්ජනයක්.මට කීකරු වන්න.එය තුල 
ඔබද මමද සමස්ථයක් ලෙස මුලු රටම සුරක්ශිතයි.....
අපගේ මාතෘභුමිය සුරක්ශිතයි.
විදේශික බලවෙගවලට යටත් නොවෙමු.....
ඔබ සැමට සුභ අනාගතයක්...

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති
ශ්‍රී රෝහන ජනරංජන, ත්‍රී සිංහලාධීශ්වර මහින්ද රාජපක්ෂ)

Saturday, January 5, 2013

අපි පොරවල්


    2013 වසර සුභම වෙන්න කියල හිතාගෙන පලවෙනි පොස්ට් එක ලියන්න හිතුනෙ අමුතුම තැනකින්.


  ආගම සහ ආධ්‍යාත්මය බර සාර වචන දෙකක්.......


       ලඟදි යාලුවෙක් හරි අපූරු කතාවක් කිව්වා.. ඔහු කිව්වේ
"බටහිර රටවලින් නව අදහස් සංකල්ප නිර්මාණ සහ දැනුම බිහිවීමට හේතුව නම් ඔවුන් අනන්තය තෙරුම් ගැනීමට උත්සහ කිරීමයි දෙවියන් වහංසේ තුලින් විශ්වීයත්වයත්වයට ලං වීමට ඔවුන් දරන උත්සහයේදී නව අදහස්, සංකල්ප, නිර්මාණ සහ දැනුම බිහිවන බවත් ලංකාවේ මිනිසුන් පහන් පත්තුකර, පූජාවට්ටි තබා, මහ හඬින් සාධුකාර දී ලාබෙට නිවන් යාමට බලා සිටින බැවින් ඔවුන් එකතැන පල් වන බවත්ය".

     මෙය සැබෑම සත්්‍යයකි. සැබැවින්ම මිනිසාගේ සිතීමේ පරාසය මත නව සංකල්ප නිර්මාණ සහ දැනුම බිහිවේ.පැහැදිලිවම ප‍ටු මනසකින් යුතු ලබ්ධිකයන් මේරට ඔනෑ තරම් දැකගත හැකිය.උන්ගේ ලෝකය එයම පමණි. තමා පොරක් වීමට, ICON එකක් වීමට කුමන හෝ කණ්ඩායමක් තුලට තමාව ඇතුලත් කර ගැනීමට අප තරම් පොරකන පිරිසක් තවත් නැත.
 ධනවාදීන්, සමාජවාදීන්, භෞතිකවාදීන්, විඥාන වාදීන්, සුචරිතවාදීන්, සමලිංගිකයන්, ‍රැඩිකල් පොරවල්, කවි කාරයින් ,කලාකරුවන්, වියතුන්, පරිසරවේදීන්, පෘථක්ජනයන්, හෙලයන් ,හේතුවාදීන්, ආධ්‍යාත්මවේදීන් ආදීන් අතරේ මිනිසුන් තමා නැත්තේ.

    කෙසේ හෝ ආසම Title එක හිමිකර ගැනීමෙන් පසු එයම හිමි අනෙක් තරඟකරුවන් දෙස මහත් ඊර්ශ්‍යාවෙන් අවඥාවෙන් වෛරයෙන් බලමින් එකිනේකා කපාදමමින් ගෝත්‍රික ‍රැහේ පොර වීමට දිවා රෑ දත කයි. පූජකයින් අතර ආගම් කියා ගැනීමටද මාක්ස් වාදීන් අතර හොඳම මාක්ස් පොර වීමටද අන්ඩපාලුවන් අතර හොඳම අන්ඩපාලුවා වීමටද පවතින්නේ එකම ආකාරයේ තරඟයකි. කිසිවක් කරගැනීමට නොහැකියැයි සිතනා හුදී ජනයා මෙම පොරවල් සරණ යයි. ඔවුන් බැතිමතුන්ය.තමාවටා හොඳ බැතිමත් පිරිසක් හදා ගැනීම මේ සෑම පොරකගේම අරමුණයි.

     පසුගිය අවුරුද්දේ ආසනික් ප්‍රශ්නේ ගැන මතු වුන සංවාදේකදි එප්පාවල හාමුදුරුවො කෙනෙක් කිව්
වා
" මේ රටේ මිනිස්සුන්ට කථා කරලා ඇත්ත තේරුම් කරල දෙන්න බැහැ. ඔවුන් පිලිගන්නේ ඔවුන් සරන ගිය දෙශපාලකයව විතරයි. ඔවුන් සැබෑවටම දේශපාලන බැතිමතුන් " කියලා.



      දේශපාලන බැතිමතුන් කියන්නේ හරි අපූරු යෙදුමක්.
 මාක්ස් සරන ගිය උන්ට මාක්ස්මය. ආගම සරණ හිය උන්ට ආගමමය .මහිංද සරන ගිය උන්ට මහිංදමය.කැපුවත් කොළය නිල්ය රතුය.

       පුලුල් පරාසයක සිය දැක්ම මෙහෙයවන්නා සමාජයට වටිනා දෙයක් දායාද කරයි.
සියලුම ආකාරයේ කො‍ටු වීම් මුලා වීම් ඇදහීම්වලින් පරිභාහිරව හදවතට එකඟව දකින්න කථාකරන්න පුලුවන් නම් අපිට මීට වඩාදෙයක් මේ ලෝකෙට දීලා යන්න පුලුවන් වෙයි.

 මේ බ්ලොගය ලියන එකේ අරමුනත් ඒකයි.


Saturday, December 29, 2012

ගැහැනිය, පිරිමියා සහ ලිංගික ප්‍රචන්ඩත්වය


       බස් රථයක් තුල සය දෙනෙකු විසින් කෲර ලෙස දූෂනය කරන ලද ඉන්දියානු තරුණියගේ මරණය ඉතා සංවේගජනකය.දින 13 ක් පුරා මරණය සමග සටන් වැදුනු ඇය අවසන තම ජීවිතය හැර දා ගියේ ප්‍රශ්නාර්ත කිහිපයක්ම ඉතිරි කර තබමිනි.

        ලිංගිකත්වය හා ප්‍රචන්ඩත්වය කවදා සිට එකට බැඳුනේ දැයි සොයා බැලීම වටී.සැබැවින්ම පිරිමින් ගැහැනුන් මතින් සිය බලය පැතිරවීමට ලිංගිකත්වය යොදා ගනු ලැබුවේ ගල් යුගයේ සිටමය. ස්වභාවිකවම නිශ්පාදන ක්‍රියවලියට හවුල් වීමට නොහැකිවූ ගැහැනුන් තම දරුවන් ‍රැක ගැනීම වෙනුවෙන් පිරිමියාට අවනතව සිටීම තොරාගන්නා ලදී. වර්තමානයෙදීද ගැහැනුන් ආර්ථීකව ස්වාධීන වීම වැලැක්වීමට පිරිමි සමාජය නිරතුරුව දත කන්නෙ එබැවිනි. "බැන්දාට පස්සෙ ඔයා රස්සාවක් කරන්න එපා ලමයි ටික බලාගෙන ගෙදරට වෙලා ඉන්න....බැරි මරගාතෙ හරි මම කන්න හොයාගෙන එන්නම්...." යැයිබොහෝ පිරිමින් පවසන්නෙ එබැවිනි.
   
        ඇය ආර්ථිකව සවාධීන වීම තුල පිරිමියාට තව දුරටත් ඇයව පාලනය කිරීමට නොහැකි වේ යැයි ඔහුට බියක් ඇතිවේ. එසේම නිදියහන තුලදීද එසේමය. පිරිමින් විසිනි කියාදුන් නිශ්චිත ක්‍රියා පටිපාටියකට අනුව ඇය හැසිරිය යුතුය.ඇයගේ නිදහස් සිතිවිලි සඳහා ඇයට ඉඩක් නොමැත.ගැහැනුන්ද ඔවුන් එසේ හැසිරිය යුතුය කියා සිතා සිටී.කොටින්ම සංසර්ගයේදී  ඇය කෙඳිරි ගෑම අපහසුවෙන් මෙන් සිටීම වේදනාවට පත්වීම පිරිමියා බලපොරොත්තු වේ. එය ඔහුට දෙන ත්්‍යාගයකි. ඇගේ වේදනාව ඔහුට සතුටකි. තමා විසිනි ඇය මත බලය පවත්වා ජය ලැබූ බව සිතා ඔහු සතුටට පත් වේ. නමුත් සැබැවින්ම සිදු වනුයේ විනාඩි ගනනාවක් බොරුවට කෙඳිරි ගෑම පිරිමියාගේ ධාතු පිටවීමත් සමග නිමා කිරීමට සිදුවීමයි.තම ජීවිත කාලය තුල සුරාන්තය යනු කුමක්දැයි පවා හඳුනා නොගෙන මියගිය ගැහැනුන් ගනන අපමනය. අඩුම තරමේ තමන්ට එවන් අත්දැකීමක් ලැබිය හැකිද යන්න පවා බොහොවිට ඇය නොදනී..

      ගැහැනුන් සතු‍ටු කල හැක්කේ සංසර්ගය තුලින්ම පමනක් යැයි සිතා සිටින පිරිමින් එසේ කල නොහැකි තැන තමගේ මුග්ධ වියරුව ඇය මත මුදා හරී.මෙම ඉරනමට මුහුනදුන් වෛද්‍ය සිසුවියගේ යෝණිමාර්ගය තුලට බසයේ තිබූ Lහැඩැති යකඩ මෙවලමක් ඇතුලු කරන්නේ ද ලංකාවේ ප්‍රසිද්ධ නලුවෙකු විසින් දූෂනය කර මරා දැමූ තරුණියගේ ලිංගේන්ද්‍රිය තුලට බෝතලයක් ඇතුලු කර පයින් ගසන්නේද රිදෙන්න දුන්නා නම් වැඩේ හරි කියා සිතා සිටින අතෘප්තිකර අසහනකාරී පිරිමියාගේ පරාජිත බවේ කූටප්‍රාප්තියයි.

සැබැවින්ම ගැහැනිය යනු පිරිමියාට ලොව ඇති සුමිහිරිම වින්දනය ලබා දිය හැකි වස්තුවයි.නිසිපරිදි සුසර කොට වාදනය කල යුතු සංගීත භාන්ඩයක් වැනි වූ ඇය වෙතද එම ආශ්වාදය ලබාදිය හැක්කේ පිරිමියෙකුටම පමණි. ඇය පීඩනයට පත් කොට තලාපෙලා යටපත්කොට කුස්සියේ මුල්ලටම තල්ලු කිරීමෙන් ලද හැකි ජයග්‍රහනයකට වඩා ඇයට සමාජය තුල සහ ජීවිතය තුල ඉස්මතුවීමට ඉඩදීමෙන් සහ ලිංගික වස්තුවක් ලෙස label නොකිරීමෙන් ලෝකය වඩාත් සුන්දර තැනක් බවට පත්කල හැකි වන්නේය.
ලිංගික කුහකයන්
ලිංගික හිඟන්නන්
ලිංගික නරුමයන් සහ
ලිංගික පේරේතයන්ගෙන් තොර හෙටක් උදා වේවා...


Wednesday, December 12, 2012

අපි ඔ‍ටුවොද...?

     නීතිය, අධිකරනය, පාර්ලිමෙන්තුව වනාහී බලවතුන් සුළුතරයකගේ අවශ්්‍යයතාවයට අනුව බහුතරය පාලනය කිරීමට හදාගත් පද්ධතියක් ක්‍රමවේදයක් පමණි. අවසානයේ බලවතුන්ගේ ධනය සමග යහන්ගත වී සියල්ලෝම සුරාන්තයට පත්වීමට පෙරුම් පුරයි. මෝඩ නූගත් අදක්ෂ සහ හැඟීම්බර මිනිසුන් සිටිනා තාක් කල් ඔවුන්ට පාලනය ගෙන යාමට පහසුය. රට, ජාතිය, ආගම, ජාතික කොඩි, ගීත, සංඛේත වලට මුලා වූ මිනිසුන් තම අධ්්‍යාත්මය ඒ තුල ගොඩ නගා ගනී. අවසානයේ ඔවුනට ඉතිරි වනුයේ එම කල්පිත සංකල්ප පමනි. ක්‍රමය විසින් ගොඩනගාදුන් සංකල්ප මහාගොඩක් දෑතිම බදාගෙන පරාජිත හිස් හැඟීම් හදවතේ පුරෝගෙන කඳුළු පිරි දෙනෙතින් සුභවාදී හෙටක් ගැන දෑස් දල්වා බලා සිටිති. 
     මේ පීඩාකාරී අසාධාරන ක්‍රමය නඩත්තු වන්නේ ඔවුන්ගේ කර මතින් බව ඔවුන් කිසිදා නොදනී.ඔවුන් රවටා ඇති බව ඔවුන් නොදනී.ඔවුන් දූෂනය වී ඇති බව ඔවුන්ම නොදනී. ඔනෑම මොහොතකදී තමන් අදහන වන්දනා කරන දේශපාලන බලවේගයට කොන්දේසි විරහිතව කඩේ යාමට ඔවුන් සැදී පැහැදී සිටී. දෙපිල බෙදී තම පන්තියේම සහුර්ද්යා සමග මරාගෙන හෝ ක්‍රමය නඩත්තු කිරීමට බැඳී සිටී. 
    සියළු ජාතික ආගමික දේශපාලනික සංකල්ප කරේ තබාගෙන වන්දනාවේ යන සියලු බැතිමතුන්ට මෙය සාධාරනය. අවසානයේ සියල්ලෝම සුරාන්තයට පත්විය හැකි කෙටි ක්‍රම සොයාගොස් තමන් සමග පෙරහැරේගිය සහුර්දයන් අමතක කර දමති.බහුතර බූරුවන් නැවත පෙරහැරේ යාමට, කඩේ යාමට, පෙලපාලි යාමට, කිරිබත් කෑමට එවන් උත්සවයක් එනතුරු බලා සිටී..

 මෑත කාලයේ රඟදැක්වුන
     මහින්ද-JVP
     මහින්ද-හෙල උරුම
     මහින්ද-ප්‍රභා
     JVP- විමල් 
     මහින්ද-KP
     මහින්ද-රනිල්
     මහින්ද-සරත් 
     සරත්-සරත් 
     සරත්-අර්ජුන 
     රනිල්-සජිත් 
     සජිත්-කරු 
     JVP-පෙර‍ටුගාමී 
     දුමින්ද-හිරුනිකා 
     6% අරගලය 
     ක‍ටුගෙදර කන්ගැට්ටා 
     සපුමල්ගේ කඩුව 
     වැලිකඩ මලකඩ(තව තියෙනවනම් කියන්න)
 ආදීය වෙනස් වෙනස් නාට්්‍යය නොව එකම මෙගා නාට්ය්‍යක episodes පමණි. ඒහි නවතම Episode එක

මහින්ද -ශිරාණි ය.
      අගවිනිසුරු තුමියනි ඔබ ධූරයේ ‍රැඳී සිටීම තීරනය කරනුයේ ඔබ සිදුකල වැරදි දුෂණ හෝ ඔබ සිදුකල යහපත් ක්‍රියා නොව රාජපක්ෂලාට ඔබ කොතරම් වැදගත්ද අවශ්්‍යයද යන්න මතයි. ඔබට කඩෙ යන අය ගැන දුක් නොවන්න ඔවුනට සතු‍ටු වීමට මෙවන් උත්සවයක් යලි ඒවි.ඔබට පහර ගසන්නන් නැවත ඔබ සමග ප්‍රිය සම්භාෂන පවත්වාවි. ක්‍රමය සමග සතු‍ටු වන්න ඔබ ඉගෙන ගනීවි. නැතහොත් ක්‍රමය වෙනස් කරන්න ගොස් අප මෙන් කුනු බක්කියට වැටේවි.

 
මේ මහින්දගේ යුගයයි මේ ඔහුගේ නාට්්‍යයයි.......     
    බහුතරය නිවටයන් සහ නපුන්සකයන් වු රටක ප්‍රජතන්ත්‍රවාදය තරම් භයානක දෙයක් තවත් නොමැත. සියල්ල උඩු යටිකුරු වෙද්දී අයුක්තිය අසාධාරනය රජ කරද්දී හෘද සාක්ශිය කෑගසා හඩද්දී මන්දබුද්දිකයන් සේ හැසිරීමට මෙ රටෙ තරම් සමතුන් ලොව කොහෙවත් නොමැත. බහුතරය ඔහේ බලා සිටිති අපිදු ඔහේ බලා සිටින්නෙමු. අන් අයට වන අසාධාරනයේදී ගොලුවන් බිහිරන් සේ හැසිරීමට පුරුදු වී ඇති අප නුදුරු දිනෙකදී එම අයුක්තියේම ගොදුරු වනවා නිසැකය.

 එතෙක් අපි අපිටම ජය පතා ගමු..... අපට දැන් අවශ්යය අන් කිසිවක් නොව සුනාමියකි..... සියල්ල සෝදා පිරිසිදුකල හැකි සුනාමියකි.........

Tuesday, December 11, 2012

පොඩ්ඩක් ඇවිදල බලමු.. වෙන කරන්න දෙයක් නැති නිසා....

page එක පටන් ගත්ත දවසෙම මරු සින්දුවක් දැක්කා... හොදද බලන්න...











ඇස් දෙක වහගෙන හදවතින් දකිමු බුද්ධියෙන් විමසමු...

මිනිස් සිතිවිලි පුදුමාකාරය...හෑසිරීම් පුදුමාකාරය...ක්‍රියාකරකම් පුදුමාකාරය...හොද හො නරක ලෙස වර්ග කිරීමට වඩා එවා තුල ගෑබ්ව තිබෙන අපූරු සුන්දරත්වය අත්විදීම සියල්ලටම වඩා පුදුමාකාරය... අපි විදිමු...... හදවතින් ම අත් විදිමු..... විනිවිද දකිමු........ඇස් දෙක වහගෙන හදවතින් දකිමු බුද්ධියෙන් විමසමු...
Related Posts Plugin for WordPress, Blogger...