Thursday, August 29, 2013

සියවසේ කථාව


           1940 දී රූගත කළ "The Great Dictator" නම් ප්‍රහසනාත්මක නාට්‍යය නරඹා තිබෙනවාද? එතෙක් වේදිකාවේ නිහඩ චරිතයක් වූ චාලි චැප්ලින් නම් අසහාය රංගධරයා නිර්මාණවේදියා ප්‍රථම වරට වේදිකාව තුල තම හඬ අවධිකලේ මෙම "The Great Dictator" නම් නාට්‍යයෙන්.මෙහි තිර රචනය අධ්‍යක්ෂනය නිශ්පාදනය ඔහු සතුයි.එම වකවානුවේ අමෙරිකා එක්සත් ජනපදය මතුපිටින් ජර්මනිය සමග සාමයෙන් කටයුතු කල යුගයක්.හිට්ලර් මුසොලිනී වගේ අන්තවාදී ඒකාධිපතියන් ඉතා තදින් විවෙචනය කර නිර්මාණය කරන ලද මෙම නාටකයේ එන කථාව ලොවපුරා තවමත් ඇස් පනාපිට පවතින්නක්.
වේදිකාවේ නිහඬවම සිටි මේ මිනිසා හඬ අවදිකල පලමු නිර්මාණයෙන්ම දුන් පනිවිඩය කොතරම් ප්‍රභලද? මේ යුගයෙදීත් එය කොතරම් වලංගුද? පහතින් එම හඬ අසන්න ඔබට කුමක් හෝ දැනේවි.මෙය මේ සියවසේ හොඳම කතාව බව අවිවාදිතයි.නිසකවම මේ පනිවිඩය ඔබට දැනේවි.


ඒ කරලා ආයේ "හාමුදුරුවනේ මම එකාධිපතියෙක්ද?" කියල අහන්න එපා ඔං...

(පහතින් මා විසින් එය සිංහලට පරිවර්තනය කලා සියයට සියයක් එලෙසම නොවුවත් අපේ උරුවට ගැලපෙන වෙනස්කම් සහිතව.)









          I’m sorry, but I don’t want to be an emperor. That’s not my business. I don’t want to rule or conquer anyone. I should like to help everyone - if possible - Jew, Gentile - black man - white. We all want to help one another. Human beings are like that. We want to live by each other’s happiness - not by each other’s misery. We don’t want to hate and despise one another. In this world there is room for everyone. And the good earth is rich and can provide for everyone. The way of life can be free and beautiful, but we have lost the way.

          Greed has poisoned men’s souls, has barricaded the world with hate, has goose-stepped us into misery and bloodshed. We have developed speed, but we have shut ourselves in. Machinery that gives abundance has left us in want. Our knowledge has made us cynical. Our cleverness, hard and unkind. We think too much and feel too little. More than machinery we need humanity. More than cleverness we need kindness and gentleness. Without these qualities, life will be violent and all will be lost....

          The aeroplane and the radio have brought us closer together. The very nature of these inventions cries out for the goodness in men - cries out for universal brotherhood - for the unity of us all. Even now my voice is reaching millions throughout the world - millions of despairing men, women, and little children - victims of a system that makes men torture and imprison innocent people. To those who can hear me, I say - do not despair. The misery that is now upon us is but the passing of greed - the bitterness of men who fear the way of human progress. The hate of men will pass, and dictators die, and the power they took from the people will return to the people. And so long as men die, liberty will never perish. .....


          Soldiers! don’t give yourselves to brutes - men who despise you - enslave you - who regiment your lives - tell you what to do - what to think and what to feel! Who drill you - diet you - treat you like cattle, use you as cannon fodder. Don’t give yourselves to these unnatural men - machine men with machine minds and machine hearts! You are not machines! You are not cattle! You are men! You have the love of humanity in your hearts! You don’t hate! Only the unloved hate - the unloved and the unnatural! Soldiers! Don’t fight for slavery! Fight for liberty!



         In the 17th Chapter of St Luke it is written: “the Kingdom of God is within man” - not one man nor a group of men, but in all men! In you! You, the people have the power - the power to create machines. The power to create happiness! You, the people, have the power to make this life free and beautiful, to make this life a wonderful adventure. Then - in the name of democracy - let us use that power - let us all unite. Let us fight for a new world - a decent world that will give men a chance to work - that will give youth a future and old age a security. By the promise of these things, brutes have risen to power. But they lie! They do not fulfill that promise. They never will! Dictators free themselves but they enslave the people! Now let us fight to fulfill that promise!


          Let us fight to free the world - to do away with national barriers - to do away with greed, with hate and intolerance. Let us fight for a world of reason, a world where science and progress will lead to all men’s happiness. Soldiers! in the name of democracy, let us all unite!



           කණගාටුයි මිත්‍රවරුනි. මා හට අධිරාජ්‍යයෙකු වීමට උවමනා නැත.එය මා හට අදාල වූවක් නොවේ. මා හට කිසිවෙකු පාලනය කිරීමට හෝ යටපත් කොට පා ගාගෙන සිටීමට උවමනා නැත.හැකි සෑම විටම භේදයකින් තොරව ඔබ සියල්ලන් හට උදව් කිරීමයි මාගේ කාර්ය්‍යය. කළු සුදු ආගමික අන්‍යාගමික ස්වජාතික අන්‍යජාතික භේදයකින් තොරව එකිනෙකා හා සහජීවනයෙන් යුතුව එකම මනුෂ්‍ය ජාතියක් ලෙස ජීවත් වීමයි අප කළ යුත්තේ. අප එකිනෙකාගේ සතුට උදෙසා මිස අනෙකාගේ දුක්ඛිත විනාශයන් මතින් ජීවත් වීමට සිතිය යුතු නොවේ.අප එකිනෙකා කෙරෙහි ද්වේශයෙන් හා ගර්හාවෙන් යුතුව සැලකීම නොවේ කළ යුත්තේ.මේ සුන්දර මිහිතලය අප සියල්ලන්ටම රිසි සේ භුක්ති විඳිය හැකි තරම් සම්පත් වලින් අනූනය.ඇය සියල්ලන්ටම එක සේ පෝෂනය හා ‍රැකවරණය සදන්නීය. අපගේ ජීවිත වඩා නිදහස් හා සුන්දර කළ හැකි එම මාවත අප විසින් අවුරා ගෙන ඇත.

             අසීමිත තණ්හාව හා ගිජුකම මිනිසාගේ ආත්මය වනසා වෛරයේ සිරකුටි තුල ගාල් කොට ඇත. මිලිටරි ආධිපත්‍යය ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ ලේ වැගිරුන පියවර සන්දර්ශනාත්මකව (තාරා වකු සේ) තබමින් අප කරා එලඹ ඇත.අප වේගය (කාර්යක්ෂමතාව)පසුපස දිවගොස් අපවම එය තුල ගාල්කර සිරකරගෙන ඇත.මෙම කාර්මික යුගයේ මහාපරිමාන යන්ත්‍ර සුත්‍ර මගින් බහුල ලෙස නිශ්පාදන කලත් තවදුරටත් අසීමිත අවශ්‍යතාවයන් තුල අප අතහැර දමා ගොස් ඇත.අපගේ දැනුම විසින්ම අප කුසීතයන් අලසයන් බවට පත් කර ඇත.අපගේ දක්ශතාවයන් විසින් අප කුරිරු හීත්පිත් නැතියවුන් බවට පත් කර ඇත. හැඟීම් විරහිතව මහමෙරක් තරම් සිතන්නෙමු. එහෙත් අප හදවතින් නොදකින්නේය. දක්ශතාවයන්ටත් වඩා සැබැවින්ම වටින්නේ දයාවයි සංවේදීබවයි ත්‍යාගශීලීත්වයයි.අන් කවර දාකටත් වඩා මේ යුගයේ අපට උවමනා මෙයයි.


          සන්නිවේදන හා ප්‍රවාහන මාධ්‍ය අන් කවරදාකටත් වඩා මිනිසුන් එකිනෙකා වෙත බැඳ තබා ඇත. මිනිසුන් එකිනෙකාවෙත වඩ වඩා ලං කර ඇත. සැබැවින්ම මෙවා මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සහෝදරත්වය හා සංහිඳියාව වෙනුවෙන් විය යුතුය.සමගියේ සහෝදරත්වයේ දයාවේ හඬ බවට පත්විය යුතුය.මේ මොහොතේ පවා මගේ හඬ මිලියන ගනනක් වු මිනිසුන් ගැහැනුන් ළමයින් වෙත ලඟාවනවා ඇත.ක්‍රමය විසින් පීඩාවට පත් කර තලාපෙලා වධ කඳවුරු තුලට ගාල්කර සිටින බලාපොරොත්තු විරහිත මිනිසුන් වෙත සැනසීමක් ගෙන දෙනවා ඇත. මේ මොහොතේ මාහට අහුම්කන් දෙන මිනිසුනි කිසිදා අධෛර්යට පත් වන්න එපා බලාපොරොත්තු නැතිකරගන්න එපා.අප වෙලාගෙන පවතින මේ කනගාටුදායක මොහොත කැදර කමේ කූටප්‍රාප්තියයි. එහි අවසානයයි.අවසන් මොහොතේ රංගනයයි.ඔවුන්ගේ කලකිරීමට හේතුව ඔවුන්ගේ බියට හේතුව මිනිසුන්ගේ පිබිදීමයි.මේ යුගය ඉක්මනින් නිමා වනවා ඇත.ඒකාධිපතියන් විනාශ වනවා ඇත.මිනිසුන්ගෙන් උදුරාගත් බලය ඔවුනට අහිමි කල නිදහස යලිත් ඔවුන් අතට ලැබෙනවා ඇත.මිනිසුන් එකා පිට එකා මියදුනත් විමුක්තිය කිසිදා මිය යන්නේ නැත.


          සෙබලුනි කිසිදා මේ කුරිරු නායකයන්ට අවනත වන්න එපා.ඔබට අවමන් කොට පාගා දමා වහලුන්සේ කඳවුරු තුලට ගාල්කර ඔබට අන දෙන දඩ බල්ලන්සේ ඔබව පුරුදු පුහුනු කරන බැටළුවන් සේ ඔබව දක්කන යාන්ත්‍රික හදවත් ඇති යාන්ත්‍රික මනසක් ඇති විකෘති මනසක් ඇති හිත්පිත් නැති ලෙස ඔබේ ජීවිත උන්ඩයට බිලිදෙන බෝම්බ වලට කාලතුවක්කු වලට ඔබ බිලි දෙන මේ හිත්පිත් නැති අමනයන්ට අවනත වන්න එපා. ඔබට සිතිය යුත්තේ කෙසේද කළ යුත්තේ මොනවාද ආදී ලෙස ඔබව දක්කන මේ දුශ්ට පාපතරයන්ට අවනත වන්න එපා.ඔබ යන්ත්‍රයක් නොවේ ඔබ බටළුවෙක් නොවේ ඔබ මනුෂ්‍යයයෙක් ඔබට හදවතේ මිනිස් හඟීම් තිබෙනවා සංවේදනයන් තිබෙනවා. ඔබගේ හදවතේ ආදරය මානවදයාව තිබෙනවා.ඔබ වෛර කරන්නෙකු නොවේ.කිසිදා ආදරය නොලද ආදරය නොවිඳි විකෘති මිනිසුන් පමණි කුරිරු වෛරීසහගත වන්නේ.ඔබ අනෙකා යටත්කොට තලාපෙලා පාගාදමන්නට සටන් කරන්න එපා. අනෙකාගේ විමුක්තිය වෙනුවෙන් සටන් කරනු.


          ශුද්ධ වූ බයිබලයේ ශාන්ත ලූක්තුමා ගේ අනුශාසනයේ 17 වන පරිච්චේදයේ සඳහන්ව තිබෙනවා "ස්වර්ග රාජ්‍යය සැබැවින්ම පවතිනුයේ මිනිසා තුලයි." කියා.සබැවින්ම එහි සඳහන් වනුයේ එක් මිනිසෙක් හෝ මිනිසුන් සමූහයක් හෝ නොවේ සෑම මිනිසෙකු තුලම යන්නය.ඔබටද එය ඒසේමයි.බලය හැකියාව සැබැවින්ම ඇත්තේ ඔබ තුලයි.මහා නිමැවුම් කිරීමේ හැකියාව ඇත්තේද ඔබ තුලය එසේම ඔබගේ ජීවිතයේ සතුට නිදහස නිර්මාණය කිරීමේ ද වඩා සුන්දර කිරීමේ හැකියාවද ඔබ සතුයි.ඔබ ලැබූ මේ ජීවිතය වඩා සුන්දර චාරිකාවක් ලෙස නිමාකිරීමේ හැකියාවද ඇත්තේ නුඹලා තුලයි. මිනිසුනේ නුඹලා සතු බලය වටහාගනිව්.ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අප සතු බලය යොදවමු.අප සියලු දෙනා එක්සත්ව එක්සිත්ව නැගී සිටිමු.වඩා සාධාරන නව ලොවක් වෙනුවෙන් නැගීසිටිමු.මිනිසුන්ට නිදහසේ වැඩකරන්නට ඉඩ දෙන තරුණයිනට අනාගතයකුත් වැඩිහිටියනට ‍රැකවරණයකුත් ලැබෙන වඩා සාධාරන ලොවක් වෙනුවෙන් එක්ව නැගී සිටිමු.


          මෙලෙසම පොරොන්දු දී තමා මේ අමනයින් බලයට ආවෙත්. නමුත් ඔවුන් අප රවටා තිබෙනවා.ඔවුන් කිසිදා එය ඉටු කලේ නැහැ කිසිදා කරන්නේද නැහැ. එය පැහැදිලියි. මිනීමරු ආඥාදායකයින් සියල්ල නිදහසේ භුක්ති විඳිනගමන් මහජනයා වහල්බවට පමුනවා තිබෙනවා.සියල්ල සූරාකමින් අයුක්තිය රජ කරවමින් යන මේ ගමනට එරෙහිව වඩා සාධාරන ලොවක් ගොඩනගන්නට අප වූ පොරොන්දුව යථාර්තයක් කරන්නට එක්ව නැගී සිටිමු. ජාතික ආගමික වාර්ගික බැමි බිඳහෙලා අසහනය වෛරය පලිගැනීම දුරලා වඩා සාධාරන ලොවක් වෙනුවෙන් නැගී සිටිමු. 
දැනුම හා සාර්ථකත්වයන් මිනිස්වර්ගයාගේම යහපත හා සතුට වෙනුවෙන් යෙදවෙන වඩා සාධාරන නව ලොවක් වෙනුවෙන් සටන් කරමු. සෙබළුනි ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යුක්තියේ සධාරනත්වයේ නාමයෙන් එක්ව සටන් වදිව්. 






ප.ලි .

*The Great Dictator සම්පුර්ණ නාටකය බලන්න කැමති උදවිය මෙතනින් ගිහින් බලන්න.
**මේකත් එක්කම අතුරුපසක් වගේ රසවිඳින්න පුළුවන් ගීතයක් තිබෙනවා බීට්ලස් සංගීත කණ්ඩායමේ ජෝන් ලෙනන් ගයනා කරන ඉමැජින් කියන ගීතය (මෙතනින් බලන්න)මේක ඇත්තටම මමත් ගොඩක් ආදරය කරන මගෙත් සිහිනයක්. සමහරුන් මෙය අසා තිබෙනවත් ඇති. මුළින් ආපු අයට මගහැරුනට කණගාටුයි. මේකත් එක්ක ලිපිය සම්පුර්ණයි ඔං...







Sunday, August 4, 2013

රතු පසේ ලේ නැතේ....

















රතු ලේ ගලා ලා
රතු පසේ තැවරිලා
පසත් රතු හින්දා
කා හටත් නොපෙනිලා.......

මූසල නිහඬ බව
වේදනයි මේ හිතට
කිසිත් සිදු නොවූ ලෙස
ඉඳින්නේ කෝම........

තිරිසනුන් රජ කරන
පාදඩ රාජ්ජේ 
අගරජු පියානේ 
ලේ බියන් මාගේ........





when exposing a crime is treated as committing a crime,
you are ruled by criminals -Anonymous

Monday, July 8, 2013

නමය මාගේ ඝාතකයා

          සියදිවි නසාගැනීම් බොහොවිට අප අත්දැක තිබෙනවා.මෙවන් ඛේදනීය සිදුවීම් පසුපස බොහෝවිට දුක්බර කතාවක් හැංගිලා තියෙනවා කියල තමා අපට ඇහෙන්නේ.අර සුවර්ණ වර්ණ නාලිකාවේ පෙන්වන්නේ රස කර කර.නමුත් බොහෝමයක් කතාවල ඇත්තටම තියෙන්නේ තමන් වටේ පවතින සමාජය හෝ ගතකරන සමාජ ජීවිතය විසින් මරණ දඩුවමට ලක් කරපු මිනිසුන්.ගොඩක් අය හිතන් ඉන්නේ තම ගතකරන සමාජ ජීවිතය තමන්ගේ ඇත්ත ජීවිතය කියල.නමුත් බහුතරයකගේ සැබෑ ජීවිතය හා සමාජ ජීවිතය දෙකක්.ගොඩක් වෙලාවට බිව්වමත් එලියට එන්නේ ඇතුලේ හංගගෙන හිටපු ඇත්ත සතා තමා.
මිනිසා අඩක් සතෙකි අඩක් දෙවියෙකි  කියල තියෙන්නේ විටෙක සමාජ සම්මත සාධු චරිත හා එවා අතුලේ හංගගෙන ඉන්න වනචාරී චරිත අතර ගැ‍ටුම තමා.ඉපදුන ගමන් දාහක් සංකල්ප ඔලුගෙඩි තුලට ඔබ්බල ඔබ්බල පාසල් වලට යවන ලමයින් ඊට පස්සෙත් විශ්ව විද්‍යාල දක්වාම කොරන්නේ ඔලු ගෙඩි අතුලේ ඒක දරාගෙන ඉන්න එකාගේ සමාජ චරිතේ programme කරන එක තමා.නමුත් ගොඩක් වෙලාවට සමාජ චරිතේ හා සැබෑ චරිතේ අතර මේ ගැ‍ටුමට මුහුන දෙන්න 
සිද්ධවෙන එක තමා කුනා‍ටුවේ ඇරඹුම.ඔය ගැ‍ටුමට මූන දි දී ඉන්න අතරෙම ඕක මහ වදයක් පීඩනයක් වෙන තැනකට පත් වෙනවා අන්න එතකොට තමා සියදිවි නසාගන්න මනුස්සයා පෙලඹෙන්නේ.

        මේ කතාව මට මතක් උනේ මීට වසර 2 කට පමන පෙර දුම්රියට පැනල ජීවිතේ නැතිකරගත්ත සහෝදර ශිෂ්‍යයෙකු ගේ මතකයක් නිසා.ඔහු ඇත්තටම බොහෝ විභාග ඉහලින් සමත්
වුන ශිෂ්‍යයෙක්.නමුත් කල් යත්ම ඔහුගේ මේ දක්ශතාවය සමහර කණ්ඩායම් තමන්ගේ වාසියට යොදාගන්නවා.ඔහු ICON එකක් character එකක් කරගන්නවා.ඒ character  එක අතුලේ වාසි ගන්න ගොඩක් වෙළෙන්දෝ තැරව්කරුවෝ එකතුවුනා. අන්තිමට ඔහුත් තමන් වටේ හදපු චරිතය නඩත්තු කරන්න පටන් ගත්තා.අවසන් ප්‍රතිඵලයවුනේ තමන්ගෙම චරිතේ ඇතුලේ අතරමන් වුන ඔහු දුම්රිය එන දිහා බලාගෙනම පීල්ලට බෙල්ල තියාගෙන ඉන්නඑක.ඒ විදිහට මනුස්සයෙක්ට අත් වෙන්න පුලුවන් කුරිරුතම මරණයක් උරුම කරගන්නවා.පසුව හෙළිවුන විදිහට ඔහු සමහර විශයයන්හි විභාග වලින් අසමත්.සැබැවින්ම සමහර විශයයන් අසමත් වී නැවත විභාගයට මුහුන දෙන එක ( subject repeat වීම)කාටත් උරුම දෙයක්.සියලු විභාග එකවර සමත් වූ සිසුන් බොහෝ අල්පයී.නමුත් ඊලග වාරයේ විභාගයට මුහුනදී සමත් වීම වෙනුවට ඔහු මරණය ‍තෝරා ගන්නවා.සැබැවින්ම ඔහු විසින් නඩත්තු කල සමාජ චරිතය ඔහුව මරාදමනවා.ඇත්තටම එය මිනිමැරුමක්.වඩාත්ම හිනායන කතාව තමා ඔහුගේ ප්‍රතිරූපය පෝශනය කලවුන් අනියමින් වාසිගත්තවුන් ඔහුගේ මරනයේ සැබෑ හේතුව අදටද සඟවාගෙන සිටීම.නමට හොඳ නැහැලු උගේ විතරක් නම් කමක් නෑ අයතනයේත් අපි හැමෝගෙමත් නමට හොඳ නැහැල්ලු.ඒකලු සියදිවි නසාගැනීම වෙනුවට මරණයට හේතුව විදිහට හදිසි අණතුරක් කියලා මරණ සහතිකෙත්  ලියෝගත්තේ.

නමුත් උගේ 
මරණයට හෙතුවත් ඔය කියන නමම තමා.....  


Friday, June 21, 2013

ඉකාරස් ගේ පාඩම (paradigm of Icarus)

         ඔන්න මම කතාවක් අනුසාරයෙන් ලියන මුල්ම ලිපිය ලියනවා.හැමෝම කතන්දර ලිව්වම ඒකේ ගතියකුත් නැහැ නොවැ. මොනව උනත් මේකට කතාවක් සම්බන්ධ නිසා නොලියම බැහැ.මේක අපේ විස්ස විජ්ජාලේ ඉංජීනේරු  දර්ශනය සම්බන්ධ පාඩම් මාලවකදි ඉගෙන ගත්ත කතාවක්. ඒ නැතත් ඉතිහාසය සාහිත්‍ය වගෙ විෂය ගැන දන්න කියන උදවිය මෙ කතාව අහලත් ඇති.මෙකයි ඔය කියන කතාව. 



    ග්‍රීසියේ එක්තරා කාලෙක හිටියලු තාත්තෙකුයි පුතෙකුයි. පුත්‍රයගේ නම තමයි ඉකාරස් (Icarus
) තාත්තා ඩේඩ්ලස්
(Daedalus) මුන් දෙන්න නම් දාරාපු අණ්ඩ පාළුවො දෙන්නෙක් තාත්තට හපන්
පුතයි පුතාට දෙවෙනි නැති තාත්තයි. මුන්ගේ ජඩකම් ඉවසගන්න බැරුව මුන් දෙන්නා දූපතක තිබුණ හිරගෙයක හිර කරල තිබුණේ (අර “Death race” film එකේ වගේ). ඒක මුහුද මැද්දේ තිබුණ බොහොම සුන්දර දිවයිනක්. තත්තා ඩේඩ්ලස් හා පුතා ඉකාරස් ඔහොම ඉන්නකොට මුන් දෙන්නට පැනල යන්න උපක්‍රමයක් කල්පනා උනාලු. මේ අදහස ආවේ තාත්තට ඔහු තමයි වැඩ්ඩා. මෙයාල දෙන්නා දූපතට වැටෙන කුරුලු පිහාටු එකතු කරගෙන ඉටි වලින් අලවලා හැදුවලු අත්තටු යුගල දෙකක්
(රයිට් සහෝදරයන්ට කලින් ගගන තාක්ෂණය සොයාගත්තේ මුන් දෙන්නද මන්දා).ඉතින් වැඩේ නිම කොරල සුදුසු දින වකවානුවක් බලලා හොර රහසේම දෙන්නා නැග්ගලු
හිරගෙදර තාප්පෙට. නැගලා අර අත්තටු දෙක පළඳගෙන පැන්නලු තාප්පෙන්.

 
ඊට පස්සේ සට සට ගහලා අත්තටු ගහලා පියාඹල යන්න පටන් ගත්තාලු. කිසිම අතුරු ආන්තරාවක් නැතුවම කිරි ගහට ඇන්නා වගේ වැඩේ හරි ගියාලු.හිතාගන්න පුළුවන් නේද
පියාඹනකොට හිතට දැනෙන හැගීම. හරියට කුරුල්ලෝ දෙන්නෙක් වගේ සුළං පහර කපාගෙන ඉදිරියටම පියාඹගෙන යනවා මේ තාත්තයි පුතයි. ටිකක් වෙලා පියාඹගෙන යනකොට පුතාට මේ ආතල් එක හොඳටම හිතට දැනුණලු.උන්දැ මොකද කොලේ තව තවත් උඩටම පියාඹන්න පටන් ගත්තා. තාත්තාට මේ වැඩේ එච්චර ඇල්ලුවේ නැහැ. ඔහු පුතාට අවවාද කළා වැඩිදුර ඉහළට පියාඹන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනට ගොඩබිමකට පය ගහගමු කියලා. ඒත් පුතාට ඒක ඒ වෙලාවේ තේරුම් ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.ඔහු උද්දාමයේ උපරිමයට එළඹිලයි හිටියේ ඔහු තව තවත් ඉහළටම පියාඹන්න පටන් ගත්තා. තාත්තත් පුත්‍ර ස්නේහයයි ආතල් ගැනීමයි පැත්තක තියලා තමුන්ගේ ගමනාන්තය කරා යන්න පටන් ගත්තා. ඉකාරස් ඉහළටම යද්දි හිරු රැස් වැදිලා අර පිහාටු අලවලා තිබුණ ඉටි උණුවෙලා පිහාටු එකිනෙක ගැලවිලා ගිහින් පහළට
වැටිලා මැරුණා.තාත්තා කිසි කරදරයක් නැතුවම තමුන්ගේ ගමනාන්තය වුණ ගොඩබිමක් වෙත පය ගැහුවා. ඔන්න ඔහොමලු ඒ කතාව ඉවර උනේ. 


      දැන් ඉතින් පූර්වාපර සන්ධි ගලපන්නයි යන්නේ. ගොඩක් අයට වෙන ඛේදවාචකයක් ඔය කතාව අතුළේ සැඟවිලා
තියෙනවා. ඒ කියන්නේ යම් අරමුණක් කරා යන ගමනක් පටන් ගත් පසු ඒ ගමන අතරතුර
ගමනේ යෙදීම පිළිබඳ තෘප්තිමත්වී මුල් අරමුණ අමතක කර දැමීම හෝ අමතක වී
යාම
.මෑත යුගයේ ලංකාවේ සිදුවු සමහර සිද්ධිත් ඔය වගේ මුලාවීම් සහ මුළාකිරීම් ගණයට දාන්න පුළුවන්. 



1). රජයේ වැඩ පිළිවෙළ
           "සංවර්ධනය තුළින් ආසියාවේ ආයිෂ්වර්‍යය කරා" යයි හඳුන්වා ගන්නා ලද නිශ්චිත සැලසුම්ගත මහින්ද චින්තනය නම් වැඩපිළිවෙළක් රජයට ඇතත් එය හුදෙක් ලියවිල්ලට හා කියවිල්ලට පමණක්  සීමාවී ඇත. එය මැතිවරණය වෙනුවෙන් කුමක් හෝ ප්‍රකාශනයක් ඉදිරිපත් කල යුතු නිසා ඉදිරිපත් කල ආකර්ශනීය ලියවිල්ලක් මිස ප්‍රායෝගික වැඩපිලිවෙලක් නොවේ.ඒ බව රජයේ ක්‍රියාකාරකම් තුළින්ම පැහැදිලිවී ඇත. සැබෑ ලෙසම මා පෙර ලිපියකත් දැක්වූ ලෙසම සංවර්ධනය යනු රටක මිනිසුන්ගේ ජීවනතත්වය උසස් කිරීම පිණිස ගෙනයායුතු ක්‍රමික වැඩ පිළිවෙළක් මිස සංවර්ධනය වීම පිණිස ජරාජීර්ණ ලෙස දුක් විඳින තත්වයට මිනිසුන් පත්කළ යුතු නොවේ. මහාපරිමාණ වරායවල් ගුවන් තොටුපළවල් ආදී යටිතල පහසුකම් පැවතිය යුතු වුවද ඊට සමගාමීව මිනිසුන්ගේ අවශ්‍යතා ඉස්මතුවී තිබිය යුතුය.වරායවල් තැනීමට පෙර ඒවායින් ආනයන අපනයන කිරීමට නිෂ්පාදනයක් රට තුළ පැවතිය යුතුය.පැය 24 ම පාරේ බස් ධාවනය කරවීමට පෙර එවායේ යාමට මිනිසුන් සිටීය යුතුය.රාත්‍රී 6.00 වන විට නිවසටවී දොරවල් වසාගන්නා මිනිසුන්ට රාත්‍රී බස් කුමටද? ඔනාම ප්‍රභල රාජ්‍යක පදනම එහි නිෂ්පාදනයයි.එය කෘෂිකාර්මික හෝ කාර්මික හෝ විය හැක.අපව ලෝකයා හඳුනාගන්නේ කෙලෙසද ලෝකයට අප දායාද කරන්නේ කුමක්ද යන්න සිතාබැලිය යුතුය.තේ ටික රෙදි ටික ක්‍රිකට් කණ්ඩායම හරුණු කොට ලෝකය අපව අඳුනාගන්නේ වැඩකාර ගැහැනුන් ලේ වැගිරීම් මානව හිමිකම් සුනාමි
ආපදාව ආදී මාතෘකා යටතේ පමණි. 

සංවර්ධනය යනු මාර්ගයකි ක්‍රමවේදයකි ක්‍රියාපටිපාටියකි එය ඉලක්කයක් නොවේ ඉලක්කය විය යුත්තේ උසස් ජීවන තත්වයක්උරුම කර ගැනීම්යි. 
ඉකාරස් ගේ කතාවේදී මෙන් උසස් ජීවන තත්වයක් කරා යන ගමනේදී එය අමතක වී අතරමැද ඉලක්කම් දර්ශක නිර්ණායක හඹාගොස් පහළ ජීවන තත්වයකට මිනිසුන් ඇද දැමීම වෙනුවට බුද්ධිමත් ඉදිරි දැක්මකින් යුතු වැඩ පිළිවෙළක් වහ වහා ආරම්භ කල යුතුය.

2.) පැවිද්දන් හා සමාජ ක්‍රියාකාරිකයන්.
 
          මේකත් ඒ ගොඩටම දාන්න පුළුවන් කතාවක්.
පැවිදිබව නිසා සමාජයෙන් උරුම වන ගෞරවය පිළිගනීම නිසා ප්‍රමෝදට පත්වී මුල් අරමුණ අමතකවී තටු සිඳී බිමට වටුන පැවිද්දන් වර්තමානයේ ඔනා තරම් දැක ගත හැක.පැවිදි වරයේ ඇති වරප්‍රසාද පිළිගැනීම යොදාගෙන සමාජ වගකීමක් කරනවායයි සිතා ඔවුන් කරන ක්‍රියාකාරකම් මගින් ඔවුන්ගේ පූජනීයත්වයම කෙලෙසා ගන්නවා පමණක් නොව අන් සියල්ල්න්මත්
පොදුවේ මිනිස් පරපුරක්මත් අවමානයට හා පරිහානියට ඇද දමයි.වැඩි විස්තර මාතලන් කියල තියෙනවා  ලුණු ඇඹුල් ඇතිවම.


3.)අධ්‍යාපනය
 

          අධ්‍යාපනය නොහොත් උගත් කමත් මේ වගේමයි තමන්ගේ උගත් කමින් හෝ දැනුමින් ප්‍රමෝදයට පත්වී ඔවුන්ගේ සමාජ වගකීම් අමතක කර උගත් කම ඔටුන්නක් සේ හිස
පඳවාගත් උගතුන් අද යුගයේ හිඟ නොවේ.
මාද්‍යකරුවන් වෛද්‍ය වරුන් හෙදියන් පමණක් නොව  බස් රියදුරන් කොන්දොස්තරවරු පවා තම සමාජ වගකීම නිසි ලෙස වටහාගෙන ස්වයං අචාරධර්ම පද්ධතියක් පවත්වාගත යුතුය. තවත් කල්ලියක් ගෝත්‍රයක් මේ රටට පලක් නැත. බිම්මට්ටමෙදී ඇහෙන කතාවන් අතර උසස්පෙළ ගණිත විෂයයෙන් පහල සාමාර්ථයක් ගැනීම හා කලා හෝ වාණිජ විෂයයෙන් ඉහල සාමාර්ථයක් ගැනීම සංසන්දනය කිරීම ද මේ ආකාර විහිළුවකි.මට අනුව නම් ගණිත විෂයයෙන් පහල සාමාර්ථයක් ගන්න අයට වඩා කලා හෝ වාණිජ විෂයයෙන් ඉහලසාමාර්ථයක් ලබාගන්නා සිසුන් ඔවුන්ගේ විෂයපථය තුළ ප්‍රවීණයොය. සියලු රැකියා එක සමානය සියල්ලන්ටම ඇත්තේ නිශ්චිත වගකීමක් පමණි. වැටුපට වැඩකරන සියල්ලෝම (ඉන්ජිනේරුවාද දොස්තරද ගණකාධීකරුද කසළ සෝදකයාද) සමානය. දේශපාලඥයා ගැන කතා කල යුතු නැත. එහෙත් දෙශපාලනයද වර්තමානයේ බඩ රස්සාවකි. තනතුරේ උද්දාමයට යටවී තමාගෙන් වියයුතු සේවය යුතුකම පැහැර හැරීම අවසානයේ මුළුමහත් රටක් සමාජයක් මිනිස් පරපුරක් වල පල්ලට ඇද දැමීමට හේතුවෙනවා ඒකාන්තය. 

ගමනේඅතරමග සිඟිති ආතල් වලින් තෘප්තිමත් වී අවසාන අරමුණ මගහරවා නොගැනීමට අප පරෙස්සම් විය යුත්තේ එබැවිනි ......

Saturday, June 15, 2013

කුලේ- ගෝත්‍රිකත්වයේ සිට ශිෂ්ටත්වය කරා 1

-->
මෙ දවස්වල කුලේ ගැන කට්ටියම කතා වෙනවනේ අර එංගලන්තකාරයෝ පරද්දන්න මතක හිටින ක්‍රිකට් ඉනිමක් ක්‍රීඩා කල කුලේ නොහොත් නුවන් කුලසේකර. එත් මෙ
ලිපිය උන්දැ ගැන නෙවෙයි. තාමත් කසාද බදින්න පත්තරවල දාල තියන add වල
තියෙන කුලේ ගැනයි.ඉන්දියානු බ්‍රාහ්මණයන්ට අනුව මහා බ්‍රහ්මයගේ කටින්
උරයෙන් කලව වලින් යටි පතුලෙන් නේ උන් ඉපදිලා තියෙන්නේ.අපෙ කට්ටිය සමහරු
සිංහයන්ගෙන්,රාවණ පරපුරේ හෙලයන්ගෙන්, විජයගෙන්, වානරයන්ගෙන්, වගේ නොයෙක්
නොයෙක් සම්භවයන්ගෙන් පැවතගෙන අවිල්ල තියෙනවා. මේ ගැන වටිනා ජාන
විද්‍යාත්මක පැහදිලි කිරීමක් මයියගේ බ්ලොගයෙ තිබුනා.දැන් මේ රටේ බලය
බෙදීම් අලකලන්චි යන එකේ කුලේ අදින්න ඔන කියල හිතුනා.

ලංකාවෙ ප්‍රධාන වරිග දෙක වන සිංහල හා දෙමළ වරිගෙ ඇත්තො අතර
බෙදීම් පූට්ටු කිරීම් ගැන කතා කරන යුගයේ මට හිතෙන දෙයක් තමයි කට්ටිය එකට
ජීවත් වෙනවට වඩා ආස බෙදිල මොකක්හරි ගැන්සියකට සෙට් වෙලා ලේබලයක් අලවගෙන හංවඩුවක් ගහගෙන ජීවත් වෙන්න. එකත් මාරම ආතල් එකක් වෙලා. කුලේ කියන්නෙත් ඔන්න ඔහොම කට්ටියට ආතල් ගන්න යොදාගන්න සංකල්පයක්. උඩරට රජකල දෙවන රාජසිංහ රජුට රොබට් නොක්ස් සුදු ගැහැනියෙක් ගෙනත් දෙනව කිව්ව වෙලේ රජ්ජුරුවෝ කවියකින් කිව්වලුනේ ලංකාවේ ඔක්කොම කුලවල නම්.

"
පල්ලරු පඩක්කරු මුක්කරුද පරවරු
ඊ වඩු දුරා පදු කෙවුලන් සහ හකුරු
බෙරවා රදා ඔලි කින්නරුද පුරවරු
මුන් මිස තොපේ ලිය අරගන්නේ කවුරු"

අපට මහාලොකු විජයග්‍රහනයක් අරන් දුන්න යුද්දේ දිනන්න වාසියක් උන LTTE එකේ දෙකඩ වීම වෙල්ලාල මුක්කුවර් කියන කුල දෙකේ දෙකඩවීම නිසා වූ දෙයක් නෙව. සිංහල ජන සමාජය ඇතුළේ මහ ලොකුවට කුලය එතරම් තදින් ඉස්මතු නොවුනත් අදටත් සමහර ඇත්තෝ මගුල්තුලා කටයුතු වලට විතරක් නම් මදැයි ටෙලි නාට්‍ය තිර පිටපත් වල වගෙම බ්ලොග් අවකාසේ අන්තර්ජාලේ ෆේස්බුකියේ comment දාන්නත් හරි අපූරුවට කුලය යොදාගන්න එක තමයි සුපිරි.

ජන සමාජයේ සංවර්ධනය පසු පසට ඇදගෙන යන්න වලි කන එවුන් අතර සමාජ
සංවර්ධනය ඉස්සරහට ගෙනියන්න දිරිදීමක් හැටියට ගෝත්‍රිකත්වයේ සිට ශිෂ්ටත්වය
කරා කියල ලිපි මාලාවක් පටන් ගන්න හිතුනා.එකේ මුල් පියවර හැටියට කුලේ
නොහොත් කුලය ගැන මෙන්න මෙහෙම කියන්නම්. 
මිනිසා සමාජ ගත වුනේ එකිනෙකා අතර නිෂ්පාදන හුවමාරු කරගන්න හා සාමුහිකත්වය තුළින් සොබාදමේ අභියෝග ජයගන්න. ඒ තුල තම වර්ගයාගේ පැවත්ම තහවුරු කරගන්න පොඩි අරගලයකුත් යනවා.අම්මටයි තාත්තටයි ඔන කොහොමහරි තමන්ගේ පැටව් ටික ඉස්සරහටම දක්කන්න.ගමක් විදිහට එකතු වෙලා ගමේ එකාට බක්ප් එක දෙන්න.ජාතියක් විදිහට අනික් වරිගේ එකාට අරින්න.ඔක තමයි සමාජයක හීනියට යටින් දිවෙන ගාමක යාන්ත්‍රණය.
කුලය කියන්නෙත් අන්න එහෙම තමාගේ නිෂ්පාදනහැකියාව සහ ගනුදෙනුවකදී demand කිරීමේ හකියාව මත කෙරුණු වර්ගීකරණයක්. අපේ ප්‍රධාන ආහාරය උනේ බත්. ඉතින් බත් හදන්න වී වවන එකා තමා පොර. වලං හදන එකාට මාළු අල්ලන එකාට බෙරගහන එකාට නිෂ්පාදන හුවමාරුවෙදී කෙවල් කරන්න බැරි උනා.මොකෝ ඌ හදපු වළඳ කන්නද. ඉතින් ගොවියා කියන විදිහකට ගනු දෙනුවකට එකගවෙලා ඒක කරගන්න කුඹලට සිද්ධ උනා. ඌව පාගලා යටපත් කරල දැම්මා.අනික් කුලවලත් තියෙන්නේ මීට සමාන කතන්දරයක්.පස්සේ කාලෙක මුදල් වලින් ගනුදෙනු කරන්න පටන් ගත්තට පස්සේ තමා ඔය තත්වය වෙනස් උනේ.එහෙම්මම කුල ක්‍රමය අභාවයට ගියා.මෙකත් (මුදල් වලින් ගනු දෙනු කිරීම) එක්තරා සමාජ පෙරළියක් තමා.කොටින්ම ශිෂ්ටත්වය කරා ඉදිරි පිම්මක්.

දැන් ඕක අහෝසිවෙලා ගියාට මොකද කට්ටිය තාමත් යටි හිතින් ඕකට කැමතියි. මම අර මුලින් කිව්ව වගේ label අලවගෙන පොරක් වෙන්න තියන සිල්ලර ආශාව.දාන කොමෙන්ටුවල පවා කුලවාදය.උඩරටද පහතරටද දකුණෙද බෙන්තරද නුවරද කොළඹද යන වග හරි ආම්බරයෙන් කියවල අනෙකාට පහර ගහනව.

ජාතික රාජ්‍ය හැදීම පැත්තකට දාලා මේ ගෝත්‍රික කුණු ගොඩ ශුද්ධපවිත්‍ර කරන්න ඔන කොනක ඉඳල. එතකොට ගොබ්බ Comment වල ඉඳල 21 වන සියවසේදිත් හාමුලට කියලා ඇරවගන්න ප්‍රවේණි දාසයෝ ඉන්න වලවු කතා තියෙන ටෙලිනාට්‍ය දක්වාම සැබෑලෙස ශිෂ්ඨ සමාජයෙන් අතුගෑවීගිය ගෝත්‍රික ලක්ෂණ ඉස්මතු නොවේවි.

Wednesday, May 22, 2013

ආඬි හත් දෙනාගේ කැඳ හැළිය නොහොත් 21 වර්ජනයේ කඳුළු කතාව...


              21
වනදා වර්ජනයක්ද මොකක්දෝ එකක් තිබුණා යයි රට්ටු කථාවෙති.වර්ජනය අසාර්ථකයි රජයේ මාධ්‍ය බුරා වැටෙති වර්ජනය සාර්ථකයැයි වර්ජකයෝ කියතියි සිරස කියති.කුරිරු අති භයානක ලෝකයෙ ප්‍රභලම ත්‍රස්තවාදය පැරදවූ මේ රජයට එරෙහිව වැඩ වැරීම ගුණමකු කමක් යයි හොරෙන් හොරෙන් රෙදි හෝදන නඩය හොරෙන් හොරෙන් කියති.අවංකකම කළගුණ සලකීම ඉවසීම වැනි උතුම් ගුණධර්ම සහිත මිනිසුන් අප බවින් කවුරුන් හෝ අරින්න ආවත් පශ්චාත් භාගය නිසිපරිදි හරවා නවා පුද දිය යුතු බව පාඩම් කියාදෙති. 

           සබවින්ම සිදු වූයේ කුමක්ද? මින් තේරුම් ගතහැකි ලාංකිකයාගේ මනෝභාවය කුමක්ද?            රාවණගෙන් හෝ විජයගෙන් හෝ සිංහයන්ගෙන් හෝ වඳුරන්ගෙන් හෝ පැවත එනවාය කියා නිතරම මිණි මරාගන්න දඟලන සිංහල නොහොත් මහා ජාතිකයන් සැබවින්ම දුර්වලය උපන්ගෙයිම නිවටය බයාදුය.සත්‍යය එයයි.විජාතිකයන් කඩා බිඳ දමා ගිය කොන්ද යළි සවි වී නොමැත.දීන බවේහි පරාධීන බවෙහි පතුලටම ගිලී ඇත.ඔබට සමහරවිට මා සමග තරහක් අතිවනු අත. 

    උදාහරණයක් ලෙස මෙය මදකට සිතන්න:- ලාංකිකයන් ආගන්තුක සත්කාර වලට ප්‍රකට සිනහමුසු ආචාරශීලී ජනතාවක් බව දෙශ දේශාන්තරයන්හි ප්‍රකට බව උඩ පැනපැන කියනවා ඔබ අසා ඇති. එහෙත් එම ගුණාංග ඔබ ලාංකිකයෙකුගෙන් අත්විඳ තිබෙනවාද.රවන ඔරවන යටිකූට්ටු වැඩ කරන තම ලබඳියාට වෛරී ලෙස සලකන මිනිසුන් නොවෙද අප අතර සිටිනුයේ.සබවින්ම සිදුවනුයේ විදේශිකයෙකු දුටු විට පමණක් දෙකට තුනට නැමී සිනාසී ආචාරශීලිව සලකීම පමණි.මෙය බයාදු නිවට කම මිස වෙන කුමක්ද? 

               කොඳු කඩා දැමූ නිවටයන් අතර සොයාගත නොහැකි දුර්ලභම දෙය නම් අවංක හා සත්‍යය වාදී මිනිසුන්ය. මුන් සැමදා බලා සිටිනුයේ ලඟසිටින අනෙක් එකා බිල්ලට දී තමන් බේරී සුව සේ සිටීමටය. අප වෙනුවෙන් ප්‍රභාකරන් මැරීමට දියසේන එන තුරු බලා සිටියේය ඒ වගේ එකෙක් ආවේය.සියල්ලෝම උන් සරණ ගියෝය.දැන් මදි නොකියන්න කළගුණ සලකති රීරි මාංශ හූරා කා බඩගින්නේ මැරෙන්න ඉඩ ඇරියත් නාස්තිය වංචාව දූෂණය ඉහ වහා ගියත් අසාධාරණ ලෙස විරුද්ධ වාදීන් මරාදමුවත් තවමත් කළගුණ සලකලා ඉවර නැත. දුර්වලයන් සරණ යන වීරයන් සහ වීරයන් සරණ යන දුර්වලයන් විහිළුකාරයන් වන්දිභට්ටයන් අඩු නැතිව ඇත්තේ එබැවිනි. හැම එකාම බලා සිටින්නේ තමාගේ ජාම බෙරාගෙන shape එකේ ජීවත් වී තමා වෙනුවෙන් අනෙකා සටන්කොට දිනාගන්නා දෙය භුක්ති විඳීමටයි.අඩු තරමේ කම්කරු වෘත්තීය සමිති ටික පවා එක පෙරමුණකට එකතු කරගත නොහැකිවූ මෙවන් මානසික වහලුන් කුහකයන් නිවටයන් පිරි රටක අරගල යනු තවදුරටත් විහිළුවක් පමණි.....

Tuesday, May 14, 2013

පනින රිලවුන්ට ඉනිමං (ටෝ බ්‍රවුසරය-tor browser)

  

                   මෙම ලිපිය  ෆෙස්බුකියේ සැරිසරද්දී අහම්බෙන් මෙන් හමුවු වූවක් වන අතර අනාගතයේ හෝ කාට කාටත් ප්‍රයෝජනවත් විය හැකි නිසා blog වාසීන් වෙත අමු අමුවේ ගෙඩිය පිටින් ඉදිරිපත් කරමි.මේ පිළිබද දන්නා අයවලුන් බ්ලොග් අවකාශයේ ද සිටිය හැක.මෙහි මුල් ලිපිය වෙන කොහේ හෝ පලවී ඇති බව දුටුවොත් මා දැනුවත් කරන්න. එවිට රචකයාගේ අවසරය ගෙනම ඉදිරිපත් කළ හැක.
 

මුල් රචකයාට තුති පුදමි.....
අන්තර්ගතය පිළිබද මාගේ වගකීමක් නැත.....


ටෝ බ්‍රවුසරය යනු කුමක්ද ?

ටෝ යනු අන්තර්ජාලය භාවිතා කරන පරිශීලකයන්ගේ පුද්ගලිකත්වය සහ ආරක්ෂාව වැඩි දියුණු කර දීමේ අරමුණින් නිර්මාණය කරන ලද පරිගණක ජාලයකි. ටෝ බ්‍රවුසරය යනු එම ටෝ ජාලය හරහා අන්තර්ජාලය භාවිතා කිරීමට හැකි වන සේ නිපදවනු ලැබූ බ්‍රවුසර් මෘදුකාංගයකි. මුලින්ම ටෝ ජාලයේ අරමුණ වූයේ ඇමරිකානු රජයේ තොරතුරු හුවමාරු කර ගැනීම් ආරක්ෂාකාරීව කර ගැනීමය. එහෙත් අද වන විට අන්තර්ජාලය භාවිතා කරන ඕනෑම පරිශිලයෙකුට ටෝ ජාලය භාවිතා කිරීමේ හැකියාව ලබා දී ඇති අතර ඒ සඳහා කිසිඳු මුදලක් අය කෙරෙන්නේද නැහැ. මෙම ටෝ ජාලය හරහා අන්තර්ජාලයේ සැරිසරන පරිශීලකයාට ඔහුගේ රටේ රජය විසින් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් කරා පහසුවෙන් සහ ආරක්ෂාකාරීව පිවිසීමේ හැකියාව ලැබෙන අතර එපමණක්ද නොව එය භාවිතා කරන්නාගේ අයිපී ලිපිනය‚ ඔහු සිටින ස්ථානය‚ ඔහු භාවිතා කරන පරිගණකය පිළිබඳ තොරතුරු ආදී කිසිම තොරතුරක් මෙම ටෝ ජාලය හරහා අන්තර්ජාලයේ සැරිසැරීමේදී කිසිවෙකුට දැන ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ( අන්තර්ජාල සේවා සපයන්නාට පවා)
ටෝ ජාලය භාවිතා කරන්නේ පුද්ගලයන්
ලොව පුරා පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ටෝ ජාලය භාවිතා කරනු ලබයි. ඒ අතර සාමාන්‍ය පරිශීලකයන්‚ ව්‍යාපාරිකයන්‚ මානව හිමිකම් ක්‍රියාකාරීන්‚ මාධ්‍යවේදීන්‚ ආරක්ෂක අංශ වලට සම්බන්ධ පුද්ගලයන් වෙයි.
සාමාන්‍ය පරිශීලකයන් ඔවුන්ගේ තොරතුරු කිසිවෙකුට දැන ගැනීමට නොහැකි ආකාරයට නිර්නාමිකව අන්තර්ජාලයේ සැරිසැරීමට සහ අවහිර කර ඇති වෙබ් අඩවි වෙත පිවිසීම සඳහා මෙම ටෝ ජාලය භාවිතා කරනු ලබයි.
ව්‍යාපාරිකයන් විසින් ඔවුන්ගේ තොරතුරු ආරක්ෂාකාරීව හුවමාරු කර ගැනීම සඳහා ටෝ ජාලය භාවිතා කරනු ලබයි.
මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව නීතිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොවන ප්‍රදේශ වල සිට ආරක්ෂාකාරීව ලොවට හෙලිදරව් කිරීමට මෙම ටෝ ජාලය භාවිතා කරනු ලබයි. (ටෝ ජාලය හරහා ඔවුන් එය සිදු කරන බැවින් ඔවුන්ගේ ස්ථාන සහ වෙනත් කිසිදු තොරතුරක් එම ප්‍රදේශ වල රජයන්ට හෝ වෙනත් කිසිදු අයෙකුට හෙලිදරව් කර ගැනීමට නොහැකි වේ. )
මාධවේදීන්ද ඔවුන්ගේ වාර්ථා කිරීම් සහ වෙනත් දත්ත හුවමාරු කර ගැනීම් ආරක්ෂාකාරීව කර ගැනීම සඳහා මෙම ටෝ ජාලය බාවිතා කරනු ලබයි.
එමෙන්ම ලොව පුරා විවිධාකාර අරක්ෂක අංශ වලට සම්බන්ධ පුද්ගලයන් විසින් මෙම ටෝ ජාලය භාවිතා කරන අතර ඔවුන්ගේ අරමුණ වන්නේ සිය දත්ත සහ තොරතුරු ආරක්ෂාකාරීව හුවමාරු කර ගැනීම සහ සිය අන්තර්ජාල කටයුතු පුද්ගලිකව කර ගැනීමය.
ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීකයාට ටෝ බ්‍රවුසරය වැදගත් වන්නේ ඇයි ?
ඔබ කවර දේශපාලනික මතයක් දැරුවද නීතිය සහ සාමය සැමට එක සේ සාධාරණව ක්‍රියාත්මක විය යුතුය යන මානව හිතවාදී ආකල්පය දරන්නෙකු යැයි මා උපකල්පනය කරමි. එහෙත් වර්ථමාන ශ්‍රී ලාංකික ආණ්ඩුව මඟින් එය කොතරම් දුරට ඉටු කර තිබෙනවාද යන්න ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට වටහා ගැනීමට අපහසු නැත. ආණ්ඩුවේ ගැත්තන්ට එක නීතියකුත් ඊට එරෙහිව යන්නන්ට එක නීතියකුත් ක්‍රියාත්මක වන ආකාරය ලංකාවේ සිටින කුඩා දරුවෙකුට පවා වටහා ගැනීමට හැකි බවට සැකයක් නැත.
එසේම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඇති කර තිබෙන දැඩි මාධ්‍ය මර්දනය නිසා මාධ්‍ය ආයතන ගිනිබත් කිරීම්‚ මාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සිද්ධීන්‚ මාධ්‍යවේදීන් අතුරුදන් කිරීමේ සිද්ධීන් බොහෝ ගණනක් ලංකාවෙන් වාර්ථා විය. ඒවා සිදු වී බොහෝ කාලයක් ගතවූ පසුත් ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවීම සහ ඒවා සධාරණීයකරණය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රසිද්ධියේ ක්‍රියා කිරීම නිසා ඒවාට වඟ කිය යුත්තේ ආණ්ඩුවම බව ඕනෑම අයෙකුට මැනවින් වැටහේ.
එපමණක්ද නොව වත්මන් ආණ්ඩුව විසින් මාධ්‍යවේදීන් ඝාතනය කිරීම‚ අතුරුදන් කරවීම‚ මාධ්‍ය ආයතන විනාශ කිරීමෙන් නොනැවතී ආණ්ඩු විරෝධී අසත්‍ය දේ ප්‍රචාරය කරන බවට ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් නොබියව සත්‍ය පාඨකයා හමුවේ තබන නිවුස් වෙබ් අඩවි ගණනාවක්ද ලංකාව තුල අවහිර කරන ලදී. ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික මාධ්‍ය තරඟයට මෙන් වත්මන් ජනාධිපතිවරයාගේ ඔහුගේ බත් බැලයන්ගේ කුණු රෙදි සෝදමින් සිටිද්දී ඔවුන් කරනු ලැබූ අපරාධ‚ දූෂණ‚ වංචා ආදිය පිළිබඳව නොබියව රටට හෙළි කරන්නේ මෙම නිවුස් වෙබ් අඩවි වලින් පමණක් නිසා නීතිය සහ සාධාරණත්වය අගයන ලාංකික ජනතාවට වෙබ් අඩවි අවහිර කිරීම නිසා සිදු වූයේ ඉමහත් අසාධාරණයකි.
එහෙත් මෙසේ අවහිර කරනු ලැබූ නිවුස් වෙබ් අඩවි වලටද මෙම ටෝ බ්‍රවුසරය හරහා කිසිඳු බාධාවකින් තොරව පිවිසිය හැක. නොමිලේ සේවය ලබා දෙන ප්‍රොක්සි වෙබ් අඩවි මඟින්ද මෙය කල හැකි මුත් ප්‍රොක්ස් වෙබ් අඩවි වලින් ලැබෙන ආරක්ෂාවට වඩා වැඩි ආරක්ෂාවක් මෙම ටෝ බ්‍රවුසරයෙන් ලැබෙයි. ඔබ කරන්නේ තහනම් කර ඇති නිවුස් වෙබ් අඩවි නැරඹීම පමණක් නම් නොමිලේ සේවය ලබා දෙන ප්‍රොක්සි වෙබ් අඩවියක සේවාව ඒ සඳහා ප්‍රමාණවත්ය. එහෙත් ඔබ නිවුස් වෙබ් අඩවි වලට තොරතුරු ලබා දීම ආදීය කරන්නේ නම් ඒ සඳහා ඉහල ආරක්ෂාවක් අවශ්‍ය නිසා එවැනි දේ සඳහා මෙම ටෝ බ්‍රවුසරය මනාව ගැලපේ.
ටෝ බ්‍රවුසරය ඩවුන්ලෝඩ් කරන්නේ කෙසේද ?
ටෝ බ්‍රවුසරයේ සෙට් අප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කිරීම සඳහා පහත දැක්වෙන ලින්ක් එක මත ක්ලික් කරන්න. එවිට එය ඩවුන්ලෝඩ් වීම ආරම්භ වනු ඇත.
https://www.torproject.org/dist/torbrowser/tor-browser-2.3.25-6_en-US.exe
ටෝ බ්‍රවුසරය ඉන්ස්ටෝල් කරන්නේ කෙසේද ?
ටෝ බ්‍රවුසරයේ සෙට් අප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කිරීමෙන් අනතුරුව එය මත ඩබල් ක්ලික් කරන්න. එවිට ලැබෙන ඩයලොග් බොක්ස් එකේ "..." යනුවෙන් දැක්වෙන බට්න් එක මත ක්ලික් කර ලැබෙන ඩයලොග් බොක්ස් එකේ ටෝ බ්‍රවුසරය පිහිටුවීම සඳහා ඔබ කැමති තැනක් ලබා දී ඕකේ බට්න් එක මත ක්ලික් කරන්න.
ඉන්ස්ටෝල් වීම අවසන් වූ පසු ඔබ එය ඉන්ස්ටෝල් වීමට ලබා දුන් ස්ථානයට ගොස් එහි ඇති Start Tor Browser යන ෆයිල් එක මත ඩබල් ක්ලික් කරන්න. ( ඇතැම් පරිගණක පද්ධති වල මෙය Start Tor Browser.exe ලෙසද පෙන්වනු ලබයි. )
එවිට Vidalia Control Panel නමින් ඩයලොග් බොක්ස් එකක් ඕපන් වී ටෝ ජාලයට ඔබේ පරිගණකය සම්බන්ධ කිරීමට උත්සාහ කරයි. ඔබේ පරිගණකයේ ෆයර්වෝල් මෘදුකාංගයක් ඇත්නම් මෙම Vidalia Control Panel ඩයලොග් බොක්ස් එකට අන්තර්ජාලයට පිවිසීමට අනුමැතිය එම ෆයර්වෝල් එකෙන් ලබා දීම කල යුතුය. අවසානයේ Vidalia Control Panel ඔබේ පරිගණකය සාර්ථකව ටෝ ජාලය හා සම්බන්ධ වූ බව Vidalia Control Panel හි දක්වනු ඇත. ඒ සමඟම සුළු මොහොතකින් Tor Browser එකද ඕපන් වනු ඇත. දැන් ඔබ ටෝ ජාලය හරහා අන්තර්ජාලයට පිවිසීමට සූදානම්ය. (සැ.යු­ ටෝ බ්‍රවුසර වින්ඩෝව ඕපන් වූ පසුත් Vidalia Control Panel වින්ඩෝවද එසේම පවතී. එය close කිරීමෙන් වලකින්න. එය close කලහොත් Tor Browser වින්ඩෝවද close වීම සිදු වේ. ) තවද Tor Browser වින්ඩෝවේ Congratulations ! Your browser is configured to use tor ලෙස දක්වනු ඇත. ඉන් කියවෙන්නේ ඔබේ ටෝ බ්‍රවුසරය ටෝ ජාලය බාවිතා කරමින් අන්තර්ජාලයේ සැරීසැරීමට සූදානම් බවය. එය වරදවා වටහා නොගන්න. (මෙම පණිවිඩයෙන් ඔබේ පරිගණකයේ අනෙකුත් වෙබ්බ්‍රවුසර් (Internet Explorer, Mozilla Firefox, Google Chrome ආදිය ) ටෝ ජාලය බාවිතා කිරීමට හැඩ ගැස්සුනු බවක් නොකියයි. ඉන් අදහස් වන්නේ ටෝ බ්‍රවුසරය ටෝ ජාලය හරහා අන්තර්ජාල පරිශීලනයට සූදානම් බව පමණි. )
දැන් ඔබ සාමාන්‍ය පරිදි ටෝ බ්‍රවුසරයේ ඇඩ්‍රස් බාර් එකෙහි ඔබට අවශ්‍ය වෙබ් ලිපිනයක් ටයිප් කර එන්ටර් කිරීමෙන් ටෝ ජාලය හරහා අන්තර්ජාලයට පිවිසීමට ඔබට හැක. ටෝ ජාලය හරහා අන්තර්ජාලයට පිවිසෙන විට රජය විසින් කර ඇති කිසිඳු අන්දමේ අවහිර කිරීමක් බාධාවක් නොවේ. එසේම ටෝ ජාලය හරහා අන්තර්ජාලයට පිවිසෙන විට ඔබේ සත්‍ය අයිපී ලිපිනය‚ ඔබ හුවමාරු කර ගන්නා දත්ත සහ තොරතුරු‚ ඔබ සිටින ස්ථානය ආදී කිසිදු තොරතුරක් කිසිවෙකුට ලබා ගැනීම කල නොහැක. (ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නාටද ලබා ගත නොහැක) ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසැීමෙන් අනතුරුව Vidalia Control Panel එක හා Tor Browser වින්ඩෝව Close කර දැමීමෙන් ඔබට ඉන් ඉවත් විය හැක.
( අවවාදයයි ­ ටෝ ජාලය හරහා අන්තර්ජාලයේ සැරිසැරීමේදී කිසිවිටෙකත් පහත සඳහන් දේවල් නොකරන්න. එසේ කල හොත් ඔබගේ නිර්නාමිකතාවයට බලපෑම් ඇති විය හැක. එනම් ඔබ ටෝ බ්‍රවුසරයෙන් අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී පහත දේවල් හෝ ඉන් එකක් සිදු කලොත් ඔබේ සේවා සපයන්නාට ඔබ පිලිබඳ යම් ඉඟියක් ලබා ගැනීමට හැකවේවි. )
ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී ඔබේ පරිගණකයේ වයිරස් ගාඩ් හෝ වෙනත් මෘදුකාංග අප්ඩේට් කිරීම නොකරන්න.
ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී ඔබේ පරිගණකයේ ඇති වෙනත් වෙබ් බ්‍රවුසර් වලින් අන්තර්ජාලයට පිවිසීම සිදු කිරීමෙන් වලකීන්න.
ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී ස්කයිප් භාවිතා කිරීමෙන් වලකින්න.
ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී ඩවුන්ලොඩ් මැනේජර් මෘදුකාංග වලින් ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමෙන් වලකින්න.
ඔබ ඉහත සඳහන් දේවල් වලින් වැලකුනේ නැත්නම් ඉන් ඔබගේ නිර්නාමිකතාවට හානි වේ. ඔබ නිර්නාමික තාවය ගැන අපේක්ෂා නොකරමින් හුදෙක් තහනම් නිවුස් වෙබ් අඩවි වලට ඇතුලු වීම පමණක් ටෝ බ්‍රවුසරයෙන් අපේක්ෂා කරයි නම් ඉහත දේවල් සිදු කිරීමේ බලපෑමක් නැත. එහෙත් ඔබට ඔබ පිලිබඳ කිසිඳු අන්දමේ තොරතුරක් අන්තර්ජාල සේවා සපයන්නාට පවා දැන ගත නොහැකි ආකාරයට අන්තර්ජාලයේ සැරි සැරීමට අවශ්‍ය නම් ඉහත දේවල් නොකිරීම අනිවාරයෙන්ම කල යුතුය. ( මතක තබා ගන්න ­ ඉහත සඳහන් දේවල් නොකල යුතු බව මා දක්වා ඇත්තේ ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරන විටදී පමණි. ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසැරීම අවසන් වූ විට ඉහත සඳහන් දේවල් කලා කියා ඔබෙගේ නිර්නාමිකතාවට බලපෑමක් වන්නේ නැත. )
මෙම ටෝ බ්‍රවුසරයෙන් ඔබට සැලසෙන වාසි
ශ්‍රී ලංකා රජය තහනම් කර ඇති නිවුස් වෙබ් අඩවි වන
www.lankaenews.com
www.lankaguardian.com
www.lankanewsweb.com
www.lankaxnews.com වැනි

වලට සහ වෙනත් තහනම් කර ඇති ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට හැකියාව ලබාදීම.
ඔබට විදේශ රට වල සිට ක්‍රියාත්මක නිවුස් වෙබ් අඩවි වලට කිසියම් තොරතුරක් රහසිගතව ලබා දීමට අවශ්‍ය නම්. ( ටෝ බ්‍රවුසරය මඟින් ඔබට පූර්ණ නිර්නාමිකතාවක් ලබා දෙන නිසා ඔබ සිටින ස්ථානය හෝ වෙනත් ඔබගේ කිසිදු තොරතුරක් රජයට හෝ ඊට සම්බන්ධ කිසිවෙකුට ලබා ගැනීමට නොහැකි වන සේ ඔබට මෙය සිදු කල හැක. ඒ නිසා ඔබට මෙවැනි දේ කිරීමේදී කිසිදු බියක් වීමේ අවශ්‍යතාවක් දැන් නැත. )
නිර්නාමිකව අන්තර්ජාලයේ සැරිසැරිය යුතු වෙනත් ඔබගේ අවශ්‍යතා සඳහා
ටෝ ජාලයෙන් ඕනෑම අයෙකුට සේවය නොමිලේ ලබා දෙන අතර ඔබට ටෝ ජාලය ගැන වැඩිදුර විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ලින්ක් එක මත ක්ලික් කර වැඩි විස්තර ලබා ගන්න.
https://www.torproject.org/




Monday, May 6, 2013

වැද්දන් සමග ක්‍රිකට් ගැසීම නොහොත් අපට අප මුනගැසීම..


              පහුගිය ටිකෙ නැගල ගිය අමුතු ආතල් අතර  පොඩ්ඩක් හිතට වැදුන එකක් තමයි ආදිවාසීන් සමඟ පැවති ක්‍රිකට් තරඟ. ඇත්තටම වැද්දන් නොහොත් ආදිවාසීන්කියන්නෙ ඓතිහාසික උරුමයක් තියෙන ආවේනික සංස්කෘතික ලක්ෂණ යන්තමින් හෝ ‍රැකගෙන සිටින ජනවර්ගයක්.මූලාශ්‍ර අනුව වැද්දන් පැවත එන්නේ වනයට පලවාහල කුවෙනි සහ ඇගේ දරු දෙදෙනා ගෙනි.එය සත්‍යයක්නම් ඔවුන් වනාහි බහුතර ලාංකීය බමුනු සමාජයේ අසාධාරන කොන් කිරීමට ලක් වූ ප්‍රතම ජීවමාන සාක්ශියයි.නමුත් බහුතර සමාජයේ සිදුවූ සීග්‍ර සංස්කෘතික පරිනාමය හමුවේ තම අනන්‍යතාවය තවමත් යන්තමට හෝ ‍රැකගෙන ජීවත් වීමට ඔවුන් දරන අරගලය ඛේදනීයයි. 
          සබෑලෙසම අප සමාජයක් ලෙස සංවිධානය වුවද පරිසරයේ තවත් එක ජීවියකු ලෙස පරිසරය සමග ඒකාත්මික වී ජීවත් වන්නට අපට මගත් වෙහෙසක් ගන්න ට සිදුවී තිබෙනවා.විනෝද චාරිකාවක් යන්නත් පොඩ්ඩක් විවේකීව ඇවිදින්න යන්නත් එහෙමත් නැත්නම් භාවනා කරන්න එහෙමත් නැත්නම්  චායාරූප ගන්නත් ගොඩක් අයට තමන්ට මගහරුන ස්වභාවික පරිසරය මතක් වෙලා තියෙනවා. නමුත් බොහෝ අය අවංක හදවතින් එවාට එකතු වනවා වෙනුවට බොරු සෝබනයට එහෙමත් නැත්නම් විලාසිතාවකට පරිසර චාරිකා යොදාගන්නවා.එහිදීද ඔවුන් එහි සුන්දරත්වය විඳිනවාට වඩා එම පද්ධතිවලට විශාල බලපෑමකුත් කරල තමයි ආපහු එන්නේ.නමුත් තමන්ගේ එදිනෙදා ජීවිතය ස්වභාවික පරිසර පද්ධති සමගම ගතකරන එහිම කොටසක් වැනිමවූ ආදිවාසීන්ට අද එම ජීවිතය පවා තහනම් කෙරෙමින් පවතිනව. අනෙකාට වෙන අසාධාරනය දිහා නිහඬව බලා සිටින්නට හොඳින් පුරුදු පුහුනු කල ලාංකිකයන්ට මෙය එතරම් ගැටලුවක් නොවන්නට පුලුවන්.ව්‍යාජ ශිෂ්ඨාචාර ගත ජීවිතයට වඩා වනගත ජීවිතය ඔවුනට මහ මෙරක් වීම පුදුමයක් නොවේ.
          රටක මහා සංස්කෘතික ප්‍රවාහය ප්‍රභලව ඉස්මතු වන කලට අනෙකුත් සුළු සංස්කෘතීන් හට ඊට අනුගත වීමට බල කෙරෙනවා.එහෙම නොවන්නේ නම් ඔවුන් මර්දනයට ලක් කෙරෙනවා.සිංහල දෙමළ ප්‍රශ්නෙට  ආසන්නතම හේතුවකුත් ඔතන තියෙනවා.අප සංස්කෘතිකයැයි සිතා උජාරුවට වද්දන් සමහ ක්‍රිකට් කෙලියට යන අපේ මහත්වරුන්ට අමතකවූ දෙයක් තමා කලකට පෙර පෘතුගීසීන් ලන්දේසි ආදී ආක්‍රමණිකයන් පැමින ඔවුන්ව ඔය කියන සංස්කෘතියට දමාගත්තේද එලෙසමය යන්නයි.එදා ඔවුන් අප දෙස බලන්නට ඇත්තේද ඒ ආකාරයටමයි. අද අප විඳින විදිහේම ආතල් එකක් එදා ඔවුන්ද වින්දින්නට ඇත. 
අප හඳුනාගත යුත්තේ සංස්කෘතිය යනු මිනිසා පාරිසරික ආර්ථික සාමාජීය අභියෝගයන්ට මුහුන දීමදී ඒවා ජයගැනීමට සකස් කරගත් චර්යාමය රටාවක් හෙවත් ආචාර්ය්‍යය ධර්ම පද්ධතියක් බවයි. 

               එය කලින් කලට පාරිසරික ආර්ථික සාමාජීය තත්වයන් වෙනස් වූවිට නිරන්තරව වෙනස් විය යුතුය. එය උදේ හවා උඩ දම දමා වන්දනාමාන කල යුතු පූජා භාන්ඩයක් නොවේ. එහෙත් අප සතු සංස්කෘතික වටිනාකම් වලට නිසි ගෞරවය සබෑ ලෙසම ලැබිය යුතුය.

Wednesday, May 1, 2013

සැබෑ අර්ථවත් මැයි දිනයක් උදෙසා.....

         

       මැයි දිනයේ සැබෑ අරුත වැඩකරන පන්තියේ විමුක්ති දිනය සැමරීමයි.එහෙත් එය තවත් එක්  මාතෘ දිනයක්,වැලන්ටයින් දිනයක්, ඒඩ්ස් දිනයක් වැනිම වූ ආතල් දිනයක් බවට පත්වී ඇත.කම්කරු පන්තිය නොහොත් වැඩකරන ජනතාව හුරේ දමා විසිල් ගසා හවසට බෝතලයක් ගසා ගෙදර යන තවත් එක් නිවාඩු දිනයක් පමනක් වී ඇත.මැයි දිනයේ සැබෑ අරුත මෙරට පීඩිත ජනතාව තවමත් තේරුම්ගෙන ඇත්දැයි සැක සහිතය.පැහැදිලිවම එය ඒසේ නොවේ.තම විමුක්තිය පිලිබඳව උන් මෙලෝ හසරක් නොදනී.
      වැඩකරන පන්තියට දේශපාලන පක්ෂයක් නොමැත ජාතියක් ආගමක් නොමැත ඔවුනට ඇත්තේ ඔවුන්ගෙම අරගලයකි ඔවුන්ගෙම පක්ෂයකි.කනගාටුවට කරුන වන්නේ ඔවුන්ගේම දිනය සැමරීමේ ශුද්ඩ වූ අයිතිය ඔවුන්ම තලා පෙලා දමන දේශපාලකයන්ට පවරාදී පාලකයන් සමග දීගකන දිනයක් බවට මැයි දිනය පත් කරගෙන තිබීමයි.මැයි දිනය සැමරීමේ වගකීම කම්කරුවන් පෙලනා පාලකයන්ම උන්ගේ බූදලයක් බවට පත් කරගෙන ඇත.තම පක්ශයේ බලය පෙන්වීමට වරදාන වරප්‍රසාද දී තමන්ගේම අනුගාමිකයන් ඉදිරිපිට පම්පෝරි ගසනා තවත් එක දේශපාලන නාටකයක් බවට මැයි දිනය පත් කල යුතු නොවේ.

       නිවැරදි පන්ති සවිඥානයකින් යුත් කම්කරු ජනතාව සිය විමුක්ති අරගලය පිලිබද පනිවිඩය සමාජය වෙත ගෙනයාමේ වගකීම තමා වෙතම පවරා ගත යුතු යුගය උදාවී ඇත.
2013 වසරේදී ලාංකීය කම්කරු ජනතාව මැයි දිනය සමරනුයේ.

  • රටේ මූලික නීතිය පවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන,
  • ස්වභාවික සම්පත් මහාපරිමානයෙන් විනාශ කෙරෙන,
  • රජයේ ක්‍රියාකාරකම් පිලිබඳ විනිවිද භාවයක් හා විශ්වාසනීය භාවයක් නොමති වූ,
  • විභාග ප්‍රතිඵල, රජයේ ආර්ථික සංඛ්‍යාලේකන දත්ත මෙන්ම මැතිවරන ප්‍රතිඵල පිලිබඳව පවා විශ්වාසය අහිමි වූ,
  • අසාධාරන හා අත්තනෝමතික ලෙස බදු මුදල් විදුලි ඉන්ධන ප්‍රවාහන ගාස්තු ආදිය වැඩි වූ,
  • නිසි වගවීමේ ක්‍රියාපටිපාටියක් නොමති,
  • මහා පරිමාණයෙන් ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මිනීමැරුම්, සොරකම් ඉහළගිය හා ඒවාට රාජ්‍ය ආශීර්වාදය ලැබෙන,
  • සුරාකෑම් දුෂණ වංචා මහාපරිමාණයෙන් ඉහළගිය,
  • අමු අමුවේ මානව හිමිකම් අහිමි කෙරෙන,
     
        පරිසරයක් තුලය.

         තවදුරටත් තමන්ගේ පටු උවමනාවන් ඉටුකර ගැනීම සඳහා පාලකයන් ජනතාව නොමග යැවීමද, ජනතාව පාලකයන් සරන යාමද වන්දනාමාන කිරීමද නතර කල යුතුය.

         සුපුරුදු පරිදි ටෙලි සිනමා කතා, සටන් පාඨ, ගීත, හැංගීම්බර ආවේගශීලි කතා කියා මැයි දිනයත් විකුනාගෙන කනවාට වඩා තම පන්තියේම සඟයා සමග ආදරයෙන් අත්වැල් බැඳගෙන අවබෝධයකින් ඉදිරියට යා යුතු යුගය උදාවී ඇත. 

        මිනිස් සමාජය වෙලාගෙන පැතිරී ඇති අවිශ්වාසය, අසමගිය, අසහනය හා වෛරය නැතිකොට මුලු මහත් මානව සමාජය ආදරයෙන් අත්වැල් බැඳගත යුතු යුගය උදාවී ඇත........


Thursday, April 4, 2013

වෘකයන් රජ කරන ඌරන්ට ගිය බැටළුවන්ගේ රට

ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ලෙස ලාංකීය ජන සමාජය අවුලෙන් අවුලට ගමන් කරමින් පවතී. විටින් විට කරලියට පැමිනෙන විවිධ පන්නයේ සුනාමි වලට ‍රැලි වලට හසුවන සමාජය ඒ ඒ යුගයේදී ඒ ඒ ආතල් රස විඳියි. මහ කොටියා මරා දමා සාමය රසවිඳී මට බලා සිටි හුදී ජනයා එවකට සිතා සිටියේ මේ සියල්ලට හේතුව කොටියා බවය.කොටියා නොමැති රටක සියල්ල කිරියෙන් පැනියෙන් ඉතිරී පැතිරී යන අයුරු සකල සෞභාග්‍යයෙන් පිරි ලොකෙන් උතුම්ම උතුම් රට වන අයුරු සිහින දකිමින් සිටියවුන් තවම ඒ සුභ සිහිනයෙන් මිදී නැත.දැන් ප්‍රභා නැත ඓශ්වර්‍යයද පේන තෙක් මානයක නැත. දැන් අපට ඇති ලොකුම බාදාව දෙමළ ඩයස්පෝරාව සහ ජාත්‍යන්තර බලවේගයි.උන් අපට කෙලවීමට බලා සිටින්නේ ලොකෙන් උතුම්ම රට පිලිබද උන්ගේ ඉරිසියාව හා කුහක කම නිසාය.අප වහාම කල යුත්තේ බොදුබල සේනා හෝ රාවන බලකාය ට හෝ සෙට් වී චීනය හා රුසියාවේද උදව් ඇතිව උන් කුඩුපට්ටම් කිරීමයි.අපට කෙරෙන මෙම අඩන්තේට්ටම් පිලිබද චීනය රුසියාවද සිටිනුයේ බලවත් තරහකිනි. අප වැනි උතුම් ජාතියක් ‍රැක ගැනීමට ඔවුන් නොපැකිලිව සටන් වදිනු ඇත. පසුව අපට ලොකේ බලවත්ම උතුම්ම ජාතිය බවට පත් විය හැක.

      අහෝ මෙවැනි හීනමානී අඳබාල ජාතියක් ලොව කොතෙනකවත් නැත.ඒදාවේල පිරිමසා ගැනීමට බලාසිටින තක්කඩි දේශපාලුවන් හා නිවට රාජ්‍ය නිලධාරීන් ගේ දේශනා වලට දොහොත් මුදුන් දී සවන්දෙන ඔවුන්ව අදහන මිනිස් ප්‍රජාවක් සිටින රටක මෙය අරුමයක් නොවේ. චීනය අප වෙනුවෙන් සටන් වදීවියැයි බලාසිටි කබ්බන්ට උතුරු කොරියා අර්බුදයේ දී චීනයේ හැසිරීම පිලිබඳ නැවත සිතා බැලීම වටී.අපේ එවුන් සිතා සිටින පරිදි පරමාදර්ශී ගුනගරුක රටක් වන චීනය අනාගතයේදී ඇමරිකාවෙන් මෙන්ම ඉන්දියාවෙන් වන අනතුරු වලින් අප බේරාගන්නා ගැලවුම් කරුවා නොවේ. චීනයට ඇති ලොකුම ප්‍රශ්නය තම අති විශාල ජනතාව නඩත්තු කිරීමයි.නිකරුනේ යුද්ධයකට මැදිවී සියල්ල අවුල් කරගැනීමට උන් මෝඩ නැත.කොටින්ම උතුරු කොරියාවේ ගොන් පාර්ට් වලට කඩෙ යාමට මෙන්ම ජාතික වීර මහින්ද රාජපක්ෂ බේරාගැනීමටද චීනාට අමරුවක් නැත.ඔවුන් යුධ ශක්තිය වර්ධනය කරගන්නේ වෙනත් රටවලින් එන අභියෝග වලට මුහුන දීමට මිස අමරිකාව විනාශ කිරීමට හෝ ලෝකයට සාමය උදාකිරීමට හෝ බිජු ඇට තරමේ රටවල් වල නායකයින් බේරාගැනීමට නොවේ. 
          මේ යුගයේ යුද්ධය කෙරෙනුයේ වෙළඳ පොලවල් හරහාය.චීනයට ලංකාව වැදගත් වන්නේ වෙනත් රටක් විසින් චීනයට එරෙහිව ලංකා භූමිය භාවිතා කිරීම වැලක්වීම මිස අපට ඒශ්වර්‍යයේ දොරගුලු විවර කිරීමට නොවේ.ඉන්දියාවටද අවශ්‍යය එයමයි. සිරිමාවෝ මැතිනිය චීනයෙන් සහල් ආධාර ගැනීමට
ගිය අතීත දිනෙක ඒවකට සිටි චීන ජනපති පවසා තිබුනේ "අපේ රටේ සෑම නිවසකින්ම සහල් මිට මිට බැගින් එකතු කලද මුලු ලංකාවටම වසරකට සරිලන සහල් සපයා දිය හැකි වුවද රාජ්‍යක ප්‍රධාන යුතුකම වනුයේ තම පුරවැසියා සවයංපෝශිත කිරීම නොවේද" යන්නයි. 

      ලාංකිකයන් සමදා පුරුදුවී ඇත්තේ අප වෙනුවෙන් අනෙක් එවුන් කඩේ යවා ආතල් එකේ සිටීමටය. දියසේනලා උපදින තුරු බලාසිටීමටය. සැබැවින්ම ලොව කිසිඳු රටකට දෙවනි නොවන පරිදි අප සතුව සම්පත් දැනුම සහ දක්ශයින් ඇත.කලයුත්තේ ඒ සියල්ල මනා කලමනාකරනයක් තුලින් ඉලක්කගත වැඩපිලිවෙලක් කරා මෙහෙය වීමයි.ලෝකය දිනීම යනු ආර්ථිකය දිනා ගැනීමයි. කිසිඳු නිශ්පාදනයකට මුල් නොවන රජය දඩමුදල් බදු මුදල් විදේශ ණය මත යැපීම යනු තව තවත් අප දීන නිවට මිනිසුන් පිරිසක් බවට පත් කිරීමකි.අපටම ගැලපෙන ලාංකීය මොඩලයක් නිර්මානය කරගැනීමට අප තවමත් අසමත් වී ඇත. ජනතාව පෙලන සමාජ ආර්ථික ප්‍රශ්න හා අසහනය දඩමීමා කරගනිමින් විවිද ජාතිවාදී වර්ගවාදී අන්තවාදී බලවේග හිස ඔසවයි.ලංකාවේද තමිල්නාඩුවේද පොදු ප්‍රශ්නය එයයි.කපටි දේශපාලනය විසින් ජනාතාව පෙලන සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට වෙනත් ප්‍රශ්නයක් ඉස්මතු කර පෙන්වයි. මහින්ද පාලනය විසින් කොන්දේසි විරහිතව බොදුබල සේනාව සරන ගොස් ඇත්තේ එබැවිනි. ජාතිවාදී වර්ගවාදී ආගම්වදී අදහස් සමාජයේ පීඩිත ජනකොටස් අතර වේගයෙන් පැතිර යන්නේ එබැවිනි.තමා පෙලන සැබෑප්‍රශ්නය අනෙකා නිසා ඇතිවන බව පෙන්වාදී පීඩිතයන් එකිනෙකා මරාගන්නට සලස්වා ජාම බේරා ගැනීමට බලා සිටින මේ ජරාජීර්න දේශපාලනය සහමුලින්ම පිටුදැකිය යුතු කාලය පැමින ඇත.වැද්දන්ගෙන් බන අසමින් නොසිට සාටක වාදීන්වී ජාම බේරාගැනීමට බලා නොසිට වහ වහා අප විසින්ම නැගිටිය යුතු කාලය පැමිණ ඇත.
සංවර්ධනය යනු රටක ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා ගෙනයායුතු ක්‍රමික වැඩපිලිවෙලක් මිස සංවර්ධනය වීම සඳහා ජනතාව ජරාජීර්න ලෙස දුක් විඳිය යුතු නැත.

මොරබ්බා....
 

Related Posts Plugin for WordPress, Blogger...