2014 වර්ෂය සඳහා වන අය වැය ලේඛනය මේ දිනවල ලහි ලහියේ සැකසෙමින් පවතී. රජයම පවසන ලෙස ශ්‍රී ලංකාව ආදායම් තව තවත් වැඩි කරගතයුතු අවදානම් අවස්ථාවක පසුවේ. ඔය කියන අවදානම කවදත් පැවතුන එකකි. මුල්‍ය කළමනාකරනය අතින් කවදත් අසමත් ලංකාව තම අසීමිත විදේශ ණය වාරිකය හා පොළිය ගෙවා ගැනීමටද වෙළඳ හිඟය පියවීමටද මගක් සොයමින් සිටී. හිතුමතේ මහාපරිමාණ ව්‍යාපෘති කරමින් ඒවායින් ලබන ප්‍රතිලාභද අහිමි කරගනිමින් කොමිස් ගැසීම සඳහාම ව්‍යාපෘති කෙරෙන මට්ටමකට ඇදවැටී ඇත. පෙර පැවති දූශිත රජයයන් හි සිටි දේශපාලුවන් සිදුකෙරෙන ව්‍යාපෘති තුලින් කොමිස් ලබාගත්තද දැන් සිදුවනුයේ කොමිස් ලැබීමේ හෝ නම බැබලවීමේ අරමුනින් ඒ සඳහාම සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමය. දේශපාලුවන් පමණක් නොව උන් වටේ සිටින එහෙයියන් ගැත්තන් මතු නොව බලු කුක්කන් ගේ පවා ජීවිත සුඛිත මුදිත වී තිබෙන්නේ ඒ අනුභාවයෙනි. ආර්ථිකය දියුනු කිරීම සඳහා රජය තවදුරත් සේවා අංශය දෙස අවධානය යොමු කර ඇති බව පැහැදිලිය.
මෑතක සිට ඇසෙන කැසිනෝ ගාලගෝට්ටියද එවැන්නකි. දේශප්‍රේමී හංවඩුව ගසාගත් බලවේග විසින් මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයට ඔසවා තැබීමෙන් පසු සිදුකරන ලද තීරනාත්මක යුධමෙහෙයුම් වලින් පසු තම පැවත්ම තහවුරු කරගත් ඔහුට තව දශකයක් උව බලයේ සිටීමට එය ප්‍රමානවත්ය. ඒ අතර ඔහු වටා ඒකරාශී වු ව්‍යාපාරික බලමුළු රිසි සේ තම සුරාකෑම සිදුකරගෙන යයි. ධනේශවරයට පාට පක්ශ මතවාද නැත. ඇත්තේ එකම බල කඳවුරකි. දකුනේ පමණක් නොව උතුරේත් තත්වය එයයි. බිම් මට්ටමේ මතවාදයන් අති ශූක්ශමව නඩත්තු කරන අතරේ ඉහල මට්ටමේදී සියල්ලෝම ක්‍රමය හා සැතපෙති. බොහෝ දෙනෙකු තේරුම් නොගත් දේශපාලන යතාර්තය එයයි. සිංහල බෞද්ධ වේවා දෙමළ මුස්ලිම් ජාතික විජාතික හලාල් හරාම් UNP TNA යන මේ සියල්ලට මැදිව දුක් විඳින්නෝ පොදු ජනතාව නොහොත් හිඟන්නෝය. යම් දිනක හිඟන්නන් රජ වුවද පවතින්නේ එම ක්රමයම වේ. මෙහිදී ජ.වි.පේ ක්රියාකරිත්වද ප්‍රශ්නාර්තයකි. ක්‍රමය වෙනස් කිරීමට පොරොන්දු වුවෝද සියල්ලට ඉහලින් තම පැවත්ම තෝරාගෙන ඇත්දැයි සැක සිතේ. වේදිකාවල කෑමොරදී අප වෙනුවෙන් පෙනීසිටින්නට පත් කරගත්තවුන් ගැන තවදුරටත් විශ්වාසය තැබිය යුතු නොවේ. බිම්මට්ටමේදී අප තනිවම අප වෙනුවෙන් පෙනීසිටිය යුතු යුගය පැමිණ තිබේ.
ජාති ආගම් ආදී ගෝත්‍රික මතවාද දිලින්දා මත පටවා උනූන් ඇන කොටාගන්ට සලසවා තමන්ගේ පංගුව කේවල් කරමින් සිටින මේ කපටි නරින් මත යැපීම වහ වහා නැවත්විය යුතුය. තවත් රතුපස්වලක් පිළියන්දල නිර්මාණය වීමෙන් අනූ නමයෙන් අප බේරුනි.
කැසිනෝ වලට අප විරුද්ධ වීමට හේතුවක් නැතත් අසීමාන්තික බදු සහන ලබාදීමේ හේතුව කුමක්ද?
රජයට සත පහක ආදායමක් නොලැබෙන ලෙස සිදුකරන මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල අරමුණ කුමක්ද?
නම ගැසීමේ හා කොමිස් ගැසීමේ අරමුනින් පමණක් සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමෙන් බලාපොරොත්තුවන සංවර්ධනය කිම?
අප කලයුත්තේ අධිවේගී මාර්ග වරාය පර්යන්ත ආදිය විවෘත කිරීමට ප්‍රථම එම සංදර්ශන නැරඹීමට ගොස් සතුටු කඳුලු හෙලීම නොව මුල්ලකට වී හඬාවැලපීමයි.
ප.ලි. සම්බන්ධිත ලිපි (ලිකාරස් ගේ පාඩම)
.
.jpg)
ජීවත්වන අප අසන්නට පවා අකමැති වචනයක් වන "මරණය" ගැන ආපු අදහසක් මේ විදිහට අකුරු කරල දාන්න හිතුනා. මේ ලෝකේ නටන නටුම් ඔක්කොම අහවර කොරල අන්තිමට යන්න තියෙන ගමනට කල්තියා ලෑස්තිවෙලා අවබෝධයකින් ඉන්න එක අපි කාටත් හොඳයි නෙව. අමුතු විදිහක් ඕකේ නැහැ. අපේ කැමැත්තක් ඉටුවීමක් නැත්නම් ආශිර්වාදයක් තමා මරණය කියන්නෙ. අපට උවමනා පරිදි අපේ කැමැත්ත ඉටුවීමක් කියල කිව්වම මට ගල් ගහන්න කාරි නැහැ. කවුද කැමැත්තෙන් මැරෙන්නේ කියල හිතන්න එපා. ඔබේ මරණය සිදුකරන්නේ ඔබට අවශ්‍ය පරිදි ඔබේම සිතැඟි විසින්මයි. අපම නිර්ණය කරගත් කාල රාමුවක් තුල ජීවත් වී නෙක විධ වින්දනයන් ලබමින් ජීවත් වන අපට ඒ වින්දනයන් යලි යලිත් ලැබීම පිනිස පරිසරයක් සකස්කරගැනීමට මග පාදන්නේ මරණයයි. "තවත් නම් ඉන්න බැහැ" කියන සිතිවිල්ල තදින්ම ඇතිවූ විගස ඔබේ මරණය සිදුවෙනවා. එනම් ඔබ ඔබේ සිරුර හැර දමා යනවා. ඔබේ පැතුම ඉටුවෙනවා. ඔබ ආසාවෙන් විඳි අත්දැකීම් යලි යලිත් විඳගැනීමට ඔබට හැකිවෙනවා. ඒ කියන්නේ පැතුම් ඉටුවීමක් නොවේද?
ශාරීරික ක්‍රියාකාරිත්වය අඩපන වු විගස මරණය සිදුවේ යන්න වෛද්‍ය විද්‍යත්මක මතයයි. නමුත් සත්‍යය වනුයේ ක්‍රියාකාරිත්වය අඩපන වූ සිරුරක පැවත්මට ඔබ නොකැමති වීමයි. ඔබ ආසාකල විඳීම් එලෙස තවදුරත් විඳිය නොහැකි තැන ඔබට නික්මීමට සිතේ. දියවැඩියා රෝගියෙකු දෙස බලන්න. ඔහුට තහනම් කල පැනිරස හොරෙන් හෝ කෑම ඔහුගේ සිරිතයි. තමන්ට අහිමිවන විඳීම කෙසේ හෝ ලබාගැනීමට සිතේ නොනිත් ආශාවක් ඇතිවනවා. මරණයත් ඒ වගේ. ශාරීරික ස්වභාවය අඩපන වීම ස්වභාවික ක්‍රියාවක්. එයයි යතාර්ථය. එයට නොකැමති වන ඔබට කෙසේ හෝ අහිමිවීයන විඳීම් අවස්තාවන් යලි යලිත් විඳීමට උවමනා වෙනවා. එයට ඇති මග මරණයයි. දරුණු අනතුරකින් සිරුර කෑබලි වී යන මොහොතක් සිතන්න ඔබ ඔබේ සිරුරට ආදරෙයි ඔබ අකමැතියි එය කැබලි වනවාට. එය කැබලිවීමෙන් ඔබට මෙතෙක් කලක් විඳි සියල්ල විඳගැනීමේ අවස්තාව අහිමි කෙරෙනවා. ඔබ හරි කැමැත්තෙන් මරණය තොරගන්නවා සම්පූර්ණ ශරීරයක් සහිතවම යලි යලිත් ඒවා විඳීමේ අරමුණින්. නමුත් එසේ හැරයන මොහොතේ යම් කණගාටුවක්, වේදනාවක්, පසුතැවීමක් ඇතිවීම භයානකයි. මොකද ඒ මොහොතේ ඔබේ විඳීම් ස්වභාවය එය වනවා. යලි උපත එයට අනුරූප වෙනවා. මරණය යනු එයයි. ඔබ ආසාවෙන්ම ලැබූ විදනයන් යලි යලිත් ලැබීමේ මග ඔබම විවර කරගන්නවා. යම් ලෙසක ඔබට කැබලිවී ගිය සිරුර හෝ ක්‍රමිකව වියපත්වන දුබල වන සිරුර යලිත් කවදා හෝ මෙවන් ධර්මතාවයකට යථාර්තයකට මුහුන දෙන බව දැක ඒ මොහොතේම ගැටීමක් නැතිවම එය හා එකඟ විය හැකිනම් ඒ මොහොතේම ඔබ මරණය ජයගන්නවා. (non judgement and non engagement with the situation).

දැන් ඔබට සිතේවි අපාය සහ දිව්‍ය ලෝකය පිලිඹදව ඔබ අසා ඇති දෑ. මා සිතන ලෙස අපාය හෝ දිව්‍ය ලෝකය යනු යම් යම් විඳීම ස්වභාවයන්ය. ඔබ වඩාත් ආසාවෙන් වින්දනය කල දේ යලි යලිත් විඳීමට ඔබ මරණයෙන් පසු පරිසරය සකස් කරගනී. නැතහොත් එය විඳීමට සුදුසු පරිසරයක ඔබ පහල වනු ඇත. විශ්ව නීතියට අනුව ඔබ වපුරන දෙය ඔබට ලැබේ. එසේ වන්නේ ඔබ ඒ සමග ඒකාත්මික වී ඇති බැවිනි. ඔබේ විඳීම එයයි. හිංසාව රිදවීම වින්දනය කරන්නාට එම විඳීම් යලි යලි විඳීමට පරිසරය සකස්වනු ඇත. ඔහු තමන් තුලින්ම එය අත් විඳිනු ඇත. සතුට ආදරය වින්දනය කරන්නා එම වින්දනයන් යලි යලිත් විඳීමට මග පාදාගනු ඇත.
ඒ අනුව අප ප්‍රාර්ථනා මාර්ගයක ගමන් ගන්නා මගියෝ වන්නෙමු . ඔබෙ ප්‍රාර්ථනා පොදියේ බර අඩුවූ තරමට ගමන ඉක්මන් වනු ඇත. මරණය අරමුණ වෙත වූ අපේ ගමන ඉක්මන් කරයි. නමුත් මේ මොහොතේම උව මරණය ජය ගත හැකියයි මට සිතේ. ඒ සියයට සියයක්ම
තමාට සිදුවන සියළු දේ හා ඒකාත්මික වීමෙනි.
අවශ්‍යයතාවයන් හා බලාපොරොත්තු සියල්ල මේ මොහොතේම අතහැරීමෙනි.
රැකීමට හා ඔප්පු කිරීමට කිසිවක් නොමැති වීමෙනි.
පැවැත්ම අහෝසිවී යන්නේ එවිටයි. මේ මොහොතේ කෂනිකව ශරීරය විනාශවී ගියද ක්‍රමිකව වියපත්ව රෝගී වුවද කිසිම අකමැත්තක් බියක් වේදනාවක් හෝ විශේෂ හැඟීමක් නොමැතිව සිටිය හැකිනම්, එය පිළිගත හැකිනම් (be harmonize) මරණය ජයගත හැකි වේ. අහිමි වන විඳීමේ ස්වභාවයන් පිලිඹඳ ආසා වූ විගස ඒවා විඳගත හැකි පරිසරයක් ඔබට ලැබේ. කෙසේ නමුදු මරණය ඔබේ බලාපොරොත්තු ඉටු කරන බැවින් එයට කෙසේ වත් බිය විය යුතු නොවේ. එය ඔබේ බලාපොරොතු ඉටුවීමක්, ඔබට ආශිර්වාදයක් යැයි කීවේ එබැවිනි.