Wednesday, December 12, 2012

අපි ඔ‍ටුවොද...?

     නීතිය, අධිකරනය, පාර්ලිමෙන්තුව වනාහී බලවතුන් සුළුතරයකගේ අවශ්්‍යයතාවයට අනුව බහුතරය පාලනය කිරීමට හදාගත් පද්ධතියක් ක්‍රමවේදයක් පමණි. අවසානයේ බලවතුන්ගේ ධනය සමග යහන්ගත වී සියල්ලෝම සුරාන්තයට පත්වීමට පෙරුම් පුරයි. මෝඩ නූගත් අදක්ෂ සහ හැඟීම්බර මිනිසුන් සිටිනා තාක් කල් ඔවුන්ට පාලනය ගෙන යාමට පහසුය. රට, ජාතිය, ආගම, ජාතික කොඩි, ගීත, සංඛේත වලට මුලා වූ මිනිසුන් තම අධ්්‍යාත්මය ඒ තුල ගොඩ නගා ගනී. අවසානයේ ඔවුනට ඉතිරි වනුයේ එම කල්පිත සංකල්ප පමනි. ක්‍රමය විසින් ගොඩනගාදුන් සංකල්ප මහාගොඩක් දෑතිම බදාගෙන පරාජිත හිස් හැඟීම් හදවතේ පුරෝගෙන කඳුළු පිරි දෙනෙතින් සුභවාදී හෙටක් ගැන දෑස් දල්වා බලා සිටිති. 
     මේ පීඩාකාරී අසාධාරන ක්‍රමය නඩත්තු වන්නේ ඔවුන්ගේ කර මතින් බව ඔවුන් කිසිදා නොදනී.ඔවුන් රවටා ඇති බව ඔවුන් නොදනී.ඔවුන් දූෂනය වී ඇති බව ඔවුන්ම නොදනී. ඔනෑම මොහොතකදී තමන් අදහන වන්දනා කරන දේශපාලන බලවේගයට කොන්දේසි විරහිතව කඩේ යාමට ඔවුන් සැදී පැහැදී සිටී. දෙපිල බෙදී තම පන්තියේම සහුර්ද්යා සමග මරාගෙන හෝ ක්‍රමය නඩත්තු කිරීමට බැඳී සිටී. 
    සියළු ජාතික ආගමික දේශපාලනික සංකල්ප කරේ තබාගෙන වන්දනාවේ යන සියලු බැතිමතුන්ට මෙය සාධාරනය. අවසානයේ සියල්ලෝම සුරාන්තයට පත්විය හැකි කෙටි ක්‍රම සොයාගොස් තමන් සමග පෙරහැරේගිය සහුර්දයන් අමතක කර දමති.බහුතර බූරුවන් නැවත පෙරහැරේ යාමට, කඩේ යාමට, පෙලපාලි යාමට, කිරිබත් කෑමට එවන් උත්සවයක් එනතුරු බලා සිටී..

 මෑත කාලයේ රඟදැක්වුන
     මහින්ද-JVP
     මහින්ද-හෙල උරුම
     මහින්ද-ප්‍රභා
     JVP- විමල් 
     මහින්ද-KP
     මහින්ද-රනිල්
     මහින්ද-සරත් 
     සරත්-සරත් 
     සරත්-අර්ජුන 
     රනිල්-සජිත් 
     සජිත්-කරු 
     JVP-පෙර‍ටුගාමී 
     දුමින්ද-හිරුනිකා 
     6% අරගලය 
     ක‍ටුගෙදර කන්ගැට්ටා 
     සපුමල්ගේ කඩුව 
     වැලිකඩ මලකඩ(තව තියෙනවනම් කියන්න)
 ආදීය වෙනස් වෙනස් නාට්්‍යය නොව එකම මෙගා නාට්ය්‍යක episodes පමණි. ඒහි නවතම Episode එක

මහින්ද -ශිරාණි ය.
      අගවිනිසුරු තුමියනි ඔබ ධූරයේ ‍රැඳී සිටීම තීරනය කරනුයේ ඔබ සිදුකල වැරදි දුෂණ හෝ ඔබ සිදුකල යහපත් ක්‍රියා නොව රාජපක්ෂලාට ඔබ කොතරම් වැදගත්ද අවශ්්‍යයද යන්න මතයි. ඔබට කඩෙ යන අය ගැන දුක් නොවන්න ඔවුනට සතු‍ටු වීමට මෙවන් උත්සවයක් යලි ඒවි.ඔබට පහර ගසන්නන් නැවත ඔබ සමග ප්‍රිය සම්භාෂන පවත්වාවි. ක්‍රමය සමග සතු‍ටු වන්න ඔබ ඉගෙන ගනීවි. නැතහොත් ක්‍රමය වෙනස් කරන්න ගොස් අප මෙන් කුනු බක්කියට වැටේවි.

 
මේ මහින්දගේ යුගයයි මේ ඔහුගේ නාට්්‍යයයි.......     
    බහුතරය නිවටයන් සහ නපුන්සකයන් වු රටක ප්‍රජතන්ත්‍රවාදය තරම් භයානක දෙයක් තවත් නොමැත. සියල්ල උඩු යටිකුරු වෙද්දී අයුක්තිය අසාධාරනය රජ කරද්දී හෘද සාක්ශිය කෑගසා හඩද්දී මන්දබුද්දිකයන් සේ හැසිරීමට මෙ රටෙ තරම් සමතුන් ලොව කොහෙවත් නොමැත. බහුතරය ඔහේ බලා සිටිති අපිදු ඔහේ බලා සිටින්නෙමු. අන් අයට වන අසාධාරනයේදී ගොලුවන් බිහිරන් සේ හැසිරීමට පුරුදු වී ඇති අප නුදුරු දිනෙකදී එම අයුක්තියේම ගොදුරු වනවා නිසැකය.

 එතෙක් අපි අපිටම ජය පතා ගමු..... අපට දැන් අවශ්යය අන් කිසිවක් නොව සුනාමියකි..... සියල්ල සෝදා පිරිසිදුකල හැකි සුනාමියකි.........

2 comments:

  1. මම දැනුයි මේක දැක්කේ මොරබ්බා..නියමයි .... මේ විදිහට කෙළින් අදහස් ප්‍රකාශ කරන අය තමයි අවශ්‍ය... දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන්. මේ වෙන දේවල් දැකල ගොඩක් කලකිරීමෙන් තමයි ලිව්වෙ ..

      Delete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...