Friday, January 11, 2013

දඩ බල්ලන් වීදි බැසීම සහ ලුම්පන් පන්තියේ ආතල් එක




මැදමුලන IRC කාරයන්ගේ දේශපාලන ආක්‍රමනයේ සුලි කුනාටුව මේ දිනවල වීදි සිසාරා  හමා යනු පෙනේ.පුරුදු පරිදි  මෙහි ගාමක බලවේගය නාගරික ලුම්පන් පන්තියයි  (ලුම්පන් පන්තියේ දේශපාලන භවිතාව පිලිඹඳ සඳහන් කිරීම වෙනමම සංවාදයකි).ඌරන්ගේ මාලු  ඌරන් පිටම තබා කපන රාජපක්ෂවරු පුරුදු පරිදි මෝඩ ජනතාවගේ හදවතේ සියුම්ම තැන් සොය සොයා කිති කවයි.රට ජාතිය ආගම පිලිඹඳව මිනිසුන් තුල වූ අහිංසක හැඟීම් වංචනික ලෙසත් කපටි ලෙසත් කඩේ යවමින් ඔවුන් විසින්ම නඩත්තු කරන බඩගිනිකාරයන් සහ බොතල්පත්තර කාරයන් (මාද්‍යකරුවන්) සුළු සුළු සන්තෝසම් වලට බත් packet  එකට බෝතලයට form කර උසිගන්වා වීදියට මුදා හැර ඇත.පුරුදු පරිදි තවත් සතුරෙකු ද්‍රෝහියෙකු නිර්මාණය කර සතුරාට උඩ පැන පැන පහර දීමට හරක් ‍රැල මෙහෙයවයි.බත් කන හරක් ‍රැල කාලෙකින් ලැබුනු අවස්ථාව යොදාගෙන හොඳ හැටි ආතල් ගනී කිරිබත් කයි රතින්ඥා දල්වයි.හෙට අනිද්දාම එලඹෙන සුභ අනාගතයේදී උන්ට ‍රැකියා ලැබී රට සුඛ්ත මුදිත වී කිරියෙන් පැනියෙන් උතුරයි උන්ගේ ප්‍රධාන සතුරා පරාජය වී ඇත. ඔවුන් පවසන පරිදි මේ රටේ ඇති එකම ප්‍රශ්නය අග විනිසුරුතුමියයි. ප්‍රභා මරා බේරාගත් මේ රටට ඇති එකම බධාව අගවිනිසුරුතුමියයි.උන් බඩගින්නේ සිටින්නේත් හිඟා නොකා හිඟා කන්නේත් උන්ගේ රීරි මාංශය උරා බොන්නේත් දරු පැටවුන්ගේ අනාගතයට කෙලවන්නේත් ගෑනු රට යවන්න වෙන්නේත් අග විනිසුරුතුමිය නිසයි. ඒ හරහා මේ රටේ ඒක ධ්‍රැවීය වන දේශපාලන බල තුලනය තේරුම් ගැනීමට උන්ට නොහැක.කොන්දක් නැතුවා සේම මොලයකුත් නොමැති 2/3 ට අයිතිවන හරක් උන්ගේ වල උන්ම හාරගෙන යන බව නොදැන සැනකෙලි පවත්වයි.

     ජනතාවගේ අරගල සහ උද්ඝෝශන police batten, STF යොදා මර්දනය අවාසි දායකය.පහසුවෙන්ම ලුම්පන් බල්ලන් ලවා දඩයම් කල හැක.මොලේ කලඳක් නොමැති ලුම්පන් දඩ බල්ලන් උන්ගේම පන්තියේ පීඩිතයාව හපා කා හාම්පුතාට තම හපන්කම පෙන්වයි.අවසානයේ ලැබේන මස් කටුවේ තමා ලෙසම දුක් විඳි තම පන්තියේම සහුර්දයාගේ ලේ රස උන්ට හඳුනාගත නොහැක.ලේ කොහොමත් ලුනුරසය.දුර්වල නපුන්සකයන් රාජපක්ෂලා සමඟ යහන්ගතවී කීකරු වී තම පැවැත්ම ආරක්ශා කර ගනී.හිල ලොකු කරගන්න අකමැතිනම් sorry.com ය.ගනිකාවන් පිට රටින් ගෙන්විය යුතු නැත.සියල්ලෝම (2/3ම) ගනිකාවන්ය.සියල්ලෝම සතුටිනි රටත් සතුටිනි.

 මමවත් අධෝමුකය පරිස්සම් කරගත යුතුය.(ඉඳල හිටල හිනාවෙන්න වත් තියෙන්නේ ඔච්චරයි) අධිකරනයේ කන්‍යාවටත් ප්‍රසිද්ධියේම ඇරපු ඒකේ මටත් අරියි කටින් එන්න.

*******************************************************

    රසවත් ලිපියක් ලිවීමට සිතා සිටියද මේ වෙන විගඩම් බල බලා නිහඩව සිටිය නොහැකි නිසා මෙය ඉස්සර විය.භාෂා විලාසය පිලිඹඳව සමාවන්න. මුන්ට මෙම වචනද හොඳ වැඩිය..

 ගොස්සිප්9 ලිපියද බලා සත්‍යය අවබෝධ කර හුරේ දමා විසිල් ගසා නිදාගන්න.

8 comments:

  1. අපූරුයි. අර කිව්වත් වගේ මේ භාශා විලාශය නැතුව බුත්සරණේ විදිහට ලියන්නයැ. ජයවේවා. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....

      Delete
    2. adai awe...ape paththe ennath aradhana..
      me dewal aththatama wenas wenna one morabba...
      nathnam aathal lagadeema kadenneya...

      Delete
    3. ස්තුතියි ඔබට අනිවා එන්නම්...

      Delete
  2. අඩෝව්... රජතුමාට වචනයක් කියන්නෙපා හරිද ? සුදු වෑන් එකක අර ලූපන් බල්ලොද මොක්කුද දාල එවයි :P එතකොට මොරබ්බත් අතුරුදහන් උන්ගෙ ලැයිස්තුවෙ...

    ලුම්පන් දඩ බල්ලන් කියල ඇත්තටම සත්තු ජාතියක් ඉන්නවද ?

    ReplyDelete
    Replies
    1. සරලව කියනවනම් ලුම්පන් කියන්නේ සුලු මුදලකට හරි වාසියකට හරි යට වෙලා තමන් වගෙම දුක් විඳින තමන්ගෙම පන්තියේ මිතුරට හානිකරන මොඩයන්ට. උන්ට උන් වැටිල ඉන්න සැබෑ ප්‍රශ්නෙ තෙරුම් ගන්න බැහැ. උදාහරනයකින් කියනවනම්...කුඩ්ඩෝ මැරයෝ වගේ උන් ධනවතුන්ගෙ බලවතුන්ගෙන් සල්ලි අරන් අසාධාරනයට විරුධව ලියන පත්තර කාරයෙක්ව මරලා දානව එත් ඒ පත්තර කාරය ලියන්නේ උන්ගෙම පන්තියේ පීඩිතයන්ට වෙන ප්‍රශ්න ගැන...
      උන්ට තමයි ලුම්පන් පන්තිය කියන්නේ

      :D

      Delete
  3. නියම ලියමන! භාෂාව අපූරුයි. මෙහෙම නේන්නං දෙන්න ඕන.

    ReplyDelete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...