Friday, January 18, 2013

පිපෙන පිපෙන මල්




        මල්  පිපෙන්නේ ඇයි දැයි ඔබ මොහොතකට හෝ සිතා බැලුවාද?නෙක නෙක පාටින් මනරම් සුවඳින් පියකරු හැඩයෙන් පිපෙන පිපෙන මල්වලින් මේ ලොව ලස්සන උනා මිස වැනසුනේ නැත.පිපෙන පිපෙන හැම මලක්ම ඵල නොදැරුවත් මල් නොපිපී තියේවිද මේ මිහිමත 

           ගත වූ වසර තරම් ලංකාවේ ස්ත්‍රී දූෂන ළමා අපචාර ඇතුලු ලිංගිකත්වය සම්බන්ධ අපරාධ(හෝ අයතා ක්‍රියා)වාර්තා වූ වසරක් නොමැති  තරම්ය.එසේම ලැගුම්හල් වැටලීම ජංගම දුරකතන පරික්ශාකිරීම ආදිය පිලිබඳ පලවූ ලිපිද ඕනැ තරම්ය.ඒවා අතර විශේෂ වන්නේ අවුරුදු 16 ට අඩු ළමුන්(ළමුන් යැයි නීතියේ සඳහන්)ට අදාල ලිංගික ක්‍රියකාරකම්ය.නිසිපරිදි ලිංගිකව පරිනත වූ මනුස්ස ජීවීන්ට පෙම් කිරීමට විවාහ වීමට නීති මාලාවක් සපුරා සමාජමය සංකල්ප මහාගොඩක් ඉක්මවා නේරංජනා ගඟෙන් එගොඩ වී දුශ්කර ක්‍රියා කොට පැමිනිය යුතු සේම සේම හැඟීම් මැඩගෙන මිරිකාගෙන ජීවත්වීම විනය ගරුකය ශිෂ්ඨසම්පන්නය.
          පැනි පෙරීම වැල බැලීම ගනිකාඇසුර පිරිමින්ටද
ගල පෙන්නීම කොටට ඇඳීම පිරිමින් ලවා දූෂනය කරවා ගැනීම පිරිමින් පෙලබවීම සල්ලිකාරයන් පසුපස යාම ආදී කුහක චොදනා ද බොහෝ විට ස්ත්‍රියටද එල්ල වේ.මෙම ලිපිය එලෙස ලිංගික කුහකයන්ගෙන් චෝදනා ලබන ගැහැනුන් හා පිරිමින් වෙනුවෙන් දිගහැරේ...


               ස්වභාවිකවම ගැහැනියක් බිහිවන්නේ තම පරපුර ඉදිරියට පවත්වා ගැනීමටය.සුජාතව හෝ අවජාතකව හෝ පැටවුන් සෑදීම ඇගේ කර්යයයි.පදික වේදිකාවේ හිඟාකන ගැහැනියටද රජ මැදුරේ බිසවටද තම පැටවා බිහිකිරීමට කැමති පරිදි පැටවා හදාගැනීමට ඇත්තේ එක හා සමාන අයිතියකි.මානව ශිෂ්ථාචාරයේ ඉදිරි පැවැත්ම රඳා පවතින්නේ මේලෙස පිපුනු මල් මතය.තම පැටවාට හොඳින් ජීවත් වීමට අවශ්‍යය පරිසරයක් ඇය නිතැතින්ම සකස් කරගනී.ඒ සඳහා සුදුසු හැකියාවක්(කායිකව ආර්ථිකව සාමාජයීයව)ඇති පිරිමියෙකු ‍තෝරා ගැනීමට ඇය සුදුසු පරිදි ක්‍රියාත්මකවේ.ඒ සඳහා සුදුසු ආකර්ශනයක් ලබාගැනීමට මල් නිතැතින්ම හැඩගැසී ඇත.
           එය කොටට ඇඳීම වන්න පුලුවන් මායම් 64 වන්න පුලුවන් අඟ පසඟ පෙන්වීම වන්නට පුලුවන් වගේම තැන්පත්ව විනීතව සිටීම වන්නටත් පුලුවන්.මේ කොයි යම් ලෙසකින් බැලුවත් බඹරුන්ගේ ආකර්ශනය දිනාගැනීම වෙනුවෙන් මලකට කැමති අනුවර්තනයක් දරන්න පුලුවන්. එය මලේ අයිතිය නොවේද? එයට සීමා පැනවීමට සමාජ සාම්ප්‍රදායික එළුවන්ට  අයිතියක් නොමැත.මල කෙසේ පැවතිය යුතුද යන්න මලේ කාරියක් වන අතර බඹරෙකුට කල හැක්කේ කැමති මලක් වෙත ඇදී යාම පමණි.පිරිමියකුගේ කාර්ය්‍ය තමාට ජාතකවූ පැටවාට වැඩීමට සුදුසු පරිසරයක් සකස් කරදීමයි.ඔබට හොඳම මල අවශ්‍යනම් ඔබ හොඳම බඹරා වියයුතුය.ඔබට ඔබගේ ම ජාන වලින් ජනිතයන් විශාල ගනනක් අවශ්‍යය වීම ඔබට අනුව සාධාරන වන්නට පුලුවන් නමුත් ඒ සියලුම පැටවුන් පෝෂනය කිරීමට ඔබට හැකිවිය යුතුය.නැතිනම් ඔබේ පැවැත්මට මලම බාධාවක් වේවි.එවිට ඔබ මලට බාධාකරාවි.

                 සමාජය තුල ස්ත්‍රීන්ගේ පැවැත්ම පිලිඹඳ සීමා මයිම් පැනවීම පිරිමින් විසින් සිය අයිතියක් කොට ගෙන ඇත.ඇඳුම් ඇඳීමේ සිට හැසිරීම අධ්‍යාපනය ‍රැකියාව මෙන්ම විවාහයට පවා බලපාන පරිදි විනය නීති මාලවක් හඳුන්වාදී ඇත. 
කවුද කැමති බඩුවක් බඳින්න? 
කැමති ලෙස පෙති විහිදා විකසිත වීම සුවඳ විහිද වීම ඇතැම් විට සදාචාර විරෝදීය සංස්කෘතියට පටහැනිය.ඒවා පාපයන් ලෙස හෝ දුශ්චරිතවත් හැසිරීම් ලෙස හෝ හංවඩු ගසා පිලිකුලෙන් අවඥාවෙන් බැහැර කොට පහරදී ගරහා යටපත් කරනවාට වඩා ඔවුනට සුදුසු ලෙස විකසිත වන්නට සුදුසු වට පිටාවක් නිර්මාණය කර දීම වැදගත් නොවේද?
   පරාගනය වීමට මලක් දරන අහිංසක උත්සාහයට ඇයි මෙතරම් බධා... 
පරාගනයෙන් පසු මලට වන්නේ කුමක්ද? 
         සැබෑවටම ගැහැනියක පරිනත වීම ඇය පිරිමියෙකු ඉදිරියේ නිරුවත්වීම හෝ කන්‍යාභාවය මත රඳා පවතින බව සිතා සිටින බමුනු සමාජය සැබෑ ලෙසම ඇය පරිනත වීම සිදුවනුයේ කුසතුල දරුවෙකු පිලිසිඳ ගැනීමෙනි යන්න එකවරම පිලි නොගනී.ඔබ විවාහක නම් ඔබේ බිරිඳ මවක වූ පසු ඇගේ හැසිරීම විමසා බලන්න.කලින් සිටි දඟකාර හුරතල් කෙල්ල ඔබට හමුවිය හැකිද? සැබැවින්ම  ඇගේ කාර්ය්‍යය අවසන් දැන් ඇය මවක්.ඇය තුල ඔබ කිසිදා අත් නොවිඳි තැන්පත් පරිනත බවක් ඔබ දකීවි.ඇය තුල කලින් දුටු දඟකාර කෙල්ල සොයා වෙහෙස නොවන්න.දැන් ඇගේ කාර්‍යය පැටවුන් ‍රැක බලා ගැනීමයි.ඇය තුලින් පෙර සිටි ආකර්ශණීය චරිතය සොයන්නට ගොස් ගැටුම් ඇතිකරගැනීම හෝ කොටු පැනීම හෝ නොවේ ඔබේ යුතුකම.ඇය ඔබව ‍තෝරාගත්තේ පැටවුන් ලොකු මත් වනතුරු ඇයව හා පැටවුන්ව ‍රැකබලා ගැනීමටයි.සැබෑලෙසම මෙය ඔබේ මවටද සොයුරියටද බිරිඳටද මෙන්ම මතු දිනෙක ඔබේ දියනියටද පොදු ධර්මතාවයකි. 
සමාජය තුල පැල පැදියම් කර ඇති ලිංගික ආකල්ප හුදෙක් තම බලය හා ආධිපත්‍ය ලිංගික අවයවය ඔස්සේ පැතිරවීමට බලාසිටින පිරිමින්ට හා රිසිසේ සම්පත් පාරිභෝජනය කල නොහැකි වූ පරාජිත ස්ත්‍රීන් විසින් වපුරවා ඇති බව සැබෑවකි ඒහෙත් දැක්මක් බුද්ධියක් ඇති මිනිසුන් ලෙස බමුනු මතයන් බිඳ දමා මිනිසුන් ලෙස ජීවත් වීමට කාලය පැමිණ තිබේ.



 මොරබ්බා
 



11 comments:

  1. 100% එකඟයි යාළුවා.. මේකට හොඳ දිග කොමෙන්ට් එකක් දාන්න ඕන. ඒත් දැන් ටිකක් කාර්යබහුලයි. අපහු ඇවිත් මගේ අදහස කියන්නම්...

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් ඉතා වටිනවා පහසු වෙලාවක එන්න යසිත්.

      Delete
  2. mithrayaa aththatama mekata honda comment ekak
    daannam. dan welaawa nha..obage lipiya nam ithama
    agaya kala yuthu mattame thiyenne...

    e wagema mage blogaya thula obage commentuwata maa
    pilithura sapayuwa...

    pramada weema gana samawanna..

    e wagema obe blogaya thula

    Follow kireemata pahasukam sapayanna....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහන් follow කිරීමට පහසුකම් සැපයුවා

      Delete
    2. ඔබ දකින්නැතිනෙ මේ දින වල මගේ ජීවිතේ ගෙවෙන හැටි .
      ඒ නිසා මේ වගේ දේකට ඔලුව load කරන්න බැරි කමක
      මන් ඉන්නේ මොරබ්බ ..තද බල පීඩනයක මන් ඉන්නේ ...

      නමුත් ඇහැකි වෙලාවක මන් එන්නම්
      මේ ගැන මගේ මතය කියන්න ...

      Delete
  3. සමහර කරුණු ගැන එකඟවිය හැකියි.. සමහර කරුණු ගැන එකඟ විය නොහැකියි..

    ReplyDelete
    Replies
    1. මා පැහැදිලි කරන්නට උත්සහ කලේ ගැහැණු සහ පිරිමි අතර පවතින බැඳීම පදනම් කරගෙන එය වටා ගොඩ නැගුනු සමාජ ය තුලින්ම එම සම්බන්ධතාවයන් වෙනත් අර්ථකතනයන් හා සීමා කිරීම් තුලින් විනාස කරදමා ඇති ආකාරයයි. ඔබට සංයුක්ත පිළිතුරක් ලබා දෙන්න පුළුවන් නම් අගෙයි මාතලන් අයියා.....

      Delete
  4. Morabba, මට මේ ලිපිය කියවීමට ටබු සබ්ජෙක්ට්ස් මිරර්ඩ් බ්ලොගය තුල ඔබ කළ ආරාධනයට ස්තූතියි.

    මේ ගැන මගේ අදහස මෙහෙමයි. පිරිමියෙක්ට ගැහැනියක්ව පාලනය කරන්න, දූෂණය කරන්න, වෙනත් විවිධ ආකාරයේ අඩන්තෙට්ටම් කරන්න අයිතියක් නැහැ. නමුත් මෙය පරිණාමය හරහා සනාථ කළ හැකි දෙයක් නොවෙයි. පරිණාමය අපේ හැසිර්‍රිම් පැහැදිලි කරනවා පමණයි. අපි හැසිරිය යුත්තේ කෙසේද යන්න පරිණාමයෙන් හා විද්‍යාවෙන් බැහැර දේෂපාලනික දර්ශනයට අදාළ දෙයක්.

    ගැහැනියක් හැඩ ගැසී ඇත්තේ හැකිතාක් දරුවන් සෑදීමට තමයි. නමුත් පිරිමින් හැඩ ගැසී ඇත්තේද හැකිතාක් දරුවන් සෑදීම සදහාම තමයි. මම ටබු අඩවියේදී කිව් පරිදි බලය ලබාගත් පසු එයින් මත් වී එය අයුතු ලෙස යොදා ගැනීමට මානව පිරිමියා පෙළබෙන්නෙ අතීතයේදී එවැනි හැසිරීම් වලට පරිණාමික වාසියක් ලැබුන නිසා. බලය ලැබුනු පසු එය අයුතු ලෙස යොදාගෙන වැඩි වැඩියෙන් ගැහැනු අයත් කරගත් පිරිමිට වැඩි වැඩියෙන් දරුවන් ලැබුනා. ඒ දරුවො තමයි අපි. අපිට තියෙන්නේ ඒ ජාන. අපේ ජාන තමයි ඇත්තටම අපේ පරිණාමික ඉතිහාසය.

    ඉතින් හිතන්න පිරිමියෙක් ගැහැනියක් දූෂණය කරන්න පෙළබෙන්න හේතුව. තමන්ට බලය ලබා ගන්න බැරි නම්, තමන්ට හොද රූප සම්පත් නැත්තම්, තමන්ට වෙනත් හැකියාවකුන් නැත්තම්, කොටින්ම ගැහැනියක් ආකර්ෂණය කරගන්න කිසිම හැකියාවක් නැත්තම් බලෙන් හෝ ගැහැනියක් හා එකතු වෙන පිරිමියාට පරිණාමික වාසියක් ලැබෙනව.

    මේකෙන් අදහස් වෙන් නැහැ ගැහැණුන් දූෂණය කරන්නෙ වෙන කිසි ක්‍රමයකින් ගැහැනියක් ලබා ගත නොහැකි පිරිමින් පමණයි කියල. පරිණාමය තේරුම් ගත යුත්තේ ජාන වල පැත්තෙන් මිසක් සතුන්ගෙ පැත්තෙන් නෙවෙයි. මේකෙ අදහස තමයි අපේ අතීත පරිසරය තුළ ගැහැනු දූෂණය කරන්න පොළබවන ජාන වලට පරිණාමික වාසියක් ලැබුන බව. පිරිමින්ට මේ ජාන තිබෙන්නෙ ඒකයි.

    දැන් ඔබ කියනවනම් ගැහැණු ලිංගිකත්වය උද්දීපනය වෙන ලෙස ඇදුම් අදින්නෙ පරිණාමික හේතු මතයි, ඒ නිසා ඔවුන්ට එසේ කරන්න අයිතියක් තියනව කියල, මට කියන්න පුලුවන් පිරිමින්ට ගැහැනු දූෂණය කරන්න පරිණාමික හේතුවක් තියනව, එම නිසා ඔවුන්ටත් එසේ කරන්න අයිතියක් තියනව කියල.

    කරුණාකර මම පිරිමින්ට ගැහැනු දූෂණය කරන්න අයිතියක් තියනව කියල තර්ක කරනව කියල හිතන්න එපා. මම කියන්නෙ ඔබ ගැහැනුන්ගෙ අයිතිවාසිකම් ස්ථාපන කරන්න යොදා ගන්න තර්කයම යොදලා කෙනෙක්ට ගැහැනියක් දූෂණය කරන්න අයිතියක් තියනව කියල ස්ථාපනය කරන්න පුලුවන්.

    මගේ අදහස අනුව හරි වැරැද්ද කුමක්ද යන්න (morality)තීරණය කරන්න පරිණාමය යොදා ගැනීම හරිම භයානක දෙයක්. Social Darwinist ලා හා නාසිවාදින් කරපු වැරැද්ද මේකයි.පරිණාමය අපි කරන දේවල් විස්තර කරනව මිසක් අපි කළ යුතු දේ කියල දෙන් නැහැ. අනික් අතට සමහර Objectivist ලා කරනව වහේ පරිණාමය වැරදියි කියන මතය උඩ ඉදගෙන හරි වැරැද්ද පැහැදිලි කරල හරි යන්නෙත් නැහැ, මොකද පරිණාමය නිවැරදිව අපිව විස්තර කරන නිසා. Morality කියන දේ අපිට පරිණාමය ගැන තිබෙන දැනුමෙන් පෝෂිත විය යුතු නමුත් ඒ මත පදනම් වීම සිදු නොකළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. මෙහි පැමිනියාට ස්තුතියි.. ඔබගේ අදහස් දැක්වීම නිවැරදියි....ප්‍රවේනි විද්‍යාත්මකව ඔබගේ පැහැදිලි කිරීම අපූරුයි.

      සැබැවින්ම සියල්ලටම යටින් දිවෙන ජීව විද්‍යාත්මක හරය එයයි.එයට සමගාමීව මතුවන සමාජමය චර්යාවන් පදනම සමග ගැටීම නිසා අර්බුධ මතු වෙනවා.ඔබ කියූ පරිදිම මොනම ක්‍රමයකින් හෝ තම ජාන ව්‍යාප්ත කරගත නොහැකි වූ පිරිමින් ස්ත්‍රී දූෂන කරා යොමු වෙනවා. එසේම කොහෙන් හෝ සොයාගත් ගැහැනියක් තමා යටතේ කො‍ටුකර තම දේපලක් සේ පවත්වාගෙන යනවා.ඔහුට බයයි ඇය තමාට වඩා ප්‍රභල පිරිමියෙකු කරා ඇදීයාවි කියල.එමගින් ඔහුගේ ජාන වල ව්‍යාප්තිය නවතා දැමෙනව.ඔහුගේ බිය සහ දුර්වල බව නිසා ඇය යටපත් කෙරෙනවා.එසේම ඒ අතර ඔහු සිතින් හෝ වෙනත් ගැහැනුන් සොයනව.තම ගැහැනිය පිලිඹඳ බිය වන අතරේ දීම වෙනත් ගැහැනුන්ට මාන බැලීම අමුතු දෙයක් නොවේ.එසේම ගැහැනියද ඔහු මගහැරේවියි බිය වනවා.එය තුලින් ඇයට හා පැටවුන්ට ‍රැකවරනය අහිමිවෙනවා..පතිවත කන්‍යාභාවය චපල කම අනාචාරය මුදලට සම්පත්වලට ආභරනවලට ගිජුකම ආදී වචන සහ සංකල්ප මහා ගොඩක් මගින් ඇය පිරිමියා වෙත රඳවා තැබේනවා.ගතිගුන සාරධර්ම සොය සොයා පහර දෙනවා.ඇයටද සැබෑලෙස අවශ්‍යය සම්පත් භුක්ති විඳීමට ඒ ඇයට සහ පැටවුන්ට ශක්ති සම්පන්නව පාරිසරික අභියෝග වලට මුහුනදීමටයි පමනයි. ඇයට රජ කමක් හෝ පාලන බලයක් ලැබුන විට ඇය රිසිසේ සම්පත් භුක්ති විඳිනවා පිරිමියා සම්පත් ඒක රාශී කරන්නේ ඒ හරහා ගැහැනුන් වැඩි ප්‍රමාණයක් දිනාගැනීමටයි. ඒ හරහා මනුශ්‍ය වර්ගයාගේම පැවැත්ම ‍රැඳී පවතිනවා.

      Delete
    2. ඔව්. ඇත්තටම පරිණාමික මනෝවිද්‍යාව කියන්නෙ අලුත් විද්‍යාවක්. ඒක පටන් ගත්තෙ හැට ගනන් වල අග භාගයේ හා හැත්තෑ ගනන් වල මුල් කාලයේ රොබර්ට් ට්‍රිවර්ස්, ඊ.ඔ.විල්සන්, හැමිල්ටන්, ජොර්ජ් මේනාර්ඩ් ස්මිත් වැන්නන්ගෙ සොයා ගැනීම් හරහා. අලුත් විද්‍යාවක් නිසා යම් යම් අවස්ථා වලදී අවිද්‍යාත්මක අදහසුත් ඉදිරිපත් වෙනව ඉතා ගෞරවනීය සගරා වල උනත්. නමුත් පිරිමින්ගෙ මේ හැසීරීම මේ වෙනකොට අපි හොදටම තේරුම් ගන්න දෙයක්.

      පිරිමියෙක්ට වෙන්න පුලුවන් ලොකුම පරිණාමික අවාසිය තමයි තමන්ගෙ පැටියා කියල හිතාගෙන වෙන එකෙක්ගෙ පැටියව රැක බලා ගැනීම. ඉතින් හැකිතාක් එසේ වීම වළක්වන්න පෙළඹෙන පිරිමින්ට පරිණාමික වාසියක් ලැබෙනව. අපි ඔවුන්ගෙ දරුවන් නිසා අපිට තියෙන්නෙත් ඒ ජාන.

      පිරිමියෙක් තමන්ගෙ බිරිද වෙන පිරිමියෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වනව කියල දැනගත්තොත් ඊට සමාව දෙන්නෙ ඉතා කලාතුරකින්. බොහෝ විට ඔවුන් එවැනි අවස්ථාවලදී ප්‍රචණඩ ලෙස හැසිරෙනව. මේකට හේතුව කලින් කිව් පරිදි පිරිමියෙක්ට වෙන්න පුලුවන් ලොකුම පරිණාමික අවාසිය වෙන එකෙක්ගෙ දරුවෙක් තමන්ගෙ කියල රැක බලා ගැනීම. මෙවැනි හැසිර්‍රිමක් ඇති පිරිමින්ට පරිණාමික වාසියක් ලැබෙනව.

      පිරිමියෙක් කසාද බදිද්දි හැකිතාක් චාම්, සංවර ලෙස ඇදුම් අදින ගැහැනියක් ලබා ගන්න උත්සහ කරනව. මේකට හේතුව එවැනි ගැහැනියක් තමන්ට හොරෙන් අනියම් සම්බන්ධයක් පවත්වන්න ඉඩ කඩ අඩු වීම. ඉතින් චාම් ගැහැනු හොයන පිරිමින්ට පරිණාමික වාසියක් ලැබෙනව. අනික් අතට කුමන ගැහැනියක් සමග හෝ සංසර්ගයේ යෙදීමෙන් පිරිමියෙක්ට පරිණාමික වාසියක් ලැබෙනව. මේ නිසා පිරිමි කසාද බදිද්දි සංවර ගැහැනු සෙව්වත් අසංවර ගණිකාවක් සමග නිදාගන්න අකමැත්තක් නැහැ. ගණිකාවකට තමන්ගෙන් දරුවෙක් ලැබුනොත් ඒක තමන්ට පරිණාමික බෝනස් එකක්. පිරිමියා ඒ ගණිකාවව විවාහ කරගන්නෙ නෑ.

      නැවත වතාවක් අවධාරණය කළ යුතුයි මේ කිසි දෙයකින් කියවෙන්නැහැ පිරිමි ක්‍රියා කරන්නෙ පරිණාමික වාසි ලබාගන්නයි කියල. සිරිපාල ලා, සුමනපාල ලා දන්න පරිණාමික වාසියක් නැහැ. ආර්ථික විද්‍යාවෙ utility function එක ආර්ථික කරුණු තේරුම් ගැනීමට හා අනාවැකි කීමට අපි යොදාගත්තත් ආර්ථිකය තුළ කොහෙවත් utility function කියල දෙයක් නැහැ. ඒ වගේම පරිණාමික වාසියක් කියල දෙයක් සතුන්ගෙවත් මිනිස්සුන්ගෙවත් මොළ තුළ වැඩ කරන්නෙ නැහැ.

      Delete
    3. ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝයි ඔබ මේ සංවාදය හැඩ කළා. සමාජයේ තවමත් කතාබහට ලක් නොවූ විෂය පථයක් (පරිණාමික මනෝවිද්‍යාව) ඔස්සේ ඔබ කල පැහැදිලි කිරීමට ස්තුතියි.....

      Delete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...