Tuesday, January 8, 2013

ඔබේ කීකරුකම මට අවශ්‍යයි...














ආදරනීය ජනතාවනි,

        ඔබලා දන්නවා ඇති දශක දෙකකට ආසන්න කාලයක් පැවති යුද්ධය මා විසින් නිමා කලා.දැන් ඔබලාට බිය සැක නැතුව ඕනම මොහොතක පාරෙ බැහැල යන්න පුලුවන් බිය සැක නැතුව පාරෙ හිඟාකන්න උනත් පුලුවන් වටපිටාවක් මම ඇතිකලා.ඔබලා පුල පුලා බලාසිටි දියසේන් කුමරා මමයි.ගැලවුම් කරුවා මමයි.පර ජාතික බලවේගවලට බිය නැති ඔබගේ ආරක්ශකයා මමයි.මාගේ දෙපතුල් ලඟ ඔබ සුරක්ශිතයි.මා ලඟ වැඳ වැටෙන්න මගේ දෙපතුල් ලෙවකන්න බඩගිනියි නම් ඉල්ලන්න.
මා ඉතුරු කල මස් ක‍ටුව රසයි නේද? බයවෙන්න එපා මම පොඩ්ඩයි සූප්පු කලේ ඕන නම් කෙල පොඩ්ඩක් ගෑවිලා ඇති.ඕක මොකක්ද මගේ කෙල බිඳුවක් හෝ ගෑවුන මස් ක‍ටුව කෑමට ලැබීමත් ඔබට වාසනාවක්.


ඔබට බුරන්න පුලුවන්ද?
හැබැයි මට ඔන විදිහට.මා සුරකින්න ඔබ සූදානම්ද.මාගේ පැවැත්ම තුල ඔබටද පැවැත්මක් තියෙනවා.බලන්න මගේම ගොලයෝ දෙන්නෙක් මරා ගත්තා.තවදුරටත් මට කීකරු වෙන්න පුලුවන් උනේ දුමින්දට විතරයි.භාරත මාරයට කීකරු උනා.මට කීකරු අයව මම බේරගන්නවා මම ඒ සහතිකය ඔබටලාට දෙනව.මම අකීකරු අයට කැමති නැහැ.

     මර්වින් වගේ කීකරු වෙන්න ඔබටත් පුලුවන් වෙන්න ඔන.ඔබට කොන්දක් අවශ්‍යය නැහැ.
ඔබට හුස්ම ගන්න කොන්දක් ඕනද?
කොන්ද නැති උනා කියලා ඔබලා මිය යන්නේ නැනැ.හැබැයි කොන්ද ඔබට ජීවිතය හෝ ඔබ දරන තනතුර හෝ ඔබගේ පැවැත්ම අහිමි කල හැක.ප්‍රජාතන්ත්‍රවාදය ඔබට අවශ්‍යය නැත.එය මට අවශ්‍යයි.සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු මා කියනා දේ නොවේද? බලන්න මාගේ පක්ශය තුල ප්‍රජතන්ත්‍රවාදය ඇත.
ඔවුන් මා කියනා දේ අසයි මට කීකරුයි උත්තරීතර පර්ලිමේන්තුව ප්‍රජතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තියයි.හරිම කීකරු මිනිසුන් පිරිසක්.එයාලගේ රස්සාවට ඔයලා පඩි ගෙවනව නේද? බලන්න ඒ පඩියට ඔවුන් කොතරම් මහන්සි වෙනවාද?.එය තුල නියෝජනය වන්නේ ජනතා පරමාධිපත්‍යයි. කියන්නේ ඔබගේ සැබෑ කැමැත්තයි.

     දේශප්‍රේමී ජනතාවනි, රාජ්‍යය නිලධාරීනි, වෘත්තිකයිනි, සේබලුනි, තවදුරටත් ඔබගේ කීකරු කම මට අවශ්‍යයයි.අකීකරු අය අමාරුවෙන් මුදාගත් අපගේ මාතෘභුමියට තර්ජනයක්.මට කීකරු වන්න.එය තුල 
ඔබද මමද සමස්ථයක් ලෙස මුලු රටම සුරක්ශිතයි.....
අපගේ මාතෘභුමිය සුරක්ශිතයි.
විදේශික බලවෙගවලට යටත් නොවෙමු.....
ඔබ සැමට සුභ අනාගතයක්...

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති
ශ්‍රී රෝහන ජනරංජන, ත්‍රී සිංහලාධීශ්වර මහින්ද රාජපක්ෂ)

4 comments:

  1. බොහොම අගෙයි දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතලන් අයියා.පලවෙනි කොමෙන්ටුව ඔබගෙන් ලැබීම මට සතුටක්.

      Delete
  2. උඹ වෙන රටක හිට ලියනවා වගේ. ඔහේ සුදු වෑන් නැතෙයි.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ ගෝනි බිල්ලන්ට බයේ බත් කෑව.ඉස්කෝලෙදි වේවැල් පාරට බයේ සීරුවෙන් හිටියා.
      දැන් සුදු වෑන් වලට බයේ ලිවිල්ල නතර කරන්න හිත දෙන්නේම නෑ..
      ස්තුතියි මේ පැත්තේ ආවට.....

      Delete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...