Monday, March 11, 2013

මගේ රට ඕවිටිගල...



      සසිරිබර මෙසිරිලකේ අගමැති වීමට තිබිය යුතු උපරිම සුදුසුකම කුමක්දැයි කුමාර වෙල්ගම ඇමතියා හොඳටම තේරුම් කරලම දුන්නා.ඒ වෙන කිසිවක් නොවෙයි උපන්ගෙයි මෝඩයෙකු වීමයි.මොඩයෙකු වීම පිලිබදව ආඩම්බර වීම කොතරම් ආතල්ද.ඕවිටිගල ගමේ මිනිස්සු හඳට පොලු ගැසු ආකාරය ගෝනා වැලලු ආකාරය පිලිබද කතා කිරීම වෙනම දෙයකි එහෙත් තමාද ඒ පරපුරේ වීම ගැන ආඩම්බර වීම?
      
      අපිද ඒ joke එක දැක පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් ලබන ඡන්දෙන් උඩින්ම උත්තරීතර place  එකට ඔබතුමා යවන්නේමු.කිසිඳු අධ්‍යාපන සුදුසු කමක් නැතිව කලහැකි එකම ‍රැකියාව ලෙස සමාජ සම්මතව ඇති දේශපාලනය පරම්පරා හතක පව් සෝදාහල හැකි කෙටිම පහසුම මග නොවේ නම් වෙන කුමක්ද.

       පාර්ලිමේන්තුව පිරෙන්නටම සිටින හොරුන් තක්කඩියන් මිනීමරුවන් කුඩු කාරයන් ස්ත්‍රී දුශකයන් අතර බූරුවකු සහ තකතීරුවෙකු වීම අගමැති වීමට අති එකම සුදුසුකම තමා.ඉන්පසු හිතේ හැටියට joke කර කර මොඩ ආතල් දිදී ගැලරිය චුන් කර කර කිසිඳු බියක් සැකක් නොමැතිව කරදරයකින් තොරවම ඒකාධිපති කපටියාට පාලනය ගෙනයාමට දරදිය ඇදිය හැකි නොවේද.
මේ යුගය ඉල්ලා සිටින්නේ අන් කිසිවකු නොව මොඩයන් පමණි.

     ගොන් බුරු ‍රැලක් පාර්ලිමෙන්තුවේ සිටීමම ප්‍රමානවත් නොවේ බහුතර පුරවැසියාද බූරුවන් වියයුතුය.උබල මොඩයන් නොවේනම් අඳ ගොලු බිහිරන් සේ සිටිය යුතුමය.ජාත්‍යන්තරය අපිට කෙලවන්න හදන මේ වෙලාවේ.බොදු බල සේනාව හම්බයන්ට කෙලවන්න හදන මේ වෙලාවෙ අපේ මෝඩ ගතිය කීකරුකම තොපිට හරියට වටිනව කියල අපි දන්නව තොපි අපිට හිතන්න පුරුදු කරන්න ඔන නැහැ අපි හිතන්න දන්නව.මෝඩයෝ වගේ හිතන එක අපිට පරම් පරාවෙන් තමයි එන්නේ. එක හරියට අපේ ජාතික උරුමය වගේ.
   එකනේ මහ රජා පාරේ වඩිනගමන් කොහොමද තොපේ ජීවිත කියල ඇහුවම අනේ රජතුමනි අපිට නොකා නොබී වැටිල හාමතේ මැරිල යන්න හරි රටක් ඉතුරු උනා නේ ඒ මදැයි කියලා වැඳවැටිල කියන්නේ.

බලාගෙන ගියාම මුළු රටම එකම එක ඕවිටිගලක් තමා......

2 comments:

  1. බහුතර පුරවැසියන් කොහොමත් බුරුවන් තමයි බන්.

    ReplyDelete
    Replies
    1. බුද්ධිමතුන්ගේ නිහැඩියාව තමා මෝඩයන්ගේ ගෝෂාවට උදව් කරන්නේ
      ස්තුතියි ඔබට....!

      Delete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...