Wednesday, May 22, 2013

ආඬි හත් දෙනාගේ කැඳ හැළිය නොහොත් 21 වර්ජනයේ කඳුළු කතාව...


              21
වනදා වර්ජනයක්ද මොකක්දෝ එකක් තිබුණා යයි රට්ටු කථාවෙති.වර්ජනය අසාර්ථකයි රජයේ මාධ්‍ය බුරා වැටෙති වර්ජනය සාර්ථකයැයි වර්ජකයෝ කියතියි සිරස කියති.කුරිරු අති භයානක ලෝකයෙ ප්‍රභලම ත්‍රස්තවාදය පැරදවූ මේ රජයට එරෙහිව වැඩ වැරීම ගුණමකු කමක් යයි හොරෙන් හොරෙන් රෙදි හෝදන නඩය හොරෙන් හොරෙන් කියති.අවංකකම කළගුණ සලකීම ඉවසීම වැනි උතුම් ගුණධර්ම සහිත මිනිසුන් අප බවින් කවුරුන් හෝ අරින්න ආවත් පශ්චාත් භාගය නිසිපරිදි හරවා නවා පුද දිය යුතු බව පාඩම් කියාදෙති. 

           සබවින්ම සිදු වූයේ කුමක්ද? මින් තේරුම් ගතහැකි ලාංකිකයාගේ මනෝභාවය කුමක්ද?            රාවණගෙන් හෝ විජයගෙන් හෝ සිංහයන්ගෙන් හෝ වඳුරන්ගෙන් හෝ පැවත එනවාය කියා නිතරම මිණි මරාගන්න දඟලන සිංහල නොහොත් මහා ජාතිකයන් සැබවින්ම දුර්වලය උපන්ගෙයිම නිවටය බයාදුය.සත්‍යය එයයි.විජාතිකයන් කඩා බිඳ දමා ගිය කොන්ද යළි සවි වී නොමැත.දීන බවේහි පරාධීන බවෙහි පතුලටම ගිලී ඇත.ඔබට සමහරවිට මා සමග තරහක් අතිවනු අත. 

    උදාහරණයක් ලෙස මෙය මදකට සිතන්න:- ලාංකිකයන් ආගන්තුක සත්කාර වලට ප්‍රකට සිනහමුසු ආචාරශීලී ජනතාවක් බව දෙශ දේශාන්තරයන්හි ප්‍රකට බව උඩ පැනපැන කියනවා ඔබ අසා ඇති. එහෙත් එම ගුණාංග ඔබ ලාංකිකයෙකුගෙන් අත්විඳ තිබෙනවාද.රවන ඔරවන යටිකූට්ටු වැඩ කරන තම ලබඳියාට වෛරී ලෙස සලකන මිනිසුන් නොවෙද අප අතර සිටිනුයේ.සබවින්ම සිදුවනුයේ විදේශිකයෙකු දුටු විට පමණක් දෙකට තුනට නැමී සිනාසී ආචාරශීලිව සලකීම පමණි.මෙය බයාදු නිවට කම මිස වෙන කුමක්ද

               කොඳු කඩා දැමූ නිවටයන් අතර සොයාගත නොහැකි දුර්ලභම දෙය නම් අවංක හා සත්‍යය වාදී මිනිසුන්ය. මුන් සැමදා බලා සිටිනුයේ ලඟසිටින අනෙක් එකා බිල්ලට දී තමන් බේරී සුව සේ සිටීමටය. අප වෙනුවෙන් ප්‍රභාකරන් මැරීමට දියසේන එන තුරු බලා සිටියේය වගේ එකෙක් ආවේය.සියල්ලෝම උන් සරණ ගියෝය.දැන් මදි නොකියන්න කළගුණ සලකති රීරි මාංශ හූරා කා බඩගින්නේ මැරෙන්න ඉඩ ඇරියත් නාස්තිය වංචාව දූෂණය ඉහ වහා ගියත් අසාධාරණ ලෙස විරුද්ධ වාදීන් මරාදමුවත් තවමත් කළගුණ සලකලා ඉවර නැත. දුර්වලයන් සර යන වීරයන් සහ වීරයන් සරණ යන දුර්වලයන් විහිළුකාරයන් වන්දිභට්ටයන් අඩු නැතිව ඇත්තේ එබැවිනි. හැම එකාම බලා සිටින්නේ තමාගේ ජාම බෙරාගෙන shape එකේ ජීවත් වී තමා වෙනුවෙන් අනෙකා සටන්කොට දිනාගන්නා දෙය භුක්ති විඳීමටයි.අඩු තරමේ කම්කරු වෘත්තීය සමිති ටික පවා එක පෙරමුණකට එකතු කරගත නොහැකිවූ මෙවන් මානසික වහලුන් කුහකයන් නිවටයන් පිරි රටක අරගල යනු තවදුරටත් විහිළුවක් පමණි.....

4 comments:

  1. අති දුර්වල විපක්ෂයක්, එකමුතුකමක්, නොමැති කම හා තම පැවත්ම අනෙකා බිල්ලට දී හෝ ලබාගැනිමේ දුෂ්ඨ ඡේතනා හේතුවෙන් හත් පොලේ ගා ගත් වර්ජනයක් බව නොකියාම බැරිය. 15 ද විරෝධය ඊට වඩා බලවත්ය.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම ඇත්ත.හැමෝම අනෙකා ඉදිරියට එක්කම් බලන් ඉන්නවා වගේම එකිනෙකා විස්වාස කරන්න බයේ ඉන්නවා....
      ස්තුතියි ඔබට ....!

      Delete
  2. වර්ජනයකුත් තිබුණද හෑ ???? නිහඬ වර්ජනයක් වෙන්න ඇති

    ReplyDelete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...