Wednesday, May 1, 2013

සැබෑ අර්ථවත් මැයි දිනයක් උදෙසා.....

         

       මැයි දිනයේ සැබෑ අරුත වැඩකරන පන්තියේ විමුක්ති දිනය සැමරීමයි.එහෙත් එය තවත් එක්  මාතෘ දිනයක්,වැලන්ටයින් දිනයක්, ඒඩ්ස් දිනයක් වැනිම වූ ආතල් දිනයක් බවට පත්වී ඇත.කම්කරු පන්තිය නොහොත් වැඩකරන ජනතාව හුරේ දමා විසිල් ගසා හවසට බෝතලයක් ගසා ගෙදර යන තවත් එක් නිවාඩු දිනයක් පමනක් වී ඇත.මැයි දිනයේ සැබෑ අරුත මෙරට පීඩිත ජනතාව තවමත් තේරුම්ගෙන ඇත්දැයි සැක සහිතය.පැහැදිලිවම එය ඒසේ නොවේ.තම විමුක්තිය පිලිබඳව උන් මෙලෝ හසරක් නොදනී.
      වැඩකරන පන්තියට දේශපාලන පක්ෂයක් නොමැත ජාතියක් ආගමක් නොමැත ඔවුනට ඇත්තේ ඔවුන්ගෙම අරගලයකි ඔවුන්ගෙම පක්ෂයකි.කනගාටුවට කරුන වන්නේ ඔවුන්ගේම දිනය සැමරීමේ ශුද්ඩ වූ අයිතිය ඔවුන්ම තලා පෙලා දමන දේශපාලකයන්ට පවරාදී පාලකයන් සමග දීගකන දිනයක් බවට මැයි දිනය පත් කරගෙන තිබීමයි.මැයි දිනය සැමරීමේ වගකීම කම්කරුවන් පෙලනා පාලකයන්ම උන්ගේ බූදලයක් බවට පත් කරගෙන ඇත.තම පක්ශයේ බලය පෙන්වීමට වරදාන වරප්‍රසාද දී තමන්ගේම අනුගාමිකයන් ඉදිරිපිට පම්පෝරි ගසනා තවත් එක දේශපාලන නාටකයක් බවට මැයි දිනය පත් කල යුතු නොවේ.

       නිවැරදි පන්ති සවිඥානයකින් යුත් කම්කරු ජනතාව සිය විමුක්ති අරගලය පිලිබද පනිවිඩය සමාජය වෙත ගෙනයාමේ වගකීම තමා වෙතම පවරා ගත යුතු යුගය උදාවී ඇත.
2013 වසරේදී ලාංකීය කම්කරු ජනතාව මැයි දිනය සමරනුයේ.

  • රටේ මූලික නීතිය පවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන,
  • ස්වභාවික සම්පත් මහාපරිමානයෙන් විනාශ කෙරෙන,
  • රජයේ ක්‍රියාකාරකම් පිලිබඳ විනිවිද භාවයක් හා විශ්වාසනීය භාවයක් නොමති වූ,
  • විභාග ප්‍රතිඵල, රජයේ ආර්ථික සංඛ්‍යාලේකන දත්ත මෙන්ම මැතිවරන ප්‍රතිඵල පිලිබඳව පවා විශ්වාසය අහිමි වූ,
  • අසාධාරන හා අත්තනෝමතික ලෙස බදු මුදල් විදුලි ඉන්ධන ප්‍රවාහන ගාස්තු ආදිය වැඩි වූ,
  • නිසි වගවීමේ ක්‍රියාපටිපාටියක් නොමති,
  • මහා පරිමාණයෙන් ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මිනීමැරුම්, සොරකම් ඉහළගිය හා ඒවාට රාජ්‍ය ආශීර්වාදය ලැබෙන,
  • සුරාකෑම් දුෂණ වංචා මහාපරිමාණයෙන් ඉහළගිය,
  • අමු අමුවේ මානව හිමිකම් අහිමි කෙරෙන,
     
        පරිසරයක් තුලය.

         තවදුරටත් තමන්ගේ පටු උවමනාවන් ඉටුකර ගැනීම සඳහා පාලකයන් ජනතාව නොමග යැවීමද, ජනතාව පාලකයන් සරන යාමද වන්දනාමාන කිරීමද නතර කල යුතුය.

         සුපුරුදු පරිදි ටෙලි සිනමා කතා, සටන් පාඨ, ගීත, හැංගීම්බර ආවේගශීලි කතා කියා මැයි දිනයත් විකුනාගෙන කනවාට වඩා තම පන්තියේම සඟයා සමග ආදරයෙන් අත්වැල් බැඳගෙන අවබෝධයකින් ඉදිරියට යා යුතු යුගය උදාවී ඇත. 

        මිනිස් සමාජය වෙලාගෙන පැතිරී ඇති අවිශ්වාසය, අසමගිය, අසහනය හා වෛරය නැතිකොට මුලු මහත් මානව සමාජය ආදරයෙන් අත්වැල් බැඳගත යුතු යුගය උදාවී ඇත........


6 comments:

  1. මන් හිතන්නේ මැයි රැළිය අර්ථවත්ව පවත්වන්න පුළුවන්
    රට සංවර්ධනය කරා ගෙන යෑම තුළිනුයි ..නැතුව ඒ මිනිස්සුන්ව
    තවත් රවට්ටලා නෙවේ ..මැයි දිනයක් පවත්වන්න නොවෙන
    දාටයි නියම මැයි රැළියක අර්ථය ලැබෙන්නේ ..


    මේ ලිපිය එක්ක සමගාමීව ගොඩක්ම දේවල් තියෙනවා මොරබ්බා
    කතා කල යුතු ..ඒත් මොනවා කරන්නද ..අදහසක් වත් කියන්න
    හිතෙන්නේ නැහැ ..මට හිතුනොත් මාත් යනවා බත් පැකට් එක
    අරන් ෂොට් එකක් දාල එන්න ..බඩගිනි මට ...

    ReplyDelete
    Replies
    1. රැවටීම කියන්නේ අද කාලේ විලාසිතාවක් වගේ දෙයක් හැමෝම අන්‍යොන්‍ය වශයන් එකිනෙකා රවටගන්නවා රැවටෙනවා .ඔබේ අදහසට ස්තුතියි සහන් ...

      Delete
    2. //මට හිතුනොත් මාත් යනවා බත් පැකට් එක
      අරන් ෂොට් එකක් දාල එන්න ..බඩගිනි මට ...//
      අනේ අම්බෝ සහන්..... හික්.....

      ඇත්තට ගොඩක් අය යන්නේ ඔය බත් පැකට් එකයි, එදාට දෙන සල්ලි ටිකයි ගන්න කියල තමයි මටත් හිතෙන්නේ...
      හොදම වැඩක් කියන්නම්කෝ... මේ මැයි 1 වෙනිදා අපි කළුතර බෝධිය වදින්න ගියා. ඒකෙ වාහන නවත්තන තැන තමා ඒ පැති වල නිල් පාට කට්ටියගේ මැයි පෙළපාලියට යන අය බස් නවත්තන් කෑවේ. එක බස් එකක ගියපු දෙන්නෙක්ට කන්න පරක්කු වෙලා. දැන් අනිත් බස් යනවා. එතන ලොක්කා කෑ ගහනවා මට තව වැඩ තියෙනවා ඉක්මන් කරලා අද්දන්න කියලා. අර මිනිස්සු දෙන්න ආපු බස් එකේ අයත් කෑ ගහනවා කෑවා ඇති එන්න කියල. මොන.... අරුන් දෙන්නා හිමිට කනවා. ඉදල ඉදල බැරිම තැන බස් එක යන්න ගියා අර දෙන්නව දාලා.... අරුන් දෙන්නා හිමිට කාලා පයින්ම ගියා.... හික්.... මං හිතන්නේ ඒ වෙනකොට අවශ්‍ය දේවල් ලැබිලා.....

      Delete
    3. ඕක තමයි රටේ තත්වය පාලකයොයි ජනතාවයි කියල වෙනසක් නැහැ හැමෝම ආත්මාර්ථකාමී වෙලා රැවටීමෙන් ජීවත් වෙන්න පුරුදු වෙලා... ඔබේ අදහසට ස්තුත්යි සමනලී....

      Delete
  2. මගේ පොඩි කොලුවා මගෙන් අහනවා "තාත්තේ මැයි පෙළපාලියේ යන්න ඕන වැඩකරන මිනිස්සු නේද? තැනගේ අයිතීන් ඉල්ලගන්න, ඒ උනාට මේ මොකද පාලක පක්ෂයේ කට්ටියත් මැයි පෙළපාලියේ යන්නේ" කියලා

    ReplyDelete
    Replies
    1. පොඩි කොලුවට මගෙන් මල් මටක්. ඒ කතාව සහතික ඇත්ත....

      තමන්ගේ දේශපාලන බලය පෙන්වන්න උපක්‍රමයක් කරගෙන තියෙන්නේ මැයි දින පෙළපාලි .අනික ඔය එන කට්ටියගෙනුත් බහුතරය එන්නේ ළමය ඉස්කෝලේ දාගන්න රස්සාව ස්ථීර කරගන්න ලොක්කට එක දාගෙන උසස්වීමක් ගන්න ටකරන් ටිකක් ගන්න වගේ පටු අරමුණු එක්කම තමයි පාලකයෝ මිනිස්සුන්ව රවටනවා වගේම මිනිස්සුත් උන්ට අවනත වෙලා තමන්ගේ වැඩක් ගොඩදාගන්න බලන්නේ.හැමදේටම කෙටි ක්‍රමය දේශපාලන පන්දමයි.

      Delete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...