Monday, May 6, 2013

වැද්දන් සමග ක්‍රිකට් ගැසීම නොහොත් අපට අප මුනගැසීම..


              පහුගිය ටිකෙ නැගල ගිය අමුතු ආතල් අතර  පොඩ්ඩක් හිතට වැදුන එකක් තමයි ආදිවාසීන් සමඟ පැවති ක්‍රිකට් තරඟ. ඇත්තටම වැද්දන් නොහොත් ආදිවාසීන්කියන්නෙ ඓතිහාසික උරුමයක් තියෙන ආවේනික සංස්කෘතික ලක්ෂණ යන්තමින් හෝ ‍රැකගෙන සිටින ජනවර්ගයක්.මූලාශ්‍ර අනුව වැද්දන් පැවත එන්නේ වනයට පලවාහල කුවෙනි සහ ඇගේ දරු දෙදෙනා ගෙනි.එය සත්‍යයක්නම් ඔවුන් වනාහි බහුතර ලාංකීය බමුනු සමාජයේ අසාධාරන කොන් කිරීමට ලක් වූ ප්‍රතම ජීවමාන සාක්ශියයි.නමුත් බහුතර සමාජයේ සිදුවූ සීග්‍ර සංස්කෘතික පරිනාමය හමුවේ තම අනන්‍යතාවය තවමත් යන්තමට හෝ ‍රැකගෙන ජීවත් වීමට ඔවුන් දරන අරගලය ඛේදනීයයි. 
          සබෑලෙසම අප සමාජයක් ලෙස සංවිධානය වුවද පරිසරයේ තවත් එක ජීවියකු ලෙස පරිසරය සමග ඒකාත්මික වී ජීවත් වන්නට අපට මගත් වෙහෙසක් ගන්න ට සිදුවී තිබෙනවා.විනෝද චාරිකාවක් යන්නත් පොඩ්ඩක් විවේකීව ඇවිදින්න යන්නත් එහෙමත් නැත්නම් භාවනා කරන්න එහෙමත් නැත්නම්  චායාරූප ගන්නත් ගොඩක් අයට තමන්ට මගහරුන ස්වභාවික පරිසරය මතක් වෙලා තියෙනවා. නමුත් බොහෝ අය අවංක හදවතින් එවාට එකතු වනවා වෙනුවට බොරු සෝබනයට එහෙමත් නැත්නම් විලාසිතාවකට පරිසර චාරිකා යොදාගන්නවා.එහිදීද ඔවුන් එහි සුන්දරත්වය විඳිනවාට වඩා එම පද්ධතිවලට විශාල බලපෑමකුත් කරල තමයි ආපහු එන්නේ.නමුත් තමන්ගේ එදිනෙදා ජීවිතය ස්වභාවික පරිසර පද්ධති සමගම ගතකරන එහිම කොටසක් වැනිමවූ ආදිවාසීන්ට අද එම ජීවිතය පවා තහනම් කෙරෙමින් පවතිනව. අනෙකාට වෙන අසාධාරනය දිහා නිහඬව බලා සිටින්නට හොඳින් පුරුදු පුහුනු කල ලාංකිකයන්ට මෙය එතරම් ගැටලුවක් නොවන්නට පුලුවන්.ව්‍යාජ ශිෂ්ඨාචාර ගත ජීවිතයට වඩා වනගත ජීවිතය ඔවුනට මහ මෙරක් වීම පුදුමයක් නොවේ.
          රටක මහා සංස්කෘතික ප්‍රවාහය ප්‍රභලව ඉස්මතු වන කලට අනෙකුත් සුළු සංස්කෘතීන් හට ඊට අනුගත වීමට බල කෙරෙනවා.එහෙම නොවන්නේ නම් ඔවුන් මර්දනයට ලක් කෙරෙනවා.සිංහල දෙමළ ප්‍රශ්නෙට  ආසන්නතම හේතුවකුත් ඔතන තියෙනවා.අප සංස්කෘතිකයැයි සිතා උජාරුවට වද්දන් සමහ ක්‍රිකට් කෙලියට යන අපේ මහත්වරුන්ට අමතකවූ දෙයක් තමා කලකට පෙර පෘතුගීසීන් ලන්දේසි ආදී ආක්‍රමණිකයන් පැමින ඔවුන්ව ඔය කියන සංස්කෘතියට දමාගත්තේද එලෙසමය යන්නයි.එදා ඔවුන් අප දෙස බලන්නට ඇත්තේද ඒ ආකාරයටමයි. අද අප විඳින විදිහේම ආතල් එකක් එදා ඔවුන්ද වින්දින්නට ඇත. 
අප හඳුනාගත යුත්තේ සංස්කෘතිය යනු මිනිසා පාරිසරික ආර්ථික සාමාජීය අභියෝගයන්ට මුහුන දීමදී ඒවා ජයගැනීමට සකස් කරගත් චර්යාමය රටාවක් හෙවත් ආචාර්ය්‍යය ධර්ම පද්ධතියක් බවයි. 

               එය කලින් කලට පාරිසරික ආර්ථික සාමාජීය තත්වයන් වෙනස් වූවිට නිරන්තරව වෙනස් විය යුතුය. එය උදේ හවා උඩ දම දමා වන්දනාමාන කල යුතු පූජා භාන්ඩයක් නොවේ. එහෙත් අප සතු සංස්කෘතික වටිනාකම් වලට නිසි ගෞරවය සබෑ ලෙසම ලැබිය යුතුය.

13 comments:

  1. Replies
    1. ස්තුතියි අයිලාෂ් ඔබේ +++++++++++++++ ට මගෙන් +++++++++++++++++++++++++++++++++ :D

      Delete
  2. වැද්දන්ගේ ක්‍රිකට් ගැහිල්ල නම් සුපිරි.තව ටිකක් ට්ට්‍රේන් කරලා ගත්තා නම් වර්තමාන ක්‍රිකට් ටීම් එකට වඩා හොඳයි!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා. ස්තුතියි නිශාන් ඔබේ මුල්ම comment එක නේද..? cricket අපේ ජාතික සංඛේතයක් වගේ වෙලා නේ....

      Delete
  3. \\\\\එය සත්‍යයක්නම් ඔවුන් වනාහි බහුතර ලාංකීය බමුනු සමාජයේ අසාධාරන කොන් කිරීමට ලක් වූ ප්‍රතම ජීවමාන සාක්ශියයි.//

    මේ කොටස නම් සෑහෙන්න ඇත්ත මොරබ්බා..මමත් ඒ කාලෙ ඉඳන් හිතන දෙයක් තමයි ඔය දේ.මම ඇත්ත නැත්ත කියන්න දන්නේ නැහැ.නමුත් මොරබ්බා ඔහොම වැඩක් උනා නම් අන්තිම වැරදියි..ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නැහැ..වද්දොත් දැන් එක විදිහක්..අපිට මෙල්ල්ල නැහැ...

    \\\රටක මහා සංස්කෘතික ප්‍රවාහය ප්‍රභලව ඉස්මතු වන කලට අනෙකුත් සුළු සංස්කෘතීන් හට ඊට අනුගත වීමට බල කෙරෙනවා.එහෙම නොවන්නේ නම් ඔවුන් මර්දනයට ලක් කෙරෙනවා.සිංහල දෙමළ ප්‍රශ්නෙට ආසන්නතම හේතුවකුත් ඔතන තියෙනවා///

    මෙවැනි තැන් පැල් බැඳන් කතා කරන්න ඕනේ මට්ටමේ තියෙන දෙඅල් මොරබ්බා..මෙවැනි ප්‍රවිෂ්ඨයක් හරි ගැනීම වටිනවා..අද රටේ සියල්ලට මුල් වෙලා තියෙන්නේ ඔවැනි තැන් හඳුනා නොගැනීමේ ඵල විපාක...

    කොහොම නමුත් මට කියන්න නම් දේවල් තියේ කියන්න ගියොත්..අපි එදා ඉඳන් කරන්නේ ඔය වගේ ටිපි ටිපි වැඩනේ .ඕව කරලා සහජීවනය ඇති කරන්න බැහැ ජන කොට්ඨාෂ අතර...

    කෙසේ වුවත් හොඳ ලිපියක්...දිගටම ලියන්න මොරබ්බා..ඔබේ නියෝජනය අවශ්‍යයි සිංහල බ්ලොග් ලෝකයට...!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තුතියි සහන්.....කිසියම්ම හෝ මිනිසුන් කණ්ඩායමක් නොසලකා හැරලා කටයුතු කරන්න බැහැ කිසිම කෙනෙකුට. ඒ මිනිස්සුන්ගේ ජීවන රටාව වනය සමග බද්ධ වෙලා නම් ඒවාට අදාලව අනපනත් සම්මත වෙන්න ඕන. උන්ව market කරලා zoo එකේ සත්තු බලන්න යන මානසිකත්වයෙන් ඔවුන්ව නරබන්න ගිහිල්ල කිරිකොරහ නටවලා ආතල් අරන් එන එක නෙමයි වැඩේ. එතනින් එහාට ඒ මිනිස්සුන්ට ජීවිතයක් තියෙනවද නැද්ද කියල හොයල බලන්න ඕන.

      මම ඉස්සරහට ටිකක් වෙනස් විදිහේ ලිපි ටිකක් ලියන්න හිතන් ඉන්නවා කොහොම උනත් කට්ටියට මාව වැඩිය අල්ලන්නේ නැහැ වගේ . ඔබගේ දිරිගැන්වීමට ස්තුතියි නැවතත්.....

      Delete
    2. \\\මම ඉස්සරහට ටිකක් වෙනස් විදිහේ ලිපි ටිකක් ලියන්න හිතන් ඉන්නවා කොහොම උනත් කට්ටියට මාව වැඩිය අල්ලන්නේ නැහැ වගේ . ඔබගේ දිරිගැන්වීමට ස්තුතියි නැවතත්..... //

      මෙහෙම හිතන්න එපා මොරබ්බා.ඔබ දිගටම ලියන්න ..හිතට එන / කතා කල යුතු දේවල් ගැන ලියන්න..අරයට මෙයාට ඕනේ ඕනේ දේවල් නෙවේ ; ඒ තැනට ඒ වෙලාවට අවශ්‍ය දේ ලියන්න..එවිට හරි...

      ඒ වගේම දැනට බ්ලොග් කරණයේ ඉන්න පිරිස සමග ටිකක් සුහදශීලී වෙන්න.එයාල සමග ඔවුන්ගේ බ්ලොග් තුල අදහස් හුවමාරු කරගන්න.කතිකාවන් වලට මුල පුරන්න.

      ඒ වගේම තමයි ඉහත සඳහන් කරපු එක දෙයක් කඩ කරන්නත් වෙනවා..ඒ තමයි 30% වත් ප්‍රේක්ෂකයා ඉල්ලන දේ දෙන්න..100% බරින් වැඩි ලිපි යද්දිත් ටිකක් විතර පිරිස අදී කරනවා බලන්න කට්ටිය.මොකද ගොඩක් දෙනා බලාපොරොත්තු වෙන්නේ සැහැල්ලු දේවල්..ඔබ කතෘ කෙනෙක් විදිහට කල යුත්ත තමයි සරළ විනෝදශීලී පෝස්ටු හරහා ගැඹුරු සංවාදශීලී දේ ඉදිරිපත් කිරීම.ටොපි කොළය වැදගත් ටොපියට වඩා.ලස්සන ටොපි කොලේක දවටලා හොඳ තිත්ත කසායක් දෙන්න... එවැනි අත්හදා බැලීම් කරන්න මොරබ්බා.



      මගේ අදහස නම් ඇති වූ තත්වය මත ඩිංගක් විතර සැහැල්ලු, විනෝදශීලී පෝස්ට් දෙකක් තුනක් දාන්න.ඊට පස්සේ නැවත සුපුරුදු ගැඹුරු ලිපි ටිකක් දාන්න.මම දන්නවා ඔබ හොඳ දැනුමක් තියෙන ගැඹුරු මනසක් තියෙන පුද්ගලයෙක්.ඕනේ ඕනේ හැටියට ඔලුව ලෝඩ් කරන්න පුළුවන් කෙනෙක්..එහෙම අය ඉතාම අඩුයි සිංහල බ්ලොග් කරණයේ..ඒකයි මම හැම විටම ඔබේ පිටිපස්සෙන් ඉන්නේ සහෘදයෙක් වගේ...

      ඔබෙන් ලොකු දේවල් ටිකක් තියෙනවා සිංහල බ්ලොග් කරණයට එකතු වීමට නියමිත... ඒ දේ එන්න ඕනේ..ඒකයි මම මෙහෙම කරන්නේ..

      ඔබ දුටුවද චන්දනගේ මේ පෝස්ට් එක ...?

      http://chandanadm.blogspot.fr/2013/05/treasure-and-sergeant-last-episode.html


      මේ වගේ මැණික් කැට ටිකක් ඉන්නවා ඔප දාල ගන්න ඕනේ..වටිනා මැණික්..ඔබත් මැණිකක්... බොහොම සංවාදශීලී ගැඹුරු බුද්ධියක් ඇත්තෙක්.ඒ බුද්ධියෙන් ඩිංග ඩිංග ලියලා යන්න ඕනේ ඔබ.ඔක්කොම එක පාර නෙවේ .. සියුම්ව හඳුනා ගත් ස්ථාන ගැන සියුම්ව ලියන්න තමයි ඔබ දක්ෂ...!

      මම වැරදි නම් කෙළින්ම වැරදි කියන්න!


      Delete
    3. එක ඇත්ත.ඔබ කියන කතාව හරි...ස්තුතියි ඔබගෙ දිරිගැන්වීමට..ඔබ සැබෑ සහෘදයෙක්. මම කරන්නේ මගෙන් සමාජයට වෙන්න ඔන යුතුකමක්. නතුව මට පොරක් වෙන්නවත් නමක් හදාගන්නවත් නොවේ. නමුත් ඉස්සරහට මම ඉගෙනගත්ත දෙවල් වලින් වැදගත් දෙවල් ටිකක් ලියල තියන්න ඔනා. එවා cyber අවකාශයේ තියෙවිනේ කාටහරි ප්‍රයොජනයක් ගන්න.

      Delete
    4. චන්දනගේ බ්ලොගය බැලුව....වටිනා බ්ලොග් කරුවෙක්.මම අද තමයි ඒ බ්ලොගයට ගියේ.ඔක්කොම ටික කියවල ඉන්න ඔනා කොනක ඉඳන් :D

      Delete
    5. සහන්, Morabba...

      ස්තුතියි දෙන්නටම.. :)

      Delete
  4. මට හිතෙන්නේ වැදි ජනතාව දිගින් දිගටම ශිෂ්ඨ යයි කියන සමාජයේ පීඩනයට ලක් වෙලා තියනවය කියන එක. දැන් නම් වැද්දෝ වුනත් සෑහෙන්න වෙනස් වෙලා නේ. ඒ කොහොම වුනත් ඔවුන් ගේ ගැටළු වෙනුවෙන් සැබෑ විසඳුමක් අවශ්‍ය බව නම් පේනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන ඔබගේ පැමිණීම සාදරයෙන් පිලිගන්නවා....!
      අගවිනිසුරුතුමියටත් සාධාරණය ඉටු නොවුන රටේ ආදිවාසීන් ගැන කවර කතාද...

      Delete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...