Saturday, June 15, 2013

කුලේ- ගෝත්‍රිකත්වයේ සිට ශිෂ්ටත්වය කරා 1

-->
මෙ දවස්වල කුලේ ගැන කට්ටියම කතා වෙනවනේ අර එංගලන්තකාරයෝ පරද්දන්න මතක හිටින ක්‍රිකට් ඉනිමක් ක්‍රීඩා කල කුලේ නොහොත් නුවන් කුලසේකර. එත් මෙ
ලිපිය උන්දැ ගැන නෙවෙයි. තාමත් කසාද බදින්න පත්තරවල දාල තියන add වල
තියෙන කුලේ ගැනයි.ඉන්දියානු බ්‍රාහ්මණයන්ට අනුව මහා බ්‍රහ්මයගේ කටින්
උරයෙන් කලව වලින් යටි පතුලෙන් නේ උන් ඉපදිලා තියෙන්නේ.අපෙ කට්ටිය සමහරු
සිංහයන්ගෙන්,රාවණ පරපුරේ හෙලයන්ගෙන්, විජයගෙන්, වානරයන්ගෙන්, වගේ නොයෙක්
නොයෙක් සම්භවයන්ගෙන් පැවතගෙන අවිල්ල තියෙනවා. මේ ගැන වටිනා ජාන
විද්‍යාත්මක පැහදිලි කිරීමක් මයියගේ බ්ලොගයෙ තිබුනා.දැන් මේ රටේ බලය
බෙදීම් අලකලන්චි යන එකේ කුලේ අදින්න ඔන කියල හිතුනා.

ලංකාවෙ ප්‍රධාන වරිග දෙක වන සිංහල හා දෙමළ වරිගෙ ඇත්තො අතර
බෙදීම් පූට්ටු කිරීම් ගැන කතා කරන යුගයේ මට හිතෙන දෙයක් තමයි කට්ටිය එකට
ජීවත් වෙනවට වඩා ආස බෙදිල මොකක්හරි ගැන්සියකට සෙට් වෙලා ලේබලයක් අලවගෙන හංවඩුවක් ගහගෙන ජීවත් වෙන්න. එකත් මාරම ආතල් එකක් වෙලා. කුලේ කියන්නෙත් ඔන්න ඔහොම කට්ටියට ආතල් ගන්න යොදාගන්න සංකල්පයක්. උඩරට රජකල දෙවන රාජසිංහ රජුට රොබට් නොක්ස් සුදු ගැහැනියෙක් ගෙනත් දෙනව කිව්ව වෙලේ රජ්ජුරුවෝ කවියකින් කිව්වලුනේ ලංකාවේ ඔක්කොම කුලවල නම්.

"
පල්ලරු පඩක්කරු මුක්කරුද පරවරු
ඊ වඩු දුරා පදු කෙවුලන් සහ හකුරු
බෙරවා රදා ඔලි කින්නරුද පුරවරු
මුන් මිස තොපේ ලිය අරගන්නේ කවුරු"

අපට මහාලොකු විජයග්‍රහනයක් අරන් දුන්න යුද්දේ දිනන්න වාසියක් උන LTTE එකේ දෙකඩ වීම වෙල්ලාල මුක්කුවර් කියන කුල දෙකේ දෙකඩවීම නිසා වූ දෙයක් නෙව. සිංහල ජන සමාජය ඇතුළේ මහ ලොකුවට කුලය එතරම් තදින් ඉස්මතු නොවුනත් අදටත් සමහර ඇත්තෝ මගුල්තුලා කටයුතු වලට විතරක් නම් මදැයි ටෙලි නාට්‍ය තිර පිටපත් වල වගෙම බ්ලොග් අවකාසේ අන්තර්ජාලේ ෆේස්බුකියේ comment දාන්නත් හරි අපූරුවට කුලය යොදාගන්න එක තමයි සුපිරි.

ජන සමාජයේ සංවර්ධනය පසු පසට ඇදගෙන යන්න වලි කන එවුන් අතර සමාජ
සංවර්ධනය ඉස්සරහට ගෙනියන්න දිරිදීමක් හැටියට ගෝත්‍රිකත්වයේ සිට ශිෂ්ටත්වය
කරා කියල ලිපි මාලාවක් පටන් ගන්න හිතුනා.එකේ මුල් පියවර හැටියට කුලේ
නොහොත් කුලය ගැන මෙන්න මෙහෙම කියන්නම්. 
මිනිසා සමාජ ගත වුනේ එකිනෙකා අතර නිෂ්පාදන හුවමාරු කරගන්න හා සාමුහිකත්වය තුළින් සොබාදමේ අභියෝග ජයගන්න. ඒ තුල තම වර්ගයාගේ පැවත්ම තහවුරු කරගන්න පොඩි අරගලයකුත් යනවා.අම්මටයි තාත්තටයි ඔන කොහොමහරි තමන්ගේ පැටව් ටික ඉස්සරහටම දක්කන්න.ගමක් විදිහට එකතු වෙලා ගමේ එකාට බක්ප් එක දෙන්න.ජාතියක් විදිහට අනික් වරිගේ එකාට අරින්න.ඔක තමයි සමාජයක හීනියට යටින් දිවෙන ගාමක යාන්ත්‍රණය.
කුලය කියන්නෙත් අන්න එහෙම තමාගේ නිෂ්පාදනහැකියාව සහ ගනුදෙනුවකදී demand කිරීමේ හකියාව මත කෙරුණු වර්ගීකරණයක්. අපේ ප්‍රධාන ආහාරය උනේ බත්. ඉතින් බත් හදන්න වී වවන එකා තමා පොර. වලං හදන එකාට මාළු අල්ලන එකාට බෙරගහන එකාට නිෂ්පාදන හුවමාරුවෙදී කෙවල් කරන්න බැරි උනා.මොකෝ ඌ හදපු වළඳ කන්නද. ඉතින් ගොවියා කියන විදිහකට ගනු දෙනුවකට එකගවෙලා ඒක කරගන්න කුඹලට සිද්ධ උනා. ඌව පාගලා යටපත් කරල දැම්මා.අනික් කුලවලත් තියෙන්නේ මීට සමාන කතන්දරයක්.පස්සේ කාලෙක මුදල් වලින් ගනුදෙනු කරන්න පටන් ගත්තට පස්සේ තමා ඔය තත්වය වෙනස් උනේ.එහෙම්මම කුල ක්‍රමය අභාවයට ගියා.මෙකත් (මුදල් වලින් ගනු දෙනු කිරීම) එක්තරා සමාජ පෙරළියක් තමා.කොටින්ම ශිෂ්ටත්වය කරා ඉදිරි පිම්මක්.

දැන් ඕක අහෝසිවෙලා ගියාට මොකද කට්ටිය තාමත් යටි හිතින් ඕකට කැමතියි. මම අර මුලින් කිව්ව වගේ label අලවගෙන පොරක් වෙන්න තියන සිල්ලර ආශාව.දාන කොමෙන්ටුවල පවා කුලවාදය.උඩරටද පහතරටද දකුණෙද බෙන්තරද නුවරද කොළඹද යන වග හරි ආම්බරයෙන් කියවල අනෙකාට පහර ගහනව.

ජාතික රාජ්‍ය හැදීම පැත්තකට දාලා මේ ගෝත්‍රික කුණු ගොඩ ශුද්ධපවිත්‍ර කරන්න ඔන කොනක ඉඳල. එතකොට ගොබ්බ Comment වල ඉඳල 21 වන සියවසේදිත් හාමුලට කියලා ඇරවගන්න ප්‍රවේණි දාසයෝ ඉන්න වලවු කතා තියෙන ටෙලිනාට්‍ය දක්වාම සැබෑලෙස ශිෂ්ඨ සමාජයෙන් අතුගෑවීගිය ගෝත්‍රික ලක්ෂණ ඉස්මතු නොවේවි.

5 comments:

  1. දැන් නම් සෑහෙන අඩුවෙලා... ගම්වල නම් තාමත් තියෙනවා... ගමෙන් කසාද බඳින්න ගියාම මේ ලෙඩේ එනවමයි..

    ReplyDelete
    Replies
    1. ගම්වල වැඩිහිටි ඇත්තෝ නම් කමක් නැහැ කියමුකෝ.එත් මේ අපේ පරම්පරාවේ සමහර කොල්ලොත් ඔකේ එල්ලිලා ඉන්න එක තමයි අවුල.

      Delete
  2. රාජ කුමාරිකාවො බලෙන් දූෂණය කරල රජවුනු කුණු අප්පුගෙ පරපුරේ රජවරුන්ගෙ කවි වලිනුත් වෑහෙන්නේ කුණු රසයමයි.

    ReplyDelete
    Replies
    1. බලහත්කාරය කියන්නෙ පරිනාමයේ මුල ඉඳල මිනිස්සුන්ගේ ජාන වල සැඟවුන ගතියක්නේ. ස්තුතියි ඔබ එක්කල අදහසට..

      Delete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...