සියදිවි නසාගැනීම් බොහොවිට අප අත්දැක තිබෙනවා.මෙවන් ඛේදනීය සිදුවීම් පසුපස බොහෝවිට දුක්බර කතාවක් හැංගිලා තියෙනවා කියල තමා අපට ඇහෙන්නේ.අර සුවර්ණ වර්ණ නාලිකාවේ පෙන්වන්නේ රස කර කර.නමුත් බොහෝමයක් කතාවල ඇත්තටම තියෙන්නේ තමන් වටේ පවතින සමාජය හෝ ගතකරන සමාජ ජීවිතය විසින් මරණ දඩුවමට ලක් කරපු මිනිසුන්.ගොඩක් අය හිතන් ඉන්නේ තම ගතකරන සමාජ ජීවිතය තමන්ගේ ඇත්ත ජීවිතය කියල.නමුත් බහුතරයකගේ සැබෑ ජීවිතය හා සමාජ ජීවිතය දෙකක්.ගොඩක් වෙලාවට බිව්වමත් එලියට එන්නේ ඇතුලේ හංගගෙන හිටපු ඇත්ත සතා තමා.
මිනිසා අඩක් සතෙකි අඩක් දෙවියෙකි කියල තියෙන්නේ විටෙක සමාජ සම්මත සාධු චරිත හා එවා අතුලේ හංගගෙන ඉන්න වනචාරී චරිත අතර ගැටුම තමා.ඉපදුන ගමන් දාහක් සංකල්ප ඔලුගෙඩි තුලට ඔබ්බල ඔබ්බල පාසල් වලට යවන ලමයින් ඊට පස්සෙත් විශ්ව විද්‍යාල දක්වාම කොරන්නේ ඔලු ගෙඩි අතුලේ ඒක දරාගෙන ඉන්න එකාගේ සමාජ චරිතේ programme කරන එක තමා.නමුත් ගොඩක් වෙලාවට සමාජ චරිතේ හා සැබෑ චරිතේ අතර මේ ගැටුමට මුහුන දෙන්න සිද්ධවෙන එක තමා කුනාටුවේ ඇරඹුම.ඔය ගැටුමට මූන දි දී ඉන්න අතරෙම ඕක මහ වදයක් පීඩනයක් වෙන තැනකට පත් වෙනවා අන්න එතකොට තමා සියදිවි නසාගන්න මනුස්සයා පෙලඹෙන්නේ.
මේ කතාව මට මතක් උනේ මීට වසර 2 කට පමන පෙර දුම්රියට පැනල ජීවිතේ නැතිකරගත්ත සහෝදර ශිෂ්‍යයෙකු ගේ මතකයක් නිසා.ඔහු ඇත්තටම බොහෝ විභාග ඉහලින් සමත්වුන ශිෂ්‍යයෙක්.නමුත් කල් යත්ම ඔහුගේ මේ දක්ශතාවය සමහර කණ්ඩායම් තමන්ගේ වාසියට යොදාගන්නවා.ඔහු ICON එකක් character එකක් කරගන්නවා.ඒ character එක අතුලේ වාසි ගන්න ගොඩක් වෙළෙන්දෝ තැරව්කරුවෝ එකතුවුනා. අන්තිමට ඔහුත් තමන් වටේ හදපු චරිතය නඩත්තු කරන්න පටන් ගත්තා.අවසන් ප්රතිඵලයවුනේ තමන්ගෙම චරිතේ ඇතුලේ අතරමන් වුන ඔහු දුම්රිය එන දිහා බලාගෙනම පීල්ලට බෙල්ල තියාගෙන ඉන්නඑක.ඒ විදිහට මනුස්සයෙක්ට අත් වෙන්න පුලුවන් කුරිරුතම මරණයක් උරුම කරගන්නවා.පසුව හෙළිවුන විදිහට ඔහු සමහර විශයයන්හි විභාග වලින් අසමත්.සැබැවින්ම සමහර විශයයන් අසමත් වී නැවත විභාගයට මුහුන දෙන එක ( subject repeat වීම)කාටත් උරුම දෙයක්.සියලු විභාග එකවර සමත් වූ සිසුන් බොහෝ අල්පයී.නමුත් ඊලග වාරයේ විභාගයට මුහුනදී සමත් වීම වෙනුවට ඔහු මරණය තෝරා ගන්නවා.සැබැවින්ම ඔහු විසින් නඩත්තු කල සමාජ චරිතය ඔහුව මරාදමනවා.ඇත්තටම එය මිනිමැරුමක්.වඩාත්ම හිනායන කතාව තමා ඔහුගේ ප්‍රතිරූපය පෝශනය කලවුන් අනියමින් වාසිගත්තවුන් ඔහුගේ මරනයේ සැබෑ හේතුව අදටද සඟවාගෙන සිටීම.නමට හොඳ නැහැලු උගේ විතරක් නම් කමක් නෑ අයතනයේත් අපි හැමෝගෙමත් නමට හොඳ නැහැල්ලු.ඒකලු සියදිවි නසාගැනීම වෙනුවට මරණයට හේතුව විදිහට හදිසි අණතුරක් කියලා මරණ සහතිකෙත් ලියෝගත්තේ.
නමුත් උගේ මරණයට හෙතුවත් ඔය කියන නමම තමා.....
දෙවියාත් යක්ෂයාත් දෙදෙනාම අප සැම තුළ ඉන්නවා. වඩා වැදගත් එළියට ගන්නේ කවුරුන්වද යන්නයි
ReplyDeleteSamakaya Wate නලින්
එකඟයි නලින්...
Deleteහිතන්න දෙයක් තියෙන පෝස්ට් එකක් මොරබ්බා.. ඕනෑවට වඩා ප්‍රතිරූපය ගොඩ නගුනහම ඔහොම දේවල් වෙනවා.. සාමාන්‍ය තුට්ටු දෙකේ මිනිහෙක් විදිහට හිටියම හරි ... ලොකු මනුස්සයෙක් වෙන්න ගියාම තමයි සේරම ප්‍රශ්න එන්නේ..
ReplyDeleteගොඩක්ම ඔය වගේ ප්‍රශ්න යට තියෙන්නේ මේ හා සමාන හේතුවක් සහන් ඇත්තටම අප අපවම තේරුම් ගත යුතුයි සිතට එකගව....
Deleteමේ බ්ලොග් එක මොරබ්බා ලියන බව දන්නේ දැනුයි, මටත් සියදිවි නසාගන්න වෙන වැඩක් මේක.
ReplyDeleteඅයිලාස් අයිය ඇත්තටමද ඔය කියන්නේ? ගොඩක් වෙලාවට මුල්ම කොමෙන්ටුව ඔයා දාන නිසා වෙන්න ඇති.. :D
Deleteඔව් මලේ ඇත්තමයි. මේ බ්ලොග් එක නිතරම කියෙව්වාට මේක ඔයාගේ කියලා දැනගෙන හිටියේ නැහැ.
Deleteසියදිවි නසාගන්න උත්සාහ කරපු මිනිස්සු ඒ වැඩේ කරලා තියෙන්නේ තමන්ට තියන ප්රශ්නය නිසා නෙමෙයි , ඒ ප්රශ්නය ගැන මිනිස්සු අහන ප්‍රශ්න වලට දෙන උත්තරය හිතාගන්න බැරුව.
ReplyDeleteබේරිච්ච අය ඇයි එහෙම කෙරුවේ කියලා ඇහුවහම දෙන පොදු උත්තරය තමා
''මිනිස්සු අහන එව්වට කොහොමද මම උත්තර දෙන්නේ''
''කොහොමද සමාජයට මූණ දෙන්නේ''
ඇත්ත අටම් සහෝ.... සාදරයෙන් පිලිගන්නවා.
Deleteප්‍රශ්නේ තියෙන්නේ අපි හිතන් ඉන්නවට වඩා අපේ ප්‍රතිරූපය ගොඩක් බලවත්. ගොඩක් මිනිස්සු මැරෙන්නෙත් මරාගන්නෙත් තමන් වටේ හදාගත්ත ප්‍රතිරූපය නිසා.
සමහර වෙලාවලදි මිනිස්සු සමාජය ඉදිරියේ ගොඩක් අසරණ වෙනවා. ඒ වෙලාවට කෙනෙක් මේ වගේ දරුණු තීරණයක් ගන්න පුලුවන්.
ReplyDeleteඒක ඇත්ත චම්ස්... සාදරයෙන් පිලිගන්නවා අන්ධ බිංදුවට ...
Deleteආශාව තණ්හාව පිරිණූ සමාජයේ සිය දිවි හානි කරගැනිමේ ප්‍රවණතාවය වැඩි වෙලා. ඒකට එක් හේතුවක් තමයි එකෙක් තව එකෙක්ව යටකරගෙන නැගී සිටීමට ඇති උවමනාව.එතැනදි අනිත් පුද්ගලයාගෙ ආත්මය හරි පාවා දීලා නැගී සිටින්න අනිකා උත්සාහ කරනවා, මානසිකව වට්ටන්න උත්සාහ කරනවා, විතරක් නෙමෙයි සමාජයෙන් කොන්කරන්න වගේ උත්සාහ කරනවා. එතැනදී අර පුද්ගලයා දුර්වල වෙනවා අන්න එවිට ඔහුට හෝ ඇයට සිද්ධ වෙනවා තමන් නොදැනුවත්වම සිය දිවි හානි කර ගැනීමට
ReplyDeleteස්තුතියි ඔබේ අදහසට සහෝ.. ශක්තිමත් මානසික පෞරුෂයක් හැමෝටම ගොඩක් වැදගත්..
Deleteඅපේ ජීවිතය වෙන අයට ඕනි විදියට හැඩ ගස්සවන්න ගියාම ඔහොම දේවල් වෙනවා තමා....
ReplyDeleteඒක ඇත්ත සමනලී ස්තුතියි....!
Deleteමානසික කොන්දකුත් තියෙන්න ඕනි මොරේ ! පස්ට !
ReplyDeleteසින්දු... ඕක තමා ගොඩක් අයට නැත්තේ පිලිගන්නවා සාදරයෙන්......
Delete