![]() |
මෙම සිදුවීමට පාප්වහන්සේගේ කිසිදු සම්බන්ධයක් නොමැති නිසා එතුමාගේ චායාරුපයක් ඇතුලත් නොකරන ලදී |
"පාප් වහන්සේ මුස්ලිම් කුමරියක සිපගනී" යනුවෙන් ලොමු ඩැහැගන්වෙන ඇඟ කිලිපොලා යන පුවතක් එක්තරා වෙබ් අඩවියක වාර්තාකර ඇත.මිනිසුන් හරි පුදුමාකාරය.පුදුමාතලන් වලටත් වඩා පුදුමාකාරය. ඔවුන් තමා ඇඳුම් හැඳ සිටිනා ගමන් අනෙකා හෙලුවෙන් සිටිනු දක්නට ප්‍රිය කරයි.අනෙකාගේ හෙලුව රසවිඳ ප්රමෝදයට පත්වනවා පමනක් නොව අනෙකා නිරුවත්කර හෙලුව රසවිඳීමටද බලා සිටී.බොහෝ බටහිර ක්‍රිස්තියානින්ට මෙහි ඇති ගැටළුව පාප් වහන්සේ සිපගත් තැනැත්තිය මුස්ලිම් වීමද විය හැක.
සමාජයට පරමාදර්ශයන් ඕනෑය. ඔවුන්ට කාට හෝ වැඳුම් පිදුම් කිරීමට ඕනාය. මග පෙන්වා දක්කාගෙන යාමට කෙනෙකු උවමනාය.පරිනාමයේ මුල් යුගයේ සිටම ගොත්‍රික රැලට නායකයාට අමතරව මග පෙන්වීමට පූජකයෙකු උවමනා විය.ඔහු බොහෝ විට මන්ත්‍ර කරුවෙකු හෝ මුහුකුරාගිය මහල්ලෙකු හෝ විය.නිශ්පාදනයේ ඒකාධිකාරය නායකයා සතු උවත් සමාජයේ අවනත බව කීකරු බව වැඩිපුරම පවතියේ මෙකී පූජකයන් සතුවය.පසුව ආගම් ලෙස සංවිධානය වු පසුද රජු විසින් ආගමද ආගම විසින් රජුද තම පැවැත්ම සඳහා එකිනෙකා සරණපාවාගන්නා ලදී.සැබැවින්ම මේ ලොකේ වැඩිපුරම මිනිස් ඝාතන ලේ වැගිරීම් සිදුව ඇත්තේ ආගමේ නාමයෙනි.අදද දේශපාලනයේ වැඩිපුරම විකිණිය හැකි සටන්පාඨය සිංහල බෞද්ධකම වී ඇත්තේ එබැවිනි.සරම ගහගෙන එන පන්සලේ පෙනීහිටින ඔනෑම පාහරයෙකු කවුන්සිලෙට යවන්නට අදපවා මහජනයා සූදානම්ය. මහජනතාව තමාට පරමාදර්ශ සපයන්නට පත් කරගත් මේ ගුරුකුල (ආගම්) තමාගේ අධිපතිත්වය මිනිසා අතර ව්‍යාප්ත කිරීමට නිරතුරු කැසකයි. ඒ සඳහා පත්කරගත් එජන්තයන්ගේ පැවත්ම එම ආගමේම මූලධර්මයන්ටම පටහැනි වීම ඇරඹූ විගස සියල්ල දෙදරා යයි.මෙය හරියට මහනකම පිලිඹඳ නිසි අවබෝධයක් නොමැති වයසක පසුවන දරුවන් මහන කර පසුව ඔවුන් ගේ පැවත්ම ගැන වද වෙනවා හා සමාන ක්‍රියාවකි.පැවිදිවරයට වඩාත් බරපතල හානි සිදුවනුයේ මෙසේ අනවබෝධයෙන් ඒවාට යොමුවන්නවුන් නිසාය.
සිපගැනීම යනු චාරිත්රයකි ආචාර විධික්රමයකි. එය මිනිසා අතර සෙනෙහස ආදරය හුවමාරු කර ගැනීමට සඳහා වූ අපුර්ව චර්යාවකි ක්‍රියාකාරකමකි. එය සෙනහසින් යුතුව විඳ ගැනීමට නොහැකිවීම කුහක කම මිස අන් කිසිවක් නොවේ.මුලින් කී පරිදි තමාහට පරමාදර්ශ සැපයීමට තොරාපත්කරගත් අධ්‍යාත්මික නායකයින් ගේ පැවැත්ම වඩාත් අවශ්‍යය ඇතුලතින් ජරාජීර්න කුණු ගඳ ගහනවුන්ටය.සැබෑ ආගමද සැබෑ දෙවොලද සැබෑ විමුක්තියද ඇත්තේ තමා තුලය තම පැවැත්ම තුලය. තමා තුල නොමැති පාරිශුද්ධත්වය අනෙකාගේ සොයන්නේ තමාතුල ඇති හිස් තැන වසාගැනීමටය.හිතයටින් සාරව සුනිල්ලාවීමට නොහැකි වීම නිසා ඔහුට වෛරකර පලක් නැත. තමා වසාසිටින හෙළුව අනෙකාගේ දුටු කල එය ආතල් එකක් වන්නේ එබවිනි.සිපගැනීම මහා අපරාධයක් වූ ලොව මිනීමරුම් ලේවැගිරීම් ආශිර්වාදයක් වන්නේ එබවිනි.
// ඔවුන් තමා ඇඳුම් හැඳ සිටිනා ගමන් අනෙකා හෙලුවෙන් සිටිනු දක්නට ප්‍රිය කරයි.අනෙකාගේ හෙලුව රසවිඳ ප්රමෝදයට පත්වනවා පමනක් නොව අනෙකා නිරුවත්කර හෙලුව රසවිඳීමටද බලා සිටී.//
ReplyDeleteමටනම් හිතෙන්නේ බොහෝවිට සිදු වන්නේ තමන් හෙලුවෙන් සිටිමින්ම අන් අයගේ හෙලුව පිළිබඳව බොහෝ සෙයින් කතා කිරීමට ප්‍රිය වන බවයි.
මා අදහස් කලේ "තමා තුල සැඟවී පවතින යතාර්ථයක් අනෙකා තුළින් ඉස්මතු වුවිට" යන්නයි අය්ලාෂ් අයියා.
Deleteමිනිස්සු සත්‍යය හංගගෙන යටපත් කරගෙන සමාජය ඇතුලේ ජීවත් වනවා සාන්තුවරයෝ වගේ.තමන් හංගගෙන සිටිනා දෙයම ඔවුන් පීඩාවට පත් කරනවා.ප්රබුද්ධ කෙනෙකු අතින් ඔවුන් වරදක් යැයි සිතන දෙයක් වූ විට එය ඔවුනට සහනයක් වනවා.
මිනිසා තුළ පවතින ඔය මානවීය ගුණාංගය මොනම සංස්කෘතියකටවත් වෙනස් කරන්න තාම බැරි වුණා නේද මෝරම්බා. ධනවාදය සමාජවාදය වික්ටෝරියානු න්‍යායන් නූතන වාදය ප්‍රශ්චාත් නූතනවාදය මේ කොයික යටතේත් මානවීය හැගුම් තැන තැන අඩු වැඩි මිසක් එකම තැන නොවෙද?
ReplyDeleteහරියටම හරි නලින්.ඒක තමා සත්‍යය. අප තුල ජීවත් වන සැබෑ මානවයා තේරුම් නොගැනීම. ඔහුව තලා පෙලා සංස්කෘතික රාමුවකට කොටු කරලා කෘතීම සමාජ සත්වයෙක් හදනවා. ඔහු බාහිරින් මොකා උනත් අභ්‍යන්තරයෙන් අතෘප්තිමත්.නිතරම රාමුවෙන් පිට පනින්න හදනවා. ඒ වගේම ඒවාට හදපු පරමාදර්ශී ආකෘති තියෙනවා. ආගමික නායකයෝ පුජකයෝ වගේ පෙනී ඉන්නේ ඒ උදවිය.යම් විදිහකට එවන් කෙනෙක්ගෙන් නොගලපෙන්නේයැයි සම්මත හැසිරීමක් ප්රකටවුනහම එක අතකින් ඒක සහනයක්. අනෙක් අතට ඒ ආයතනවල පුජනීයත්වය තියාගන්නත් ඕන මොකද ඒක තමා තුළ ඇත්තටම නැති නිසා.අපි අපිරිසිදු උනත් පන්සල පිරිසිදු පවිත්‍ර වෙන්න ඕන දේවාලේ පිරිසිදු වෙන්න ඕන කියල බලාපොරොත්තු වෙනවට වඩා තමා පිරිසිදු වීම වටිනවා.
Deleteමේක හරියට තමන්ගේ ඇඟේ පොල් පරාලේ නොපෙනීම වගේ දෙයක් මොරේ. අරයා මෙයාට කියනවා , මෙයා අරයට කියනවා. අන්තිමට වෙච්චි දෙයක් නැහැ. සියලු දෙනා ඒ ඒ ජාතීන් / සංස්කෘතීන් සතු වත් පිළිවෙත් වලට ගරු කරන්න ඕනේ.
ReplyDelete( එහෙනම් අපේ රටේ ගොවියෝ අමු හෙළුවෙන් කුඹුරු කොටපු එකත් වැරදි වෙන්න ඕනේ. )
ප.ලි. මම මේ මොරබ්බට දොසක් කිව්වා එහෙම නෙවේ හොඳද ..
ආයේ මොනවටද අපේ අරෝවක්
Deleteදොස් පරොස් සියල්ලට විවෘතයි මේක
තිබුනොතින් දොසක් පවසන් සැක නෑර
හිතේ අහලකවත් කහටක් නෑ මගේනම්...
//.අපි අපිරිසිදු උනත් පන්සල පිරිසිදු පවිත්‍ර වෙන්න ඕන දේවාලේ පිරිසිදු වෙන්න ඕන කියල බලාපොරොත්තු වෙනවට වඩා තමා පිරිසිදු වීම වටිනවා.//
ReplyDeleteමොරබ්බා.....වෙන මොනවා කියන්නද?
ස්තුතියි අරුවෝ ... අපි හැදුනොත් රටත් හැදේ ...
Deleteපොඩි උම්මා එකක් වෙන්නැති .....!
ReplyDeleteනරකද මං අහන්නේ
Deleteඔබට මතකද ඉරානයේ හිටපු ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතා වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ අවස්තාවේදී චාවේස්ගේ මවට සිපාචාර දැක්වූවා කියා මුස්ලිම් ලෝකය තුල ඇතිවූ කැළඹීම. බොහෝ මිනිසුන් තවමත් ගෝත්‍රික අදහස් වලින් මිදීනැහැ ජාතිය ආගම කුමක් වුවත්.
ReplyDeleteපැහැදිලිවම ඔව් ඉවාන්. මම මේ ලිපියෙන් කියන්න උත්සහ කලේ මිනිස්සු අන් අය තුළින් දකින්නෙ සැබැවින්ම තමාතුළ සැඟවී පවතින දෙයක් කියන දේ. ස්තුතියි මේ පැත්තේ ආවට හැකිනම් පෙර ලිපිත් කියවන්න..
Delete,මේක අදර්සේට අරන් වෙන්න ඇති අර ඉන්දියාවේ හාමුදුරුවොත් ඉබින්න ඇත්තේ
ReplyDeleteරැල්ලට යනවනේ මැළේ මලේ
Deleteඒක හරිය කියමුකෝ.. එතකොට අර දොඩංගොඩ රේවත ද කොහේද කියන්න හාදුරුවෝ ගෑනියෙක් ඉබ්බය කියන්නේ.. මොකෝ ඒකට කරන්නේ...
ReplyDeletehttp://upashantha.blogspot.com/2013/09/blog-post.html
දේශකතුමා මම මේ සිද්ධි දෙකම නිරපේක්ෂව තමා දකින්නේ.යම්කිසි ආගමික කණ්ඩායමක සාමාජිකයෝ උනාම ඒ අය පිලිපදින්න ඕන සදාචාර රාමුවක් තියෙනවා. ඒක පිළිපදින්න ඒ අය බැඳිලා ඉන්නවා. ඒක පිළිපදින එක ඒ අයගේ දෙයක්.නමුත් මානව හැගීම් කියන දේවල් හංගගෙන ඉන්න බෑ කාටත්. ඒවා පිට පනිනවා දිය යට හංගපු රබර් බෝලේ වගේ. ඒක මිනිස් ස්වභාවය.ඒ වගේ විනයක පිහිටන්න බැරි අවබෝධයකින් ඒක නොදැක්ක කෙනෙක්ටයි. එකයි මම කිව්වේ "පැවිදිවරයට වඩාත් බරපතල හානි සිදුවනුයේ මෙසේ අනවබෝධයෙන් ඒවාට යොමුවන්නවුන් නිසාය." කියලා.
Deleteකලාතුරකින් හරි ඒ වගේ සිද්ධියක් උනාම පිටින් බලන් ඉන්න අයට ඒක අමුතු ආතල් එකක් වෙනවා. හරියට නඩුකාරයා හිරේට ආවම හිරකාරයන්ට දැනෙන ආතල් එක වගේ එකක්. එකනේ සමහරු කියන්නේ "අඩෝ හාමුදුරුවොත් මෙහෙමයි පුජකයොත් මෙහෙමයි අපි තව හොදයි" එහෙම නැත්නම් "එහෙම කොහොමද උන් එහෙම කරන්නේ උන්ට ඒවා බෑ මරන්න ඕන" වගේ කතා නමුත් මේ කතා ඇතුලේ හැංගිලා තියෙන්නේ තමුන්ගේ උවමනාව. කොටින්ම ලිංගික ඉරිසියාව.
බුදු හාමුදුරුවොත් දේශනා කරන්නේ තමන්ගේ සිත රැකගන්න එක තමා මුලික කියල.ඒක පවිද්දටත් ගිහියාටත් එකයි. අනුන්ගේ සිල්වත් කම ගැන හොයන්නේ තමා නිදොස් වෙන්න. ඇත්තටම කාමයේ ආදීනවය දැකපු කෙනා ඔය වගේ සිද්ධියක් දැක්කම හිනා වෙනවා කාමයේ ආදීනව සිහි වෙලා.
ඒත් එක්කම සිපාචාර දැක්වීමේන් ආදරය බෙදාහදාගනීම් ගැන සමාජයේ තියෙන්නේ බොහොම පටු දැක්මක් කියන එකත් හොඳටම දැනෙනවා ඒක මහාපාපයක් කියල ඉස්මතුකරලා දක්වන විදිහට.
ඇත්තම කතාව තමා
"මට උම්මා එකක් දෙන්න හිතෙන කෙනාට එයා උම්මා එකක් දීල... බලද්දී එයා පවිද්දෙක්නේ අනේ"
වගේ සීන් එකක්. :D
මාත් ඒක ඒ හැටි දෙයක් විදියට දකින්නෑ නිරවුල් මනසකින් කරා නං.. පොට්ට මීටරේ වැඩ කරා නං ඒක භික්ෂුවට නොහොබි. මොකද ඒ ලංකාව නෙමෙයි අනික සංස්කෘති අතර සමහර වෙනස් කම් පිටරටකදි උනත් පිටුදකින්න බැරි අවස්ථා එමට සිද්ධ වෙනවා
Deleteමේ ක්‍රියාව නම් සඟ සමාජයට නොගැලපෙන එකක් තමා. එත් මේවා ඕනවට වැඩිය උලුප්පන්න ඕන දේවල් නෙමෙයි. දැක්ක තැන අතාරින්න ඕන. එයාල කරගන්න දේවල් එයාලට.
Delete'කුරිරු සතුටක් ලබනවා' කිව්වොත් ඒකත් හරි නේද.
ReplyDeleteහරියටම හරි ඩුඩ්... ස්තුතියි මේ පැත්තේ ආවට...!
Delete