Tuesday, October 1, 2013

අතීත සුවඳින් බිඳක්... | old paper advertisements-sri lanka

          "මේ කාලේ මෙහෙම නම් ඒ කාලේ කොහොමට තියෙන්න ඇත්ද.?"
නිතර ගොඩක් අයට හිතෙන වගේම කියවෙන දෙයක්නේ ඒ වචන පේලිය. එහෙම හිතෙන අයට වටින කියන චායාරුප ටිකක් අහම්බෙන් වගේ මට බලන්න ලැබුනා.
         අතීතාවලෝකනය හරිම සුන්දර හගීම් දනවන්නක්. අතීත සමාජ රටාවන් හරිම රසවත් විදිහට දැනෙන්නෙ අපට ඒ ජීවන සුවඳ යලියලිත් විඳ ගැනීමට පවතින ගුප්ත ආශ්වාදයක් නිසාද මන්දා. ඒ සුවඳ ඒ මිහිරියාව ඒ මතකයන් ගොඩක් වෙලාවට අපුරු ආශ්වාදයක් හිතට ගේනවා.
          බොහෝමයක් බ්ලොග් ලියන්නන් අතර අතීත අත්දැකීම් හරිම ලස්සනට ගෙත්තම් කරලා ලියන මම ආසම බොගක් තමයි අරුගේ අඩවිය කියන්නේ. අරුගේ අඩවිය ලියන අරූගෙ කතාව ඉතාම රසවත් වගේම අතීත සුවඳ හරි අපූරුවට තවරලා සුවඳගන්වලා තියෙනවා.

          කාලෙකට කලින් W3 Lanka හි පැරකුම් සහෝදරයත් පරණ බස් ගැන බොහෝම අපූරු රසවත් ලිපියක් පළකරලා තිබුනා. කාලයක් මතක හිටින විදිහේ ලිපියක් ඒක.

         ඒ වගේම උදේ පාන්දර සිරස Press Release වැඩසටහනෙත් පරණ පත්තරවල පලවුන ලිපි වෙලඳ දැන්වීම් එහෙම පෙන්වනවා හරි අපූරුවට. මමත් අහුවුනොත් අනිවාර්යයෙන්ම බලනවා උන්හිටිතැනම.
         අහම්බෙන් මෙන් ඊමේල්ලුවට ලැබුන මේ ඡායාරුප පෙල හරි අපූරු ආශ්වාදයක් ගෙනාවා. දැක්ක ගමන් මට හිතුනේ අන්ධ බින්දුවට ගොඩවදින අය එක්ක මේක බෙදාගන්න.

          මෙන්න එහෙනම් ඒ කාලේ ඇඩ් බලාගන්නකෝ දැන්කාලේ වගේද කියලා.

මාතලන්, අරූ අය්ලාෂ්  වගේ බ්ලොග්කරුවන් දැකලත් ඇති මේ දැන්වීම්.

  ****මේවා ගැන කතාකරන්න මතකයක් තියන අයට   මතකයන් බෙදාහදාගන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා.
ඒ නැතත් රසවින්දා නම් ඒ ඇති
...


පලි : මේ වගේ තවත් ඡයාරූප ඇතුලත් බ්ලොග් ලිපියක්. මෙතනින් ගිහින් බලන්න

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15








35 comments:

  1. මාර ගතියක් තියෙන්නේ. ඇත්තටම ඉස්සර ජීවිත කොච්චර සරලද කියලා හිතෙනවා මේ දැන්වීම් දැක්කාම. කොහෙන්ද හොයාගත්තේ

    ReplyDelete
  2. මොරේ image 01.jpj වෙනුවට old news papers01.jpg කියලා රීනෙම් කරන්න පුළුවන් නම් වටිනවා...පරණ පත්තර ගැන අපේ සිරාත් දාලා තිබ්බා පොස්ට් කීපයක්.. විචාරක මහත්තයා ගොඩක් විස්තර කියලා තිබ්බා...හොඳ පොස්ට් එකක් මොරේ.. අයිලෂ් අය්යා මේ ටිකේ නැහැ පුතාට අසනීප නිසා..

    මගේ බ්ලොග් එක. පරණ ඒවා කියවලා , ෆලෝ කරලා යන්න එන්න

    ReplyDelete
    Replies
    1. එකනේ සහන් මම බැලුවා මේ ටිකේ අයිලෂ් අය්යා කෝ කියලා. සිරා ගේ බ්ලොගයේ ලින්ක් එක පුලුවන්නම් එවන්න මම කියවල නැහැ. ඔබේ බ්ලොගේ පරණම එව්වා ටික තමා කියවන්න තියෙන්නේ. මේ දවස්වල ඔබත් නිහඩයි කියන්නේ ඔක්තෝම්බර් 10 න් පස්සේ හොඳ හොඳ post කිහිපයක් කියවන්න ලැබෙයි කියන එක නේද? :D

      Delete
    2. photos රීනෙම් කරා සහන් ඒක ගොඩක් වැදගත් තමා. ස්තුතියි මතක් කලාට...!

      Delete
  3. මට ආවා ඊයකින්.

    ReplyDelete
    Replies
    1. අනිත් අයටත් ඒවි එහෙනම් හෙට අනිද්දම

      Delete
  4. මොරා......මෙච්චරක් වටිනා ඇඩ් ගොඩාක් අස්සේ අපි ගැනත් ඇඩ් එකක් දාලා. වැඩ දෙකටම ස්තූතියි.

    මම මේ ඇඩ්ස් ගොඩාක් දැකලා තියෙනවා. බොහොමයක් එව්වා මා කුඩාකල නැවතිලා හිටිය නැන්දාගේ ගෙදර බන්දුල අයියාගේ රසවාහිනි? නම් සඟරාවලින්. සමහරක් එව්වා පුවත්පත් වලින්.මට හිතුනා මතක සමහර ඇඩ්ස් ගැන ලියන්න.

    පින්තූර 1).....කාඩිනල් පොලිෂ්....රතු සහ දුඹුරු වර්ණ දෙකෙන්ම තිබුනා. නැන්දලාගේ ගෙදර පොලව පොලිෂ් කරන්න ගන්නේ රතු. විශේෂ උත්සවයකට ඉස්සෙල්ල දවසේ රෑට මේ පොලිෂ් යුද්දේ පටන්ගන්නවා.පරණ පොල්කුඩු දාලා හොඳට අතුල්ලලා පොලව සුද්ධ කරනවා ඉස්සෙල්ලා.මේ වැඩේට සුමානයක් දෙකක් තිස්සේ පොල්කුඩු එකතු කරගන්නවා.පස්සේ තමයි කාඩිනල් ගාලා වේලෙන්න තියලා අතුල්ලන්නේ. ඒ කාලේ කැරකෙන පොලිෂර් තිබ්බේ නැතිනිසා මාව ගෝනියක් උඩ වාඩි කරවලා කට්ටිය මාරුවෙන් මාරුවට ගෝනිය ඇදගෙන යනවා හොඳට පොලිශ් වෙනකම්.

    2)...ගෝයා ටැල්කම් පව්ඩර් සහ ඕඩිකොලොන් තමයි අපිව නාවලා ඉවරවෙලා ඉන්ද්‍රක්කා අතුල්ලනේ

    4)...ජම්පින්ග් ෆිශ් චීත්ත තමයි ඒ කාලේ හොඳම බ්‍රෑන්ඩ් එක. පස්සේ තමයි භූමිතෙල් චීත්ත ආවේ.CWE (CEYLON WHOLESALE ESTABLISHMENT ?)එක විතරයි රෙදි ගෙන්නුවේ මට මතක හැටියට.

    5) ඔය වෝකර් සාප්පුව තිබුනේ ගාළු පාරේ කොල්ලුපිටියෙ??

    6) ඩිස්ප්‍රින් භාවිතාව තමයි වැඩිපුරම තිබුනේ. පැනඩෝල් තිබුනෙම නැද්ද මන්දා...ඇළුමිනියම් කවරෙක නිල් අකුරෙන් තමයි ඩිස්ප්‍රින් කියලා සඳහන් කරලා තිබුනේ...කෝකටත් තෛලය ඩිස්ප්‍රින් ඒ කාලේ......

    8)කොලොනියල් මෝටර්ස් 1980-90 වගේ කාලයේත් යූනියන් ප්ලේස් එකේ තිබුනා. ඇඩ් එකේ තියෙන මාතර ඒජන්ට් ඇස්. කේ.පීටර් අප්පුහාමි පරම්පරාව මෑතක් වෙනකම් මාතර ප්‍රසිද්ධ මිනිස්සු මගේ හිතේ....

    9) ග්‍රැම්ෆෝන් සහ කොටුවේ බැස්ටියන් සමාගමත් එක්ක අර බන්දුල අයියට ලොකු සම්බන්ධයක් තිබුනා එයා ගාවත් ග්‍රැමෆෝන් එකක් සහ තැටි තිබුන නිසා.

    10) ඔය පෙන්වන බාටා මමත් දාලා තියෙනවා. ඉස්කෝලෙ යන ගෑණු ළමයි තමයි වැඩිපුර දැම්මේ. රෙදි වර්ගයකින් හදලා තිබුනේ, කැන්වස් කියලා කිව්වේ. වෙනම සුදු හුනු කැටයක් ආවා දියකරලා සපත්තුව වරින්වර සුදු කරගන්න.

    11) රින්සෝ තිබුනා හැබැයි වැඩිය පාවිච්චි කරේ පොශ් කස්ටිය. අපේ ගෙදර නයිලෝන් නූලෙන් කපලා ගන්න සවරින් බාර් තමයි පාවිච්චිය. පස්සේ තමයි සන්ලයිට් ආවේ.බෝල සබන් කියලා ජාතියකුත් තිබුනා තද නිල් පාට

    12) රෙක්සෝනාත් හරි ප්‍රසිද්ධයි ඒ කාලෙත්....ඇඩ් එකේ ඉන්න නිලියත් ප්‍රසිද්ධ කෙනෙක් ...මට නම මතක නැහැ.

    13) කොටුවේ මිලර්ස් තාම තියෙනවාද?

    14) එදත් අදත් කවදත් ලෝකයේම ප්‍රසිද්ධ මාමයිට් එංගලන්තයේ නිපැයුමක්....මාමයිට් කන අයගේ ෆෑන් ක්ලබ් එකකුත් තියෙනවා Marmarati කියලා (.http://www.yorkshireeveningpost.co.uk/news/latest-news/top-stories/why-is-this-house-painted-with-a-giant-marmite-jar-across-it-updated-1-6066336)............... ඒ කාලේ බවුරිල් කියලත් රසවත් නිපැයුමක් තිබුනා .යුරෝපයේ තාමත් තියෙනවා.

    බුදු අම්මෝ මොරෝ.....උඹේ ලිපියට වඩා මේක දිගයිද කොහෙද...සමාවෙයන්....මම හරි ආසාවෙන් ලිව්වේ.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ මම දැනගන්න ආසාවෙන් හිටපු විස්තර ඔබේ මේ කොමෙන්ටුවත් එක්කම තමා මේ ලිපිය සම්පුර්ණ වෙන්නේ. ගොඩක් ස්තුතියි අරු ඔබේ මේ රසවත් කොමෙන්ටුවට...!

      Delete
    2. ගෙවල් පොලිෂ් කරන කාලේ කියන්නේ පොඩි උන්ට රජ මගුල් වගේ තමා. අපිත් බිම පෙරලීගෙන ඇඟ පුරාම පොල්කුඩුගාගෙන පොලිෂ් නාගෙන තමා ඉන්නේ ඒ කාලෙට.

      ///කෝකටත් තෛලය ඩිස්ප්‍රින් ඒ කාලේ/// ඒකනම් ඇත්ත

      මිලර්ස් වගේම වෝකර්ස් කියන්නෙත් ඒ කාලේ භාණ්ඩ බෙදාහැරීම් කරපු සමාගම් නේද.? වෝකර්ස් එකක් ගාල්ලෙත් තිබුන මතකයි මෑතක් වනතුරු කොටු පවුර ඇතුලේ. මිලර්ස් නම් දැනටත් කාර්ගීල්ස් ලංකා සමාගම සමග බෙදාහැරීම් කටයුතු කරනවා කැලණිය ප්‍රදේශයේ තමයි කාර්යාලය. ඒ මේ මිලර්ස්ද දන්නේ නැහැ.

      මාමයිට් නම් එදත් අදත් කවදත් සුපිරි කෑමක්නේ. පුදුමයක් යැ ෆෑන් ක්ලබ් එකක් නොතිබ්බොත්. බවුරිල්ගැන නම් අහල නැහැ. ස්තුතියි අරු නැවතත් ඔබේ කොමෙන්ටුවට.

      Delete
    3. මේ ඇඩ් නොදැකපු අපිට අරූගේ ඒ කාලේ කියවීම එකතු නොවුනා මේ පෝස්ට් එක මේ තරම් සාර්ථක නොවෙන්න තිබුනා.
      මටත් මතකයි ඉස්සර අපි පොඩිම කාලේ බාර් සබන් තියෙනවා. දිගට දිගේ. අපේ අම්මා ඒවයින් අපේ ගේ ඉස්සරහා දොලේ ගල්වල අතුල්ලල අපේ රෙදි හෝදනවාත් මතක් වුනා මේක කියවලා.

      Delete
    4. ඒක ඇත්ත බාර් සබන් නම් මතකයි අපේ අම්ම එයා අකමැති දෙයක් කරන්න කිව්වම අපිට කියනවා "බෝල සබන් ගාල අත හෝදගෙන එන්න" කියල.
      ඔය වර්ගේ සබන් ගැන මතකය ඔච්චරයි මගෙත් :D

      Delete
  5. * ගෝයා ලඳකගේ ඉමිහිරි සුවඳ වඩවයි.
    * සිඞ්ඞාලේප වෙද මහතෙකි ඔබෙ ගෙදර.................
    * හනුමා ලකුණ රතිඥ්ඥා
    * S M A K ස්මැක්. නම බලලම ගන්න.
    දැන් මතකෙට එන්නේ නෑ බං. ඔය උඩින් කෙටුවෙ අපේ කාලේ අසාපු වයර්ලස් දැන්වීම් කීපයක්.

    ඔය අද කාලේ ඇඩ්වල යන,
    ඩිමෝ බට්ටා වැඩඩ හොට්ටා, සීඅයිසී මනුස්සකම, ප්‍රබෝධමත් ජීවිතයකට-නෙස්ටමෝල්ට්
    වාගේ ඒවත් තව කාලයක් යනකොට අපිට මාර ජෝක්ස් වෙයි.

    ReplyDelete
  6. * ගෝයා ලඳකගේ ඉමිහිරි සුවඳ වඩවයි.
    * සිඞ්ඞාලේප වෙද මහතෙකි ඔබෙ ගෙදර.................
    * හනුමා ලකුණ රතිඥ්ඥා
    * S M A K ස්මැක්. නම බලලම ගන්න.
    දැන් මතකෙට එන්නේ නෑ බං. ඔය උඩින් කෙටුවෙ අපේ කාලේ අසාපු වයර්ලස් දැන්වීම් කීපයක්.

    ඔය අද කාලේ ඇඩ්වල යන,
    ඩිමෝ බට්ටා වැඩඩ හොට්ටා, සීඅයිසී මනුස්සකම, ප්‍රබෝධමත් ජීවිතයකට-නෙස්ටමෝල්ට්
    වාගේ ඒවත් තව කාලයක් යනකොට අපිට මාර ජෝක්ස් වෙයි.

    ReplyDelete
    Replies
    1. කා.... සාදරයෙන් පිලිගන්නවා අන්ධ බින්දුවට!. වෙළඳ දැන්වීම් කියන්නේ ඉතින් වෙනමම කලාවක්.මිනිස්සුන්ගේ මතකයේ රැඳුන තරමට දැන්වීම සාර්ථකයි ..
      අනිවාර්යයෙන් අද කාලේ ඇඩ් අනාගතයේ ජෝක්ස් වෙයි තමා.
      ස්තුතියි ඔබේ අදහසට....

      Delete
  7. මොරයගේ බ්ලොග කියලා දන්නේ නෑ වෙන බ්ලොග් එකක රෝල් එකෙන් දැකලා අහම්බෙන් කඩා පාත්වුනා. මම උඹව දැකලා තියෙනවා කමෙන්ට් වල. නමුත් කවදාවත් ආශ්‍රය කරලා නෑනේ. පෝස්ට් එක යටින්වත් ලියන එකාගේ නම නෑනේ? අනික ප්‍රොෆයිල් අහවල් එකත් නෑ. කමෙන්ට් වලට උත්තර දීලා තියන නමෙන් තමයි දැනගත්තේ.

    මේ සමහර ඇඩ් මමත් රසවාහිණී වගේ සඟරාවල දැකලා තියෙනවා. මම මෙතනින් ආසම අර කාර් ඇඩ් ටිකට බං. වාහනවල අවයවත් තිබිලා තියෙනවා ඒ කාලේ. :D

    ම්ම්ම්, මගේ බ්ලොගර් නම ඩූඩ්. හෙන්රි බ්ලොග්වෝලර් කියන එකත් උඹේ morabbaa de morabbaa වගේ ටං ට්විස්ටර් එකෙක්නේ? ඇත්තට මොකක්ද බං ඔය නමේ තේරුම?

    ReplyDelete
    Replies
    1. සහෝ සාදරයෙන් පිලිගන්නවා... මම දැනගත්තා කවදාහරි කවුරුහරි ඔය ප්‍රශ්නේ අහයි කියල .දැන් දීපන්කො උත්තර. :D ඇත්තටම මුරබ්බා කියල පලතුරු ජාතියක්නම් තියෙනවා අරාබි කරයේ වැවෙන. අහම්බෙන් වගේ මට ඇහුනේ.මට හිතුන ඒ නම ගති වගේ ඉතින් පොඩ්ඩක් වෙනස්කරලා දැම්මා ඇත්තටම ඒක ටන්ග් ට්විස්ටර් එකක්ද? දැන්නම් කට්ටිය 'මොරා' කියල කියන නිසා අවුලක් නැහැ. :D
      ///වාහනවල අවයවත් තිබිලා තියෙනවා ඒ කාලේ/// ලංකාවට වාහන ආපු කාලේ හොඳ හොඳ රස කතා තියෙනවා මොනා උනත් අපේ මිනිස්සු ආගන්තුක දේවල් අපේ උරුවට හරවගන්න දස්සයෝ.
      සතුටුයි මේ පැත්තේ ආවට හෙන්රි... ප්‍රොෆයිල් මෙව්වා එකක් දා ගන්න ඕන වැඩිය වැඩ කෑලී දැම්මේ නැහැ සරලව තියාගන්න ඕන නිසා. අයෙත් ඇවිත් යන්න එන්න..

      Delete
    2. ටං ට්විස්ටර් එකක් වුනාට කමක් නෑ බං. එහෙනම් අර රංගිගේ Il mondo di una povera pazza කියවන්නේ කොහොමද කියලා හිතපංකෝ.

      මොරබ්බා කීයන්නේ පළතුරු ජාතියක්ද? මම අහලා නෑ.
      යකෝ එකෙකුටවත් හිතුනේ නැද්ද එතකොට ඒ ප්‍රශ්ණේ අහන්න. පුරෝගාමියෙක් වීම ගැන සතු‍ටුයි. :D

      මට ඩූඩ් කියාපං. මගේ බ්ලොගර් නම ඒක. මේ ගූගල් ප්ලස් මගුලට අප්ග්‍රේඩ් වුනායින් මගේ නම වෙනස් කරන්න වුනා මම වර්ඩ්ප්‍රෙස් බ්ලොග ලියනකොට පාවිච්චි කරන අයි ඩී එකට. හෙන්රි නම් මගේ ඇත්තම first name එක. බ්ලොග්වෝකර් කියන එක ආවේ ඉස්සර මාම් හරිම ආසා කරපු StarWars එකේ Luke Skywalker කියන චරිතයෙ සහ නිකම්ම Johnny Walker ගෙ බලපෑමෙන්.

      වරෙං ඒ පැත්තෙත් නිවාඩුවක් තියෙනකොට. මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග 'මට හිතෙන හැටි'. බ්ලොගර් ඉංගිරිස් බ්ලොග HeyDude. බ්ලොගර් සිංහල බ්ලොග 'මගේ ඩෙනිම'. ලින්ක් දැම්මේ නෑ උඹට පුලුවන් මගේ ප්‍රොෆයිල් එක උඩ කොටලා හොයාගන්න.

      Delete
    3. මම හිතුවේ ඔබේ ප්‍රංශ සම්බන්දයක් තියේ කියලා. බලාගෙන ගියාම මේ අර අපි සිරප් අස්සේ දාලා කන සිම්පල් මුරබ්බානේ.

      ටන් ට්විස්ටර් නෙමෙයි මොනවා උනත් මේ නමේ අමුතු ගතියක් තියෙනවා. ඔන්න ඔහේ ඕක වෙනස් කරන්න එපා.

      මාත් ඔබගේ කමෙන්ට් එකක් හරහා ආවේ මගෙ බ්ලොගේ. කොමන්ට් එකේ තිබුන දිග පළල දැකලා ඔබ ලියන ඒවා හොයාගෙන කියවන්නම හිතුනා.

      Delete
    4. රංගි ඒත් උඹ හරි තැනටම ආපු හැටි බලාපං. ඒ කියන්නේ මම මගේ කමෙන්ට් එකේ උඹේ නම සඳහන් කරලා තියන තැනටම. "ගියා නෙමෙයි මල්ලියෙ දෙයියෝ අරං ආවා" කියලා මොකක්දෝ නාට්‍යයක නැගලා යන කෑල්ලක් තිබ්බා ඒ කාලේ. හරියටම අන්න ඒ වගේ. :D

      Delete
    5. ඩුඩ් ගේ කතාවෙන් පස්සේ තමයි මම කවුද මේ Il mondo di una povera pazza කියල හොයල බැලුවේ.එකේ තේරුම 'මේක පිස්සු ලෝකයක්" වගේ එකක් නේද? දැන් කොහේ නම වෙනස් කරන්නද ඒක රෙජිස්ටර් වෙලා ඉවරයිනේ මොරා කියලා. :D සතුටුයි මේ පැත්තේ ආවට...

      ඩුඩ්.. ඔබේ බ්ලොගය පැත්තෙත් ආවා ෆලෝ කරලා තියෙන්නේ .නිවීහැනහිල්ලේ පහුගිය එව්වා ටික කියවන්නම් අදුනගැනීම සතුටුයි දෙදෙනාම..

      Delete
    6. නම වෙනස් කරන්න කිව්වේ නෑ බං. ඒක උඹේ අනන්‍යතාවයනේ . ඒකෙත් ගතියක් තියෙනවා. ස්තුතියි ෆලෝවර් කෙනෙක් වුනාට. කියවලා කියාපංකෝ උඹ හිතන දේ.

      Delete
  8. අරූ තමා පාර කිව්වේ.කැමතිම එක අර සින්දු කියන යන්ත්‍ර.අරූ කිව්ව ඔඩිකොලෝන්(Eau de Cologne) නම් තාම ඔරිජිනල් එක තියෙනවා .තද නිල්පාට බෝල සබන් ගැන ඇහුවාමයි .පරණ පින්තුර බෙදා ගත්තාට ස්තුතියි මොරා .මෙතන තියනවා සිරාගේ කාමරේ පත්තර ටික.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට වටිනා අදහසකුත් එක්කම. ඒකත් අර වාහන වල අවයව වගේ අපේ උරුවට වෙනස් කරගත්ත නමක් තමා එහෙනං.ඒ පැත්තේ ගිහින් බලන්න ඕන ස්තුතියි "නිකං".සාදරයෙන් පිලිගන්නවා අන්ධ බින්දුවට!

      Delete
  9. චන්දන අයියත් මේ වගේ පරණ දැන්වීම් වගයක් දාල තිබ්බා බ්ලොග් එකේ. ඒ කාලෙ ජීවිත කොයි තරම් සරලද කියල හිතෙනවා වෙලාවකට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොමෙන්ටුවට චම්ස්. කොහොමද වාහනවල ගණන්.. ටෙලිෆෝන් නොම්මර වල digit 4 යි. අර කතාවක් තියෙනවනේ දවසින් දවස ආපහු හැරිලා බැලුවොත් කිසිදෙයක් එතරම් වෙනස් වෙලා නැහැ වගේ එත් වසර ගණනාවකින් ආපහු හැරිලා බැලුවොත් හැමදේම සැහෙන වෙනස් වෙලා කියල...

      Delete
  10. මරු ඇඩ් නෙ.ඉස්සර ඇඩ් කලාව තිබිල තියෙන්නෙ "බොල සබන් ගානු "වගෙ ටයිප් එකෙන් ලු නෙද.

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ වගේ බටර් ටයිප් එකෙනුත් තියෙන්න ඇති දමිත්.භාණ්ඩේ විකුනගන්නනේ මේ හැමදේම..ස්තුතියි දමිත් කොමෙන්ටුවට..

      Delete
  11. හිත පිනා ගියා බං. හැබෑවටම මාර කොලිටියක් දැනෙන්නේ හිතටත් ඒ කාලේ ඇඩ් දැක්කාම. ඒ කාලේ වතන පාවිච්චිය කොහොමද නේද. ඇඩ්වටයිසින් කලාව දියුනු වෙනවා කාලෙන් කාලෙට. තවත් අවුරුදු පනහක් විතර ගියා මම කිවේ අපි නාකි වෙන්න ආවම අද කාලේ ඇඩ් දිහා බලන අපේ පොඩි එවුන් මොනව කියයිද මන්දා...

    ReplyDelete
    Replies
    1. එක තමයි රතී හැමදේම වෙනස් වෙනවා කාලෙන් කාලෙට..බොහොම ස්තුතියි ඔබේ අදහස එකතු කලාට. භාෂාව තමයි ගොඩක්ම වෙනස්. ඇඩ්වටයිසින් කලාවේත් සැහෙන වෙනස්වීම් තියෙනවා එදාට සාපේක්ෂව....

      Delete
  12. සමහර දැන්වීම් නම මතකයි.

    ස්තුතියි මොරබ්බා මා ගැන සොයා බැලුවාට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොමෙන්ටුවට අයිලාෂ්.... සතුටුයි ආපහු ආවට.. :)

      Delete
  13. කියන්න තියෙන්නෙ ඒ මිලගනන්වලට සාපේක්ශව දැන් මිල ගනන් වැඩියි වගේ දැනෙනව කියලයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්ත දයාල් ඒ කාලෙට සාපේක්ෂව අද මිනිස්සුන්ගේ ආර්ථික තත්වය ඉහලින් තියෙනවා භාණ්ඩ මිල අධික උනත් යම් පමණකට දරාගන්න පුළුවන් බොහෝ දෙනෙකුට ...එත් වාහනයක් බොහෝ දෙනෙකුට හීනයක් වූ යුගයක් ආපහු ඇවිත් අධික බදු ප්‍රතිශතයත් එක්ක....

      Delete
  14. මොරා උඹ කෝ?????????????????????

    ReplyDelete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...