ශාරීරික ක්‍රියාකාරිත්වය අඩපන වු විගස මරණය සිදුවේ යන්න වෛද්‍ය විද්‍යත්මක මතයයි. නමුත් සත්‍යය වනුයේ ක්‍රියාකාරිත්වය අඩපන වූ සිරුරක පැවත්මට ඔබ නොකැමති වීමයි. ඔබ ආසාකල විඳීම් එලෙස තවදුරත් විඳිය නොහැකි තැන ඔබට නික්මීමට සිතේ. දියවැඩියා රෝගියෙකු දෙස බලන්න. ඔහුට තහනම් කල පැනිරස හොරෙන් හෝ කෑම ඔහුගේ සිරිතයි. තමන්ට අහිමිවන විඳීම කෙසේ හෝ ලබාගැනීමට සිතේ නොනිත් ආශාවක් ඇතිවනවා. මරණයත් ඒ වගේ. ශාරීරික ස්වභාවය අඩපන වීම ස්වභාවික ක්‍රියාවක්. එයයි යතාර්ථය. එයට නොකැමති වන ඔබට කෙසේ හෝ අහිමිවීයන විඳීම් අවස්තාවන් යලි යලිත් විඳීමට උවමනා වෙනවා. එයට ඇති මග මරණයයි. දරුණු අනතුරකින් සිරුර කෑබලි වී යන මොහොතක් සිතන්න ඔබ ඔබේ සිරුරට ආදරෙයි ඔබ අකමැතියි එය කැබලි වනවාට. එය කැබලිවීමෙන් ඔබට මෙතෙක් කලක් විඳි සියල්ල විඳගැනීමේ අවස්තාව අහිමි කෙරෙනවා. ඔබ හරි කැමැත්තෙන් මරණය තොරගන්නවා සම්පූර්ණ ශරීරයක් සහිතවම යලි යලිත් ඒවා විඳීමේ අරමුණින්. නමුත් එසේ හැරයන මොහොතේ යම් කණගාටුවක්, වේදනාවක්, පසුතැවීමක් ඇතිවීම භයානකයි. මොකද ඒ මොහොතේ ඔබේ විඳීම් ස්වභාවය එය වනවා. යලි උපත එයට අනුරූප වෙනවා. මරණය යනු එයයි. ඔබ ආසාවෙන්ම ලැබූ විදනයන් යලි යලිත් ලැබීමේ මග ඔබම විවර කරගන්නවා. යම් ලෙසක ඔබට කැබලිවී ගිය සිරුර හෝ ක්‍රමිකව වියපත්වන දුබල වන සිරුර යලිත් කවදා හෝ මෙවන් ධර්මතාවයකට යථාර්තයකට මුහුන දෙන බව දැක ඒ මොහොතේම ගැටීමක් නැතිවම එය හා එකඟ විය හැකිනම් ඒ මොහොතේම ඔබ මරණය ජයගන්නවා. (non judgement and non engagement with the situation).
දැන් ඔබට සිතේවි අපාය සහ දිව්‍ය ලෝකය පිලිඹදව ඔබ අසා ඇති දෑ. මා සිතන ලෙස අපාය හෝ දිව්‍ය ලෝකය යනු යම් යම් විඳීම ස්වභාවයන්ය. ඔබ වඩාත් ආසාවෙන් වින්දනය කල දේ යලි යලිත් විඳීමට ඔබ මරණයෙන් පසු පරිසරය සකස් කරගනී. නැතහොත් එය විඳීමට සුදුසු පරිසරයක ඔබ පහල වනු ඇත. විශ්ව නීතියට අනුව ඔබ වපුරන දෙය ඔබට ලැබේ. එසේ වන්නේ ඔබ ඒ සමග ඒකාත්මික වී ඇති බැවිනි. ඔබේ විඳීම එයයි. හිංසාව රිදවීම වින්දනය කරන්නාට එම විඳීම් යලි යලි විඳීමට පරිසරය සකස්වනු ඇත. ඔහු තමන් තුලින්ම එය අත් විඳිනු ඇත. සතුට ආදරය වින්දනය කරන්නා එම වින්දනයන් යලි යලිත් විඳීමට මග පාදාගනු ඇත.
ඒ අනුව අප ප්‍රාර්ථනා මාර්ගයක ගමන් ගන්නා මගියෝ වන්නෙමු . ඔබෙ ප්‍රාර්ථනා පොදියේ බර අඩුවූ තරමට ගමන ඉක්මන් වනු ඇත. මරණය අරමුණ වෙත වූ අපේ ගමන ඉක්මන් කරයි. නමුත් මේ මොහොතේම උව මරණය ජය ගත හැකියයි මට සිතේ. ඒ සියයට සියයක්ම
තමාට සිදුවන සියළු දේ හා ඒකාත්මික වීමෙනි.
අවශ්‍යයතාවයන් හා බලාපොරොත්තු සියල්ල මේ මොහොතේම අතහැරීමෙනි.
රැකීමට හා ඔප්පු කිරීමට කිසිවක් නොමැති වීමෙනි.
පැවැත්ම අහෝසිවී යන්නේ එවිටයි. මේ මොහොතේ කෂනිකව ශරීරය විනාශවී ගියද ක්‍රමිකව වියපත්ව රෝගී වුවද කිසිම අකමැත්තක් බියක් වේදනාවක් හෝ විශේෂ හැඟීමක් නොමැතිව සිටිය හැකිනම්, එය පිළිගත හැකිනම් (be harmonize) මරණය ජයගත හැකි වේ. අහිමි වන විඳීමේ ස්වභාවයන් පිලිඹඳ ආසා වූ විගස ඒවා විඳගත හැකි පරිසරයක් ඔබට ලැබේ. කෙසේ නමුදු මරණය ඔබේ බලාපොරොත්තු ඉටු කරන බැවින් එයට කෙසේ වත් බිය විය යුතු නොවේ. එය ඔබේ බලාපොරොතු ඉටුවීමක්, ඔබට ආශිර්වාදයක් යැයි කීවේ එබැවිනි.
//කෙසේ නමුදු මරණය ඔබේ බලාපොරොත්තු ඉටු කරන බැවින් එයට කෙසේ වත් බිය විය යුතු නොවේ//
ReplyDeleteඇත්ත..හිතට එකඟව ජීවත් උනා නම් මරණය ගැන බය වෙන්න ඕන නෑ. අනික මරණය කියන්නෙ අපි අපට උරුම දෙයක් කියල නොදන්න දේකුත් නෙවෙයි.මේ සංසාර ගමන කෙලවර වෙනකන් අපිට මරණයට මූණදෙන්න වෙනවා...
හිතට එන හැඟීම් ගැන විමසිලිමත් ව ඉඳීම තමා වටින්නෙ චම්ස් එතකොට තේරෙනවා වෙන්නෙ මොකක්ද කියලා. දුශ්කර මොහොතක එසේ හැඟීම් තෙරුම් ගැනීමට තමා අප පුරුදු විය යුතු.
Deleteකාලෙකින් ඔබේ ලිපියක් දැක්කේ නැහැ.. ලිවිල්ල නවත්තන්න එපා.
කවද හරි මැරෙන්න වෙනව නෙ අප්පා. ඔය මොනව කිව්වත් මැරිල ම තමා බලන්න වෙන්නෙ කොහොමද අද්දැකීම කියලා.
ReplyDeleteඑහෙම උනොත් ඔබ මරණයට පරදිනවා.. ඔය අත්දැකීම මීට කලින් කොච්චර විඳල තියෙනවද?
Deleteහොඳ ලිපියක් මොරේ, දීර්ඝ පිළිතුරක් දිය යුතු වුවත්, මේ දවස්වල ඒ වෙනුවෙන් හැකියාවක් නැහැ.
ReplyDeleteඅයිලාස්ගෙන් දීර්ඝ පිළිතුරක් බලාපොරොත්තු වෙමු
Deleteඔබ දුශ්කර මොහොතක් ගතකරන බව මා දන්නවා අයිලාස්. පහසු විටෙක අදහසක් එකතුකරන්න. ඔබේ අදහස ගොඩක් වටිනවා. කියවන අයටත් මටත්...
Delete//"කෙසේ නමුදු මරණය ඔබේ බලාපොරොත්තු ඉටු කරන බැවින් එයට කෙසේ වත් බිය විය යුතු නොවේ"// සැමවිටම මරණය බලාපොරොත්තු ඉටුකිරීමක් ද?
ReplyDeleteඔව් ප්‍රගීත් මට හිතෙන්නෙ එහෙමයි. හරියට අපි බෙදාගත්ත බත් පතක් කන්න ලැබෙන අවස්තාවක් වගේ. ඔබ රසවිඳීමට එකතු කරගත් දේවල් යලි යලිත් රසවිඳීමට ලැබෙන අවස්තාවක් ඒ මොහොතේ තමා ඒ තෝරාගැනීම සිදුවන්නෙ. ඔබට සිදුවන දේ ගැන ඔබ දැඩිව ගැටෙනවා ඒ මොහොතේ ඔබ අත්හැරීමට කැමතිම නැහැ වේදනාවත් ඉවසන්නම බැහැ. නමුත් අවසානයේ ඔබ ජීවිතය අතහරිනවා. ඔබ කැමති නැහැ ඔබට සිදුවන ඒ දෙයට. නමුත් ඊලඟ මොහොතේ ඔබේ ආසම විඳීම යලිත් ලැබීමට සියල්ල සකස් වෙනවා. ඒ අවසන් හැඟීම් ස්වභාවය අනුවයි. සැලකිල්ලෙන් සිතා බලන්න ප්‍රගීත් නැතිනම් ඔබ මුලාවට පත් වෙවි. ස්තුතියි ඔබ ඉදිරිපත්කල ප්‍රශ්නයට..
Deleteඔබේ අදහසට මූලිකම පදනම වෙන්නෙ මැරුනට පස්සෙ තවත් ආත්මයක අපි උපදිනවා කියන විශ්වාසය.. එහෙමත් නැත්තම් ඒ ගැන බුදුදහම හෝ වෙනත් ආගමක් මත පදනම් වුනු සංකල්පයක් නිසයි එහෙම හිතන්න පෙලඹෙන්නෙ...
ReplyDeleteෂුවර්ද අපි මැරුනට පස්සෙ ආයෙ ඉපදෙනවමයි කියලා ???
හැමදේම හැදිල තියෙන්නෙ අපි'අපිම ගොඩනගාගත්තු සංකල්ප වලින්... ඔබේ අදහසත් එවැන්නක ඵලයක් පමනයි.
කියන්න බැරි උනා. ඔබේ අදහස පමනක් නෙමෙයි. අපේ (මමද ඇතුලුව) අදහස් ගැන හිතුවත් ඔච්චර තමයි.
Deleteසමවෙන්න ඔබ ගේ අදහස් කුමක්ද යන්න මා හට තෙරුනු අකාරයට ඔබ මරණින් මතු අත්මයක් පිලි නොගනි ..නමුත් මේ ලොකේ සැබැ සත්‍ය එසෙය ...ඔබ මේ ජිවිතය ගැන දන්නේ මොනවද ???ඔබ ඔබෙන්ම අසන්න එතකොට ඔබටම අවබෝධ වනු ඇත ....
Deleteස්තුතියි තිලින ඉතා වටිනා ප්‍රශ්නයක් ඔබ ඉදිරිපත් කලේ. මුලින්ම කියන්න ඕන පුනර්භවය මා පිලිගන්නවා. නමුත් විශ්වයේ සියල්ලම යම් යම් කම්පනයන් මට්ටම් සහිත ශක්තීන් ලෙස මා දකිනවා. මිනිස් සිත යනු ශක්ති ප්‍රභවයක් වගේ. සතුට මෛත්‍රීය ආශිර්වාදය වගේ හැඟීම් ඉහල මට්ටමේ කම්පනයන් භෞතික විද්‍යාවෙ කියවෙන අනුනාදය විශ්වීය තලයේ ක්‍රියාත්මක වන්නක්. විශ්වයම ශක්ති ගනුදෙනුවක්. අපේ සිතිවිලිවල කම්පනයන් ඉහල නම් ( happiness blessfull peaceful kindness) ඔය කියන දිව්‍යතල සමග අනුනාද වෙන්න පුලුවන් එතකොට අපි ඉබේම එවයේ පහල වෙනවා. වෛරය බිය පසුතැවීම කලකිරීම වගේ පහල මට්ටමේ කම්පනයන් අප බුදුදහමේ හෝ වෙනත් ආගම්වල කියවෙන නිරය සමග අනුනාද වෙනවා ඒ තලවල සිත පිහිටනවා.මේ විදිහට ශක්ති හුවමාරු වෙමින් යන ගමනක් මේක. සිතිවිල්ල යනු ශක්ති ප්‍රභවයක් නමුත් මේ කම්පනයන් ශූන්‍ය වීම නිවන ලෙස මා දකිනවා. ඒ අර්තයෙන් පුනර්භවය පවතිනවා ශක්ති හුවමාරු වෙමින් යන මේ ගමන විශ්වීය චාරිකාවක්.
Deleteනිවන් දැකීම කෙසේ වෙතත් මිය යන මොහොතේ හෝ මෙලෙස ශූන්‍ය මට්ටමට එලඹීම මරණය ජය ගැනීමක් ලෙස මා දකිනවා. ඊට එහා ඔබ යමකට ආසාකරනවානම් එය ඔබ ඊලඟ මොහොතේ නිසැකවම අත් විඳිනවා..
සංකල්ප යනු අප අර්ථ ගන්වලා තියෙන පදනමක්. මම මෙය නිරපේක්ශව දකින්නේ.නැවතත් ස්තුතියි ඔබ මතුකල අදහසට...!
reply එක කොටලා තියෙන්නෙ වැරදි තැන. ඔන්න හරි තැනට paste කලා.
Delete@ morabba de morabba
අනුනාදය ඇසුරින් කල පැහදිලි කිරීමට මං ඔබ සමග 100%'ක් එකඟයි. මමත් ඉස්කෝලෙ යන කාලෙ ශක්ති සංස්ථිතිය ගැන ඉගෙනගන්නකොට ඒ ඔස්සේ හිතල තියෙනවා, බුදුදහමේ කියන භවය පිලිබඳ කරුනු මෙසේ විය හැකියි නේද... කියලා...
ඔබ, මරනින් පසු නැවත භවයක් ඇති බව විශ්වාස කරන්නේ ඔබ තුලම ඇති කරගත් ඉතාම තර්කානුකූල බුද්ධිමත් සංවාදයක ඵලයක් විදිහට කරුනු'කාරනා තේරුම් ගැනීමකින් බව ඔබේ පැහැදිලි කිරීමෙන් පේනවා, වටිනාම දේ එය'යි.
නමුත් ගොඩක් අය කරන්නේ ආගමික සංකල්ප තමුන්ගේ ජීවිතය සඳහා තර්ක බුද්ධියකින්/විචාර බුද්ධියකින් තේරුම් අරං ජීවිතය ගත කිරීම නෙමෙයි. වෙන්නේ ආගමික සංකල්ප විසින් ඔවුන්ව මෙහෙයවන එක. නමුත් ඔවුන් එය දන්නෙ නැහැ.
ඔබේ විශ්වාසය හුදු විශ්වාසයක් පමනක් නොව පදනමක් ඇතුව කල තේරුම් ගැනීමකින් විශ්වාස කරන්නක් බව කොමෙන්ටුවෙන් පැහැදිලි උනා. ඒ' කාරනය ලිපියේම අඩංගු උනා නං ගොඩක් වටිනවා.
ඇත්තටම මං මුලිං ලිපිය කියවද්දි මට හිතුනෙ උඹත් "අහවලා කිව්ව, අරය කිව්ව, මෙයා කිව්වා කියලා" සමහර දේවල් දේව භාශිත විදිහට අරගෙන අදහස් දක්වන අය වගේ, ඒ ඔස්සේ හිතල ලියපු දෙයක් කියලා. මම උඹ එක්ක එකඟ නොවුනත් , උඹට අනුව උඹ කියලා තියෙන දේ හරියටම හරි යාලුවා. මං කිසිම ආගමක් අදහන්නෙ නෑ. හැබැයි, අදහන අයට නිග්‍රහ කිරීමෙ අරමුනක් මට නෑ... මරනින් පස්සෙ තව ආත්මයක් තියෙනව කියලා විශ්වාස කරන අයට ඒ ගැන හුදු විශ්වාසයකින් එහාට ගිහින් යමක් හිතන්න, මේ ලිපියෙ කියන කාරනා වගේම උඹ මට දැම්ම කොමෙන්ටුවත් උදව් වෙනවා.
එල...
සමහර මිනිස්සු පවතින සීමාව අතුලේ ජීවත් වෙන්න හදනවා සමහරු ඊට එහා ගිහින් ලෝකය දකින්න හදනවා. ආගම් හැදිලා තියෙන්නෙ එහෙමයි. නමුත් පැවැත්ම නිරපෙක්ශයි.
Deleteමරණය අපි කාටත් පොදු දෙයක් ,බුදුන් වහන්සේ තරම් මේ ජිවිතය ගැන සත්‍ය පැහැදිලි කල ශතෘ කෙනෙකු මේ ලෝකයේ නැ (මට දැනෙන අකාරයට ) ධර්මය හොදින් අවබෝධ කර ගත් කෙනෙකුට මේ මරණය හා නැවත ඉපදිම ගැන හොදට අවබෝධ වනවා ..
ReplyDeleteපැහැදිලිවම බුදුන්වහන්සේ දත් සියල්ලම දෙශනා කලේ නැහැ. අවබෝදයේ පහසුව පිනිස සරලවයි දේශනා කලේ. ගතවන සෑම මොහොතකම සිත ගැන අවදියෙන් සිටීම තරම් වටිනා දෙයක් තවත් නැහැ. එවිට හොරෙක් අහු වුනා වගේ අපේ හිත අපිටම අහු වෙනවා. සිතිවිලි ඇතිවීම පැවතීම නැතිවීම හොඳින්ම අසු වෙනවා. සහෝ එය තමා මාර්ගය හෙවත් වෙන්කොට දැකීම (විදර්ශනා). මරණ මොහොතෙත් මෙලෙසම සිත පවත්වාගැනීමයි කලයුතු...ස්තුතියි ඔබට සහෝ
Deleteමොරා.....මම මරණයට පෙර ,ඒ කිව්වේ ජීවත්වෙන කාලය තුල හිතට එකඟව සතුටින් කාටවත් කරදරයක් නොවී ජීවත්වෙන්න උත්සාහයක යෙදෙනවා. මොකද ජීවිතය මා සතු දෙයක් නිසා. මරණයට පසු කියන කිසිම තත්පරයක්වත් ගැන මම හිතන්නවත් උත්සාහ ගන්නේ නැහැ. මොකද එය මා සතු දෙයක් නොවන නිසා. මම හිතන්නේ තමන් සතු නොවන දෙයක් ගැන තත්පරයකටවත් හිතලා ඇති තේරුම මොකක්ද කියන අර්ථයෙන්. මේ සාකාච්ඡාව ආගමික අර්ථ නිරූපණවලින් තොරව ඉදිරියට ගියොත් ජීවිතය යනු කුමක්දැයි මරණය ගැන සාකච්ඡා කිරීමෙන්ම වටහා ගන්න හැකිවෙයි කියා මම හිතනවා. මරණය සහ ආගමික මතයන් එක්ව සාකච්ඡා කිරීමම, මරණය කියන විෂය තව තවත් පැටලිලි සහගත කරනවා.
ReplyDeleteමම දැම්ම මුල්ම comment එකෙන් මම හරිම ප්‍රාථමික විදිහට කියාගන්න දඟලපු දේ ඉතාම පරිනත අයුරින් අරූ කියලා තියෙනවා.
Deleteඔව්, ආගමික පදනමක් හරහා සියල්ල දකින්න/විග්රහ කරගන්න හැදුවොතිං, අපිට අපිවම මග ඇරෙනවා...
@ අරු & තිලින මමත් මෙය ආගමික නැඹුරුවකින් තොරව ඉදිරිපත් කිරීමට තමයි බලාපොරොත්තු වන්නේ. ගොඩක් දෙනෙක් ඔබ ඔය කියන විදිහට ජීවිතය දකිනවා. ඇත්ත අපි කාටත් කරදරයක් නොවී ජීවත් වෙන දෙය උසස් සිතිවිල්ලක්.නමුත් ඔබේ සිත නිතරම දේවල් විනිශ්චය කරමින් පවතිනවා. මිනිස් සිත අපුරු දෙයක් එය අපටත් නොදැනිම අප ලවා දේවල් කරවනවා. නිවෙන දැල්වෙන තොරනක් වගේ ඔබේ මනසේ විවිධ සිතිවිලි මතුවෙනවා. මේ හැම සිතිවිල්ලක් තුලම හැඟීමක් ජනිත වෙනවා සෑම හඟීමක් තුලම ශක්තියක් නිදහස් වෙනවා. එම ශක්තිය අපට ඒ හැඟීමම යලි ඇතිවෙන පරිසරයක් සකසනවා. මදක් විමසිල්ලෙන් සිතාබලන්න ඇත්තටම අප සිතිවිලි මගින් ගනුදෙනුවක යෙදිලා ඉන්නේ සෑම මොහොතකම. අපට උවමනා යැයි සැලකෙන දේවල් නිතර ඉල්ලා සිටිමින් සිතිවිලි ගනුදෙනුවක නිරතවෙලා ඉන්නේ. මම කියන්නේ මිය යන මොහොත දක්වාම අප මෙහෙමයි ජීවත් වන්නෙ නමුත් ඒ මොහොත පිලිඹද ඔබ අතෘප්තිකරයි ඔබට අවසන් කරගත නොහැකි වූ විඳීම් අහිමිවීගෙන යන මොහොතේ ඒ ගැන අතෘප්තිමත් නොවී සිටීමෙන්ම ඔබ මරනය ජයගන්නවා. එසේ නොමැතිනම් අවසාන මොහොතේ මනසින් නිදහස්වන සිතිවිල්ලේ ශක්ති ස්වභාවය අනුව ඔබට නැවතත් එවන් විඳීම් ලැබෙනවා. මා පවස්න්නේ එයයි..
Deleteඔබ ලස්සන කතවක් කියනවා // ජීවිතය මා සතු දෙයක් // එයට මා එකඟයි එය ඔබ සතුයි. සිතට ඒ තීරනය ගැනීමට නොදී ඔබට කැමති පරිදි පාලනය කිරීමයි කලයුතු වන්නේ.මොකද එය ඔබ සතු දෙයක් ඔබට පමණයි එය කල හැක්කේ.
මා දකිනා ලෙස ජීවිතය අතීතයේවත් අනාගතයේ වත් නොවේ මෙ මොහොතේ පවතින්නක් නමුත් මේ මොහොතේ ඔබට හොරා හිත එක එක දෙවල් ඉල්ලනවා ඔබට නොදැනීම.. විමසිල්ලෙන් බැලුවොත් පෙනේවි...මිය යන මොහොතෙත් එහෙමයි.
"මරනින් මතු ජීවිතයක් තියනවා" කියන එක මට ප්රත්යක්ශ නැහැ. "මරනින් මතු ජීවිතයක් නැහැ" කියන එකත් මට ප්රත්යක්ශ නැහැ.....ඉතින් මම මරනින් මතු ජීවිතය ගැන හිතන්න තවදුරටත් වෙහෙසෙන්නේ නැහැ.නමුත් මට මගේ පවතින ජීවිතය ගැන මුලුමනින්ම විස්වාසයි , ප්රත්යක්ශයි. ඉතින් තවදුරටත් මම මේ පවතින ජීවිතය පිලිභඳව මිස "කොහේවත් නැති" ජීවිත ගැන සිත වෙහෙසවන්නේ නැහැ.............මගේ අදහසට අනුව බුද්ධ දර්ශනය යනු "කතා කලයුතු මාතෘකාවක් නොවේ" එය "අවබෝධකර ගතයුතු" මාතෘකාවකි...........මෙවන් මාතෘකා පිලිභඳව කතා කිරීම නිශ්ඵලය , කිසිම තේරුමක් නැත"
ReplyDeleteඔබට පවතින ජීවිතය ගැන විස්වාසයි එසේම ජීවිතය අවසන් වීම පිලිඹදවත් විස්වාසයක් පැවතිය යුතුයි නේද සූස්ති. කොහේවත් නැති ජීවිත ගැන විස්වාස නොකිරීම හොඳ දෙයක්. නමුත් අප ජීවත් වන සීමිත පරාසය ඇතුලේ ජීවිතය අර්ත දක්වලා තියෙන බව ඔබ දන්නවාද. ඒ අර්තදැක්වීම් වලට අනුවයි අප සිතන්නෙ. ඔබේ ඇස සන්වේදී සීමිත දෘශ්ඨිපරාසයකට කන සන්වෙදී සීමිත ස්රව්ය පරාසයකට එයින් අපට සිතන්න බැහැ ඊට එහා ලෝකයක් නොපවතින බව.
Deleteසිත ගැන තමා මම කතා කරන්නේ මෙතනදි මොකද ලෝකය කියන්නේ සිතිවිල්ලක් පමනක් නිසා. switch එකක් නිව්වම light එක නිවෙනවා වගේ සිතිවිලි ධාරාව ඉවර වෙන්නේ නැහැ. ගිටාර් එකක් play කරල එක පාරට නතර කරොත් අන්තිම කම්පනය සෑහෙන වෙලාවක් පවතිනවා ශක්ති හානියක් නැත්නම් එය දිගටම පවතිනවා.
සත්‍යයට තියෙන්නෙ එකම ස්වරූපයක් විද්‍යාවෙන් බැලුවත් ආගමින් බැලුවත් දර්ශනෙන් බැලුවත් සත්‍ය නිරපේක්ශයි. මම universal phenomenon එකක් විදිහට ජීවිතය දකින්න උත්සහ කරනවා. ඔබ එකතුකල අදසට ස්තුතියි සූස්ති..
මේක ගැන මත වාදයක් ප්‍රකාශ කරන්න තරම් ගැඹුරු ආගමික දැනුමක් මට නෑ බං.
ReplyDeleteආගමික දැනුමක් උවමනා නැහැ මටත් ඒ හැටි ආගමික දැනුමක් නැහැ ඩුඩ්. නමුත් ඔබට හැඟීම් ඇතිවෙනවා ඔබ තුල ජීවයක් පවතිනවා ඔබ සමහර දේවල් හොඳයි කියා ලංකරගන්නවා සමහර දෙවල් එපා කියලා ඈත් කරනවා. මෙහෙම තමයි ජීවිතය ගෙවෙන්නේ එත් ඇත්තටම හොඳ හෝ නරක දෙවල් නැහැ. ඒ ඔබ එවා දකින විදිහ පමණයි. ඔබට මැරෙන මොහොතේ ජීවත් වෙන්න ඔන වෙනවා නමුත් ඔබට ඕන දේ ඇත්තටම ලැබෙන බව ඔබ දන්නේ නැහැ ඔබට උවමනා දෙය ජීවිතයේ තුල වින්දනය කරන්න එයම ඔබට ලැබෙනවා. ඔබ නිදහස් කරන ශක්තිය ඔබටම ආකර්ශනය වෙනවා හැබැයි විඳින්නෙ කුමක්ද කියා අවබෝදයෙන් විඳින්න.
Deleteමිය යෑම තෙක් කාටවත් කරදරයක් නොවී සතුටින් ජීවත් වීමයි මගේත් එකම අරමුණ. මා පුනර්භවයක් විශ්වාස කරන්නෙ නෑ. මැරුණට පස්සේ වෙන දේවල් ගැන හිතන්නේත් නෑ. මගෙ මරණයත් කාටවත් කරදරයක් දුකක් නොවී වෙනවට මම කැමතියි. මට හිතෙන විදියට බැඳීම් වලින් ලිහිල් වුනාම අපිට මරණය පහසුයි. කොටින්ම මා එහෙම කෙනෙක්.
ReplyDelete"අපේ කැමැත්තක් ඉටුවීමක් නැත්නම් ආශිර්වාදයක් තමා මරණය කියන්නෙ. අපට උවමනා පරිදි අපේ කැමැත්ත ඉටුවීමක් කියල කිව්වම මට ගල් ගහන්න කාරි නැහැ. කවුද කැමැත්තෙන් මැරෙන්නේ කියල හිතන්න එපා. ඔබේ මරණය සිදුකරන්නේ ඔබට අවශ්‍ය පරිදි ඔබේම සිතැඟි විසින්මයි. අපම නිර්ණය කරගත් කාල රාමුවක් තුල ජීවත් වී නෙක විධ වින්දනයන් ලබමින් ජීවත් වන අපට ඒ වින්දනයන් යලි යලිත් ලැබීම පිනිස පරිසරයක් සකස්කරගැනීමට මග පාදන්නේ මරණයයි. "තවත් නම් ඉන්න බැහැ" කියන සිතිවිල්ල තදින්ම ඇතිවූ විගස ඔබේ මරණය සිදුවෙනවා. "
ජීවත් වුනාට මැරිලා වගේ ඉන්න අයත් ඉන්නවා. එතකොට අර ඔබ කියන අපිට ඕනේ වෙලාවට තවත් නම් ඉන්න බෑ කීවට නොමැරෙන මිනිස්සුත් ඉන්නවා. එක උදාහරණයක් තමයි මම.
මම මිය ගිහින් ඒත් මම ජීවත් වෙනවා.
ඔබ මුහුන දුන් අත්දැකීම් ගැන මට යම් අවබෝදයක් තිබෙනවා ඔබ ලියු දෙවල් කියවීමෙන්.මම සියල්ල කියවල නැහැ.
Delete//බැඳීම් වලින් ලිහිල් වුනාම අපිට මරණය පහසුයි/// එගඟයි ඒත් ඒ බරපොදිය බින්දුවටම අඩු කරගන්න. ජීවිතයේ සෑම මොහොතක්ම miracle එකක්. ඒක ඒ මොහොතෙම අත්විඳින්න ඒ මොහොතෙම එයින් එලියට එන්න. නොකඩවා ගලන ගඟක් වගේ සෑම මොහොතකම අලුත් දෙයක් ජීවිතයට එනවා. ඒක පිලිගන්න. සිදුවන සෑම දෙයක්ම හිතට එකඟවම පිලිගන්න. ජීවිතය හරිම ලස්සනට දැනේවි. මරණය ආදාක එයත් කිසිම ගැටීමක් නතිවම පිලිගන්න. ඒ ඇති. ඔබ සුව වීම පිලිඹඳව හදවතින්ම සතුටුයි. සතුටින් ඉදිරියට මුහුන දෙන්න හැකිවේවි ඔබට. කලාතුරකින් පිහිටන සුන්දර හදවතක් හිමි අයෙක් ඔබ.
මේක කියවත්දී මතක් උනේ මමී චිත්‍රපටමාලාවේ " city of death "
ReplyDeleteඑල එල
නියම ලිපියක් !
ස්තුතියි වයලෝ ජීවිතේට යමක් එකතු කරගත්තා නම් එච්චරයි.. මම ඒ සිත්තර පටිය බලලා නැහැ නේ. හොයාගෙන බලන්න ඔනා. :D
Deleteමරණය පොදු දෙයක් නෙව ඒක ආගමට අයිති දෙයක් නෙමෙයි..
ReplyDeleteඒක තමයි දේශා... ආගම් වලින් ඒක එක එක විදිහට බලලා නිර්වචනය කරලා. හිත ගැන හිතන එක සිරා වැඩක්. හිත නවතින්නේ නැහැ අපි නැවතුනත්.
Deleteමරණයට, වයසට යෑමට කීයක් අර්ථකතන තියනවාද. ආගම් වලින්, විද්‍යාවෙන් මේ හැම එකෙන්ම විවිධ අර්ථ කථන තියෙනවා නොවෑ. මරණාසන්නව ඉඳලා බේරුන සමහර පොරවල් මාර ආතල් දෙන්නේ.
ReplyDeleteමට මෙහෙම දේවල් පෙනුනා. මට අහවල් විදිහට දැනුනා................
හැබැයි මංතුමාට කියන්න තියෙන්නේ මේ හැම දෙයක්ම උන්ගේ මනෝ විකාර කියලායි.
83, 89 හිටපු අළුගොසුවාට (උගේ පංතියේ ඌ විතරයි) මිනිස්සු මැරෙනකොට හිටිය හැටි හොඳට මතක ඇති. 71 දී නම් ඌටත් මර බිය දැනිලා තියෙනවා. 83 දීයි 89 දීයි රට ඇතුලේ අහිංසක මිනිස්සුන්ට තුවක්කුව පෙනනුවත්, පොර ෆැන්සෝන් ගියේ නැතිනම් ෆොන්සේකා මහත්තයා තාම යුද්ධ කරනවා.
Deleteදැන් ඌත් මම වගේ ප්‍රෝෆයිල් කටුවක් අටවාගෙන උගේ ඒ කාලේ මානසික විකෘත්ය පෙන්වනවා.
ඔව් කා(ka) පැහැදිලි කිරීම් නම් එමටයි. ඒත් ඇත්තටම වෙන සිදිධිය එකයි නෙ. කොහොම නමුත් හිත හදාගෙන බයක් සැකක් නැතුව මැරෙන්න පුලුවන් නම් එච්චරයි.
Deleteසමහරු ගෝනිබිල්ලන්ට ඇඳලා ගමේ එකට හිටපු එකාගේ බෙල්ලට තොන්ඩුව දැම්මලුනේ. එහෙම පාවා දෙන එවුන් නම් 89 නෙමෙයි මෑත යුගයෙත් හිටියා.කාලයක් එකට හිටපු එකාව පොරකයට ගෙනියන්න පුලුවන් උන්...
මෙච්චර දවසක් අන්ධ බිංදුවේද කොහෙදෝ මේ බ්ලොගය තිබිලා තියෙන්නේ :D
ReplyDeleteමරණය අපි කාටත් උරුම බව දැනගෙන ඉන්න ටික කාලේ නිවැරදිව ජීවිතය ගෙවන එක තමයි කරන්න තියෙන්නේ...මරණෙන් මතු ඉපදුනත් නැතත්....අඩුම තරමේ තමන්ගේ හිතට සැනසිල්ලේ මැරෙන්නවත් පුලුවන්නේ
අපි හැංගිලා ඉන්නේ රෙහානි..... :D
Deleteඔය නිවැරදිව ජීවත් වෙනව කියන එක හරි අමාරු වැඩක් අපි නොහිතුවට අපේ හිතින් එහෙට මෙහෙට කට්ටි පැන පැන නේ නිතරම ඉන්නේ. උත්සහ කරන්න නොකිලිටි හදවතක් තියාගන්න නිතරම..සතුට කියන්නේ high vibration එකක්. ස්තුතියි අදහසක් එක් කලාට.