Sunday, August 4, 2013

රතු පසේ ලේ නැතේ....

















රතු ලේ ගලා ලා
රතු පසේ තැවරිලා
පසත් රතු හින්දා
කා හටත් නොපෙනිලා.......

මූසල නිහඬ බව
වේදනයි මේ හිතට
කිසිත් සිදු නොවූ ලෙස
ඉඳින්නේ කෝම........

තිරිසනුන් රජ කරන
පාදඩ රාජ්ජේ 
අගරජු පියානේ 
ලේ බියන් මාගේ........





when exposing a crime is treated as committing a crime,
you are ruled by criminals -Anonymous

12 comments:

  1. හැමදේම ටික දොහයි
    යයි මතක නැතිවෙලා
    රතුපසේ දන හඩයි
    මල් ගහක් වියැකිලා

    ReplyDelete
    Replies
    1. වෙන කුමක් කියම්ද..
      වේදනාව අකුරු කලෙම්....
      ස්තුතියි ඔබට !

      Delete
  2. Replies
    1. ජීවිත ගණන 7 ක් 8 ක් වෙන්න පුළුවන් වයලිනෝ... කටවල් වහල තියෙන්නේ හැමෝගෙම. :(

      Delete
  3. දැනට ජීවිත තුනයි.ඊට වඩා වටිනවානේ පලාත් සභා ඡන්ද තුන.මේවා හරි අපරාද.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ඔබව....
      සැබවින්ම මේවා මිනිස් වර්ගයාට එරෙහිව කරන ලද සහාසික අපරාධ ගණයට වැටෙන්නේ..
      යලි කිසිදා මේ මිහිමත මෙවන් දේ සිදු නොවිය යුතුයි...
      ස්තුතියි ඔබට...!

      Delete
  4. බොහොම ස්තූතියි කවි පෙලට. ඒ ස්තූතිය... මනුස්සකමට...

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ සංවේදී කමට මොනවා වෙලාද මන්දා? අහක බලාගෙන අපිට නෙමෙයි වගේ ඉන්නේ...
      ස්තුතියි ඔබට...!

      Delete
  5. කවි පෙල හොඳයි. ඊටත් වඩා මට හිතට වැදුනෙ අර රතු පාටින් දාඅල තියෙන වාක්යය.

    | how true! |

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මානෙල් අක්කා...
      ඒ අදහස නම් මගේ නෙමෙයි අද කාලෙට ගැලපෙන බොහොම ප්‍රසිද්ද කියමනක් රචකයා සොයාගත නොහැකියි. :)
      ස්තුතියි ඔබට...!

      Delete
  6. //තිරිසනුන් රජ කරන පාදඩ රාජ්ජේ // තිරිසනුන් මෙය දකිත්වා. ලැජ්ජා වෙත්වා (මේ කපේදී වෙන්නේ නෑ), එකී තිරසනුන් චුත කරන්නට බහුතරයට මොලේ පෑදෙත්වා !
    බං මොරේ සුදු වෑන් එහෙම මේ දවස්වල ඔය පැත්තේ කරකැවෙනවාද ? :D

    ReplyDelete
    Replies
    1. වැරැද්දක් ඉස්සරහ අහක බලන් ඉන්න බැරි ගතියක් අපේ තියෙනවනේ.ඉදිරියේදී ඇත්තටම අපි උනත් අවනීතියේ ගොදුරු වෙන්න ඉඩ තියෙනවා(shape එකේ හිටියත්)
      මේ යුගය වෙනස් කරන්න මහන්සි වෙන්න ඕන ඒකයි... ස්තුතියි සිංදු ....! :D :D

      Delete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...