රතු ලේ ගලා ලා
රතු පසේ තැවරිලා
පසත් රතු හින්දා
කා හටත් නොපෙනිලා.......
මූසල නිහඬ බව
වේදනයි මේ හිතට
වේදනයි මේ හිතට
කිසිත් සිදු නොවූ ලෙස
ඉඳින්නේ කෝම........
තිරිසනුන් රජ කරන
පාදඩ රාජ්ජේ
පාදඩ රාජ්ජේ
අගරජු පියානේ
ලේ බියන් මාගේ........
when exposing a crime is treated as committing a crime,
you are ruled by criminals -Anonymous
හැමදේම ටික දොහයි
ReplyDeleteයයි මතක නැතිවෙලා
රතුපසේ දන හඩයි
මල් ගහක් වියැකිලා
වෙන කුමක් කියම්ද..
Deleteවේදනාව අකුරු කලෙම්....
ස්තුතියි ඔබට !
පව් ඒ අහිංසක ජීවිතේ !
ReplyDeleteජීවිත ගණන 7 ක් 8 ක් වෙන්න පුළුවන් වයලිනෝ... කටවල් වහල තියෙන්නේ හැමෝගෙම. :(
Deleteදැනට ජීවිත තුනයි.ඊට වඩා වටිනවානේ පලාත් සභා ඡන්ද තුන.මේවා හරි අපරාද.
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා ඔබව....
Deleteසැබවින්ම මේවා මිනිස් වර්ගයාට එරෙහිව කරන ලද සහාසික අපරාධ ගණයට වැටෙන්නේ..
යලි කිසිදා මේ මිහිමත මෙවන් දේ සිදු නොවිය යුතුයි...
ස්තුතියි ඔබට...!
බොහොම ස්තූතියි කවි පෙලට. ඒ ස්තූතිය... මනුස්සකමට...
ReplyDeleteමිනිස්සුන්ගේ සංවේදී කමට මොනවා වෙලාද මන්දා? අහක බලාගෙන අපිට නෙමෙයි වගේ ඉන්නේ...
Deleteස්තුතියි ඔබට...!
කවි පෙල හොඳයි. ඊටත් වඩා මට හිතට වැදුනෙ අර රතු පාටින් දාඅල තියෙන වාක්‍යය.
ReplyDelete| how true! |
සාදරයෙන් පිලිගන්නවා මානෙල් අක්කා...
Deleteඒ අදහස නම් මගේ නෙමෙයි අද කාලෙට ගැලපෙන බොහොම ප්‍රසිද්ද කියමනක් රචකයා සොයාගත නොහැකියි. :)
ස්තුතියි ඔබට...!
//තිරිසනුන් රජ කරන පාදඩ රාජ්ජේ // තිරිසනුන් මෙය දකිත්වා. ලැජ්ජා වෙත්වා (මේ කපේදී වෙන්නේ නෑ), එකී තිරසනුන් චුත කරන්නට බහුතරයට මොලේ පෑදෙත්වා !
ReplyDeleteබං මොරේ සුදු වෑන් එහෙම මේ දවස්වල ඔය පැත්තේ කරකැවෙනවාද ? :D
වැරැද්දක් ඉස්සරහ අහක බලන් ඉන්න බැරි ගතියක් අපේ තියෙනවනේ.ඉදිරියේදී ඇත්තටම අපි උනත් අවනීතියේ ගොදුරු වෙන්න ඉඩ තියෙනවා(shape එකේ හිටියත්)
Deleteමේ යුගය වෙනස් කරන්න මහන්සි වෙන්න ඕන ඒකයි... ස්තුතියි සිංදු ....! :D :D