Thursday, August 29, 2013

සියවසේ කථාව


           1940 දී රූගත කළ "The Great Dictator" නම් ප්‍රහසනාත්මක නාට්‍යය නරඹා තිබෙනවාද? එතෙක් වේදිකාවේ නිහඩ චරිතයක් වූ චාලි චැප්ලින් නම් අසහාය රංගධරයා නිර්මාණවේදියා ප්‍රථම වරට වේදිකාව තුල තම හඬ අවධිකලේ මෙම "The Great Dictator" නම් නාට්‍යයෙන්.මෙහි තිර රචනය අධ්‍යක්ෂනය නිශ්පාදනය ඔහු සතුයි.එම වකවානුවේ අමෙරිකා එක්සත් ජනපදය මතුපිටින් ජර්මනිය සමග සාමයෙන් කටයුතු කල යුගයක්.හිට්ලර් මුසොලිනී වගේ අන්තවාදී ඒකාධිපතියන් ඉතා තදින් විවෙචනය කර නිර්මාණය කරන ලද මෙම නාටකයේ එන කථාව ලොවපුරා තවමත් ඇස් පනාපිට පවතින්නක්.
වේදිකාවේ නිහඬවම සිටි මේ මිනිසා හඬ අවදිකල පලමු නිර්මාණයෙන්ම දුන් පනිවිඩය කොතරම් ප්‍රභලද? මේ යුගයෙදීත් එය කොතරම් වලංගුද? පහතින් එම හඬ අසන්න ඔබට කුමක් හෝ දැනේවි.මෙය මේ සියවසේ හොඳම කතාව බව අවිවාදිතයි.නිසකවම මේ පනිවිඩය ඔබට දැනේවි.


ඒ කරලා ආයේ "හාමුදුරුවනේ මම එකාධිපතියෙක්ද?" කියල අහන්න එපා ඔං...

(පහතින් මා විසින් එය සිංහලට පරිවර්තනය කලා සියයට සියයක් එලෙසම නොවුවත් අපේ උරුවට ගැලපෙන වෙනස්කම් සහිතව.)









          I’m sorry, but I don’t want to be an emperor. That’s not my business. I don’t want to rule or conquer anyone. I should like to help everyone - if possible - Jew, Gentile - black man - white. We all want to help one another. Human beings are like that. We want to live by each other’s happiness - not by each other’s misery. We don’t want to hate and despise one another. In this world there is room for everyone. And the good earth is rich and can provide for everyone. The way of life can be free and beautiful, but we have lost the way.

          Greed has poisoned men’s souls, has barricaded the world with hate, has goose-stepped us into misery and bloodshed. We have developed speed, but we have shut ourselves in. Machinery that gives abundance has left us in want. Our knowledge has made us cynical. Our cleverness, hard and unkind. We think too much and feel too little. More than machinery we need humanity. More than cleverness we need kindness and gentleness. Without these qualities, life will be violent and all will be lost....

          The aeroplane and the radio have brought us closer together. The very nature of these inventions cries out for the goodness in men - cries out for universal brotherhood - for the unity of us all. Even now my voice is reaching millions throughout the world - millions of despairing men, women, and little children - victims of a system that makes men torture and imprison innocent people. To those who can hear me, I say - do not despair. The misery that is now upon us is but the passing of greed - the bitterness of men who fear the way of human progress. The hate of men will pass, and dictators die, and the power they took from the people will return to the people. And so long as men die, liberty will never perish. .....


          Soldiers! don’t give yourselves to brutes - men who despise you - enslave you - who regiment your lives - tell you what to do - what to think and what to feel! Who drill you - diet you - treat you like cattle, use you as cannon fodder. Don’t give yourselves to these unnatural men - machine men with machine minds and machine hearts! You are not machines! You are not cattle! You are men! You have the love of humanity in your hearts! You don’t hate! Only the unloved hate - the unloved and the unnatural! Soldiers! Don’t fight for slavery! Fight for liberty!



         In the 17th Chapter of St Luke it is written: “the Kingdom of God is within man” - not one man nor a group of men, but in all men! In you! You, the people have the power - the power to create machines. The power to create happiness! You, the people, have the power to make this life free and beautiful, to make this life a wonderful adventure. Then - in the name of democracy - let us use that power - let us all unite. Let us fight for a new world - a decent world that will give men a chance to work - that will give youth a future and old age a security. By the promise of these things, brutes have risen to power. But they lie! They do not fulfill that promise. They never will! Dictators free themselves but they enslave the people! Now let us fight to fulfill that promise!


          Let us fight to free the world - to do away with national barriers - to do away with greed, with hate and intolerance. Let us fight for a world of reason, a world where science and progress will lead to all men’s happiness. Soldiers! in the name of democracy, let us all unite!



           කණගාටුයි මිත්‍රවරුනි. මා හට අධිරාජ්‍යයෙකු වීමට උවමනා නැත.එය මා හට අදාල වූවක් නොවේ. මා හට කිසිවෙකු පාලනය කිරීමට හෝ යටපත් කොට පා ගාගෙන සිටීමට උවමනා නැත.හැකි සෑම විටම භේදයකින් තොරව ඔබ සියල්ලන් හට උදව් කිරීමයි මාගේ කාර්ය්‍යය. කළු සුදු ආගමික අන්‍යාගමික ස්වජාතික අන්‍යජාතික භේදයකින් තොරව එකිනෙකා හා සහජීවනයෙන් යුතුව එකම මනුෂ්‍ය ජාතියක් ලෙස ජීවත් වීමයි අප කළ යුත්තේ. අප එකිනෙකාගේ සතුට උදෙසා මිස අනෙකාගේ දුක්ඛිත විනාශයන් මතින් ජීවත් වීමට සිතිය යුතු නොවේ.අප එකිනෙකා කෙරෙහි ද්වේශයෙන් හා ගර්හාවෙන් යුතුව සැලකීම නොවේ කළ යුත්තේ.මේ සුන්දර මිහිතලය අප සියල්ලන්ටම රිසි සේ භුක්ති විඳිය හැකි තරම් සම්පත් වලින් අනූනය.ඇය සියල්ලන්ටම එක සේ පෝෂනය හා ‍රැකවරණය සදන්නීය. අපගේ ජීවිත වඩා නිදහස් හා සුන්දර කළ හැකි එම මාවත අප විසින් අවුරා ගෙන ඇත.

             අසීමිත තණ්හාව හා ගිජුකම මිනිසාගේ ආත්මය වනසා වෛරයේ සිරකුටි තුල ගාල් කොට ඇත. මිලිටරි ආධිපත්‍යය ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ ලේ වැගිරුන පියවර සන්දර්ශනාත්මකව (තාරා වකු සේ) තබමින් අප කරා එලඹ ඇත.අප වේගය (කාර්යක්ෂමතාව)පසුපස දිවගොස් අපවම එය තුල ගාල්කර සිරකරගෙන ඇත.මෙම කාර්මික යුගයේ මහාපරිමාන යන්ත්‍ර සුත්‍ර මගින් බහුල ලෙස නිශ්පාදන කලත් තවදුරටත් අසීමිත අවශ්‍යතාවයන් තුල අප අතහැර දමා ගොස් ඇත.අපගේ දැනුම විසින්ම අප කුසීතයන් අලසයන් බවට පත් කර ඇත.අපගේ දක්ශතාවයන් විසින් අප කුරිරු හීත්පිත් නැතියවුන් බවට පත් කර ඇත. හැඟීම් විරහිතව මහමෙරක් තරම් සිතන්නෙමු. එහෙත් අප හදවතින් නොදකින්නේය. දක්ශතාවයන්ටත් වඩා සැබැවින්ම වටින්නේ දයාවයි සංවේදීබවයි ත්‍යාගශීලීත්වයයි.අන් කවර දාකටත් වඩා මේ යුගයේ අපට උවමනා මෙයයි.


          සන්නිවේදන හා ප්‍රවාහන මාධ්‍ය අන් කවරදාකටත් වඩා මිනිසුන් එකිනෙකා වෙත බැඳ තබා ඇත. මිනිසුන් එකිනෙකාවෙත වඩ වඩා ලං කර ඇත. සැබැවින්ම මෙවා මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සහෝදරත්වය හා සංහිඳියාව වෙනුවෙන් විය යුතුය.සමගියේ සහෝදරත්වයේ දයාවේ හඬ බවට පත්විය යුතුය.මේ මොහොතේ පවා මගේ හඬ මිලියන ගනනක් වු මිනිසුන් ගැහැනුන් ළමයින් වෙත ලඟාවනවා ඇත.ක්‍රමය විසින් පීඩාවට පත් කර තලාපෙලා වධ කඳවුරු තුලට ගාල්කර සිටින බලාපොරොත්තු විරහිත මිනිසුන් වෙත සැනසීමක් ගෙන දෙනවා ඇත. මේ මොහොතේ මාහට අහුම්කන් දෙන මිනිසුනි කිසිදා අධෛර්යට පත් වන්න එපා බලාපොරොත්තු නැතිකරගන්න එපා.අප වෙලාගෙන පවතින මේ කනගාටුදායක මොහොත කැදර කමේ කූටප්‍රාප්තියයි. එහි අවසානයයි.අවසන් මොහොතේ රංගනයයි.ඔවුන්ගේ කලකිරීමට හේතුව ඔවුන්ගේ බියට හේතුව මිනිසුන්ගේ පිබිදීමයි.මේ යුගය ඉක්මනින් නිමා වනවා ඇත.ඒකාධිපතියන් විනාශ වනවා ඇත.මිනිසුන්ගෙන් උදුරාගත් බලය ඔවුනට අහිමි කල නිදහස යලිත් ඔවුන් අතට ලැබෙනවා ඇත.මිනිසුන් එකා පිට එකා මියදුනත් විමුක්තිය කිසිදා මිය යන්නේ නැත.


          සෙබලුනි කිසිදා මේ කුරිරු නායකයන්ට අවනත වන්න එපා.ඔබට අවමන් කොට පාගා දමා වහලුන්සේ කඳවුරු තුලට ගාල්කර ඔබට අන දෙන දඩ බල්ලන්සේ ඔබව පුරුදු පුහුනු කරන බැටළුවන් සේ ඔබව දක්කන යාන්ත්‍රික හදවත් ඇති යාන්ත්‍රික මනසක් ඇති විකෘති මනසක් ඇති හිත්පිත් නැති ලෙස ඔබේ ජීවිත උන්ඩයට බිලිදෙන බෝම්බ වලට කාලතුවක්කු වලට ඔබ බිලි දෙන මේ හිත්පිත් නැති අමනයන්ට අවනත වන්න එපා. ඔබට සිතිය යුත්තේ කෙසේද කළ යුත්තේ මොනවාද ආදී ලෙස ඔබව දක්කන මේ දුශ්ට පාපතරයන්ට අවනත වන්න එපා.ඔබ යන්ත්‍රයක් නොවේ ඔබ බටළුවෙක් නොවේ ඔබ මනුෂ්‍යයයෙක් ඔබට හදවතේ මිනිස් හඟීම් තිබෙනවා සංවේදනයන් තිබෙනවා. ඔබගේ හදවතේ ආදරය මානවදයාව තිබෙනවා.ඔබ වෛර කරන්නෙකු නොවේ.කිසිදා ආදරය නොලද ආදරය නොවිඳි විකෘති මිනිසුන් පමණි කුරිරු වෛරීසහගත වන්නේ.ඔබ අනෙකා යටත්කොට තලාපෙලා පාගාදමන්නට සටන් කරන්න එපා. අනෙකාගේ විමුක්තිය වෙනුවෙන් සටන් කරනු.


          ශුද්ධ වූ බයිබලයේ ශාන්ත ලූක්තුමා ගේ අනුශාසනයේ 17 වන පරිච්චේදයේ සඳහන්ව තිබෙනවා "ස්වර්ග රාජ්‍යය සැබැවින්ම පවතිනුයේ මිනිසා තුලයි." කියා.සබැවින්ම එහි සඳහන් වනුයේ එක් මිනිසෙක් හෝ මිනිසුන් සමූහයක් හෝ නොවේ සෑම මිනිසෙකු තුලම යන්නය.ඔබටද එය ඒසේමයි.බලය හැකියාව සැබැවින්ම ඇත්තේ ඔබ තුලයි.මහා නිමැවුම් කිරීමේ හැකියාව ඇත්තේද ඔබ තුලය එසේම ඔබගේ ජීවිතයේ සතුට නිදහස නිර්මාණය කිරීමේ ද වඩා සුන්දර කිරීමේ හැකියාවද ඔබ සතුයි.ඔබ ලැබූ මේ ජීවිතය වඩා සුන්දර චාරිකාවක් ලෙස නිමාකිරීමේ හැකියාවද ඇත්තේ නුඹලා තුලයි. මිනිසුනේ නුඹලා සතු බලය වටහාගනිව්.ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අප සතු බලය යොදවමු.අප සියලු දෙනා එක්සත්ව එක්සිත්ව නැගී සිටිමු.වඩා සාධාරන නව ලොවක් වෙනුවෙන් නැගීසිටිමු.මිනිසුන්ට නිදහසේ වැඩකරන්නට ඉඩ දෙන තරුණයිනට අනාගතයකුත් වැඩිහිටියනට ‍රැකවරණයකුත් ලැබෙන වඩා සාධාරන ලොවක් වෙනුවෙන් එක්ව නැගී සිටිමු.


          මෙලෙසම පොරොන්දු දී තමා මේ අමනයින් බලයට ආවෙත්. නමුත් ඔවුන් අප රවටා තිබෙනවා.ඔවුන් කිසිදා එය ඉටු කලේ නැහැ කිසිදා කරන්නේද නැහැ. එය පැහැදිලියි. මිනීමරු ආඥාදායකයින් සියල්ල නිදහසේ භුක්ති විඳිනගමන් මහජනයා වහල්බවට පමුනවා තිබෙනවා.සියල්ල සූරාකමින් අයුක්තිය රජ කරවමින් යන මේ ගමනට එරෙහිව වඩා සාධාරන ලොවක් ගොඩනගන්නට අප වූ පොරොන්දුව යථාර්තයක් කරන්නට එක්ව නැගී සිටිමු. ජාතික ආගමික වාර්ගික බැමි බිඳහෙලා අසහනය වෛරය පලිගැනීම දුරලා වඩා සාධාරන ලොවක් වෙනුවෙන් නැගී සිටිමු. 
දැනුම හා සාර්ථකත්වයන් මිනිස්වර්ගයාගේම යහපත හා සතුට වෙනුවෙන් යෙදවෙන වඩා සාධාරන නව ලොවක් වෙනුවෙන් සටන් කරමු. සෙබළුනි ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යුක්තියේ සධාරනත්වයේ නාමයෙන් එක්ව සටන් වදිව්. 






ප.ලි .

*The Great Dictator සම්පුර්ණ නාටකය බලන්න කැමති උදවිය මෙතනින් ගිහින් බලන්න.
**මේකත් එක්කම අතුරුපසක් වගේ රසවිඳින්න පුළුවන් ගීතයක් තිබෙනවා බීට්ලස් සංගීත කණ්ඩායමේ ජෝන් ලෙනන් ගයනා කරන ඉමැජින් කියන ගීතය (මෙතනින් බලන්න)මේක ඇත්තටම මමත් ගොඩක් ආදරය කරන මගෙත් සිහිනයක්. සමහරුන් මෙය අසා තිබෙනවත් ඇති. මුළින් ආපු අයට මගහැරුනට කණගාටුයි. මේකත් එක්ක ලිපිය සම්පුර්ණයි ඔං...







14 comments:

  1. දැන් දැන් එක පෙළට වෙඩි මුර ඇහෙනවා මොරේ.. ඒකනේ මම කියන්නේ පළමු වෙඩි මුරයෙන් පස්සේ එක පෙළට පත්තු වෙනවා කියලා. අපි බලමු අනාගතය දෙස ...

    තැන තැන විසිරුණු දර කෑලි වෙනවට වඩා දර මිටියක් වීමේ වටිනාකම ඔබ අපි තේරුම් ගෙන අවසන් බව පැහැදිළියි..දිගටම ලියන්න මොරේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන් ලෝකේ හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැ හැම දෙකම අවසානයක් එනවා

      Delete
  2. කරුමේ කියන්නේ අද ඉන්න උන්ට මේ වගේ ළිපි වල වටිනාකමක් නෑ. කුණුහබ්බ ලිව්ව නම් ඒනවා නිළමැස්සෝ වගේ... මම ඉඳ හිට කුණුහබ්බයක් ලියන්නෙම ඒකයි..

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි මාතලන් අයියා..
      ඒකටනම් හිනත් ගියා සෙට් උනොත් කුනුහබ්බයකුත් ලියල බලන්න ඕනි නිකමට වගේ .. :D

      Delete
  3. ඇත්තටම මචං ඇයි මිනිස්සු මේවා බලන්න මේ තරං අකමැති.. උන් නිකං කක්ක ගෑවුනා වගේ දුවන්න්නේ මේවා දැක්කම.. උඹට හුගක් පින් මේ වෙච්චි මහන්සියට. මාත් ඕක කලින් බලල තිබුනා ආසාව නිසාම...

    ReplyDelete
    Replies
    1. අපිට පුළුවන් දේ කරමු.එක රැයින් මේ රට වෙනස් කරන්න බැරි වෙයි. ඒ වෙනුවෙන් අද අපි ගන්න පොඩි පියවර ගොඩක් වටිනවා.
      ස්තුතියි..! ඔබේ ආගමනයට වගේම අදහසටත්.

      Delete
  4. ඕව බලන්න මිනිස්සු අකමැති.... වෙලා තියෙන හා වේගෙන යන දේවල් දිහා බලල දැන් මිනිස්සුන්ට ඕන දුක හිතෙන ඇත්ත කතා නෙවි හිනා යන බොරු කතා වීමය

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත. ගොඩක් අය දන්නවා මේක රැවටීමක් බව එත් සිඟිති ආතල් එක රසවිඳිමින් ඉන්නවා අර සුවර්ණවාහිනියේ කියන කතා එකේ බයිලා ගොන් ආතල් රසවිදිනවා වගේ. ස්තුතියි ඔබට මැලේ....

      Delete
  5. ඇතිවෙමින් පවතින තත්වය නිවැරදිව වටහාගැනීමට හැකීවීම ඉතා අගනේය.මම ඔබට සුභ පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට.. රට යන අත එච්චර සුබ දායක නැහැ. ආර්ථිකකයට වන්න යන දේ සරලව අපේ සහන් කියල තියෙනවා ඔබ දකින්නත් ඇති. එන්න එන්න රටක් විදිහට අපි වල පල්ලට යනවා විතරයි. යුද්දේ දින්නා කියා කියා හොරු රැලක් පෝෂණය වෙනවා.

      Delete
  6. මිනිස්සු පොන්නයෝ කරලා තියෙන්නේ. තට්ටු මාරු ක්‍රමයට මිනිස්සු රැවටිලාම දැන් තොපි තොපිට ඕන දෙයක් කරපියවූ අපි අපේ පාඩුවේ තැනට මිනිස්සු පත් වෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම.. එත් මිනිස්සුත් මේ රැවටිලිකාර ක්‍රමයට පුරුදු වෙලා ගොඩක් අය වැල යන පැත්තට මැස්ස ගහල තමනුත් ගොඩයන්න බලන් ඉන්නේ හරිම කපටි විදිහට.පාලකයන් හොරුන් වීම හොරකමට උඩගෙඩි දෙන හොරකම පෝෂණය කරන ජන පදනම නිසාත් වෙන දෙයක්. මේ දෙකම එකිනෙකා මත යැපෙනවා. ඒ අතර ඔබ කිව්වා වගේ දුර්වල මිනිස්සු පිරිසකුත් ඉන්නවා අවබෝධයක් නැති මිනිස්සුත් ඉන්නවා. කාලෙකින් නේද මේ පැත්තේ.....

      Delete
  7. පට්ටම පට්ට මචන් එලකිරි....පට්ට බ්ලොග් එක....මේ වගේ පිරිසිදු හදවත් තාමත් මේ රටේ ඉතිරිවෙලා තියනව කියල දකිනකොට ජීවත් වෙන්න ආසයි.........දිගටම කරහන්. සුබ පතනව බොක්කෙන්ම.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සූස්ථි...! උබේ බ්ලොගයත් ගති මම ඒ පැත්තේ අවා...අපි පොඩියට හරි අපේ යුතුකම කරමු.

      Delete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...