සුපුරුදු පරිදි රජයට වැඩි වාසි ගෙන දෙමින් පලාත් සභා මතිවරනය අවසන් විය.
මේ පිලිඹඳව කිසිවක් නොලියන්නෙමැයි සිතා සිටියද පලාත් සභා සතු ඉඩම් හා
පොලිස් බලතල පිලිඹදව සිදු කෙරෙන කතිකාවන් හා ඊට අදාල නඩු තීන්දුවක් කරලියට පැමිණිය නිසා මෙය ලියා තබන්නට සිත්විය.
සැබෑ ලෙසම දෙමළාට තිබෙන ප්රශ්නය කුමක්දැයි තවම සිංහලයාට වැටහී නොමැත. සිංහලයාට උවමනා කුමක්දැයි දෙමළාටද වගේ වගක් නැත. මැතිවරනයේ දී ජනතාව ඡන්දය භාවිතා කර තිබෙන ආකාරය අනුව ජාතිවාදය බේදයක් නොමැතිව ලාංකිකයා තුලින් ගම්යවීඇත. සිංහල බහුතරය විසින් සිංහල ජාතිවාදය පෝශනය කරන අතර දෙමළ බහුතරය විසින් නඩත්තු කරන මතය දෙමළ ජාතිවාදය බව මතුපිටින් පෙනේ. නමුත් එසේ සිතීමට අප ඉක්මන් විය යුතු නැත. බහුතරය බොහෝවිට මතයක් නොමැති සිල්ලර ආතල්බර දෙශපාලන ක්‍රමයක් විස්වාස කරන නිසාය. මෙ ක්‍රමය තුල බහුතරයකට මැතිවරනය යනු උඩ පැනගෙන කාකොටාගෙන හෝ අපේ විරුවා කතිර යුද්ධයෙන් ඔටුනු පැලඳවීමය.
එය තුළ බහුතර මතයට එක්වීමට (හැමෝම කරන දේ කරන්න යාම) පවතින උනන්දුව මෙන්ම කවුරුන් හෝ සරණ ගොස් තමන්ද යමක් කරගැනීම, අසල්වැසියාට පාට් දැමීම, රස්සා ලබා ගැනීම, ටකරන් ලබාගැනීම, ආදී දහසකුත් එකක් බලාපොරොත්තුද තිබෙන්නට ඇත. මතිවරන අමුතු දෙයක් නොවන අතර අපුර්වත්වය වනුයේ එහි ප්‍රතිඵල වලින්
ගම්‍යවන පනිවිඩය තේරුම් ගැනීමයි.
ඡන්ද දායකයාගේ දෙශපාලන සවිඥානිකත්වය?
දකුනේ ඡන්ද දායකයාට වඩා උතුරේ ඡන්ද දායකයා තමන්ගේ ගැටළුව පිලිඹද වඩාත් සංවේදී බවක් හා අවබෝධයකින් යුක්ත බවක් පෙන්නුම් කර ඇත. උතුරු පළාත් මහ ඇමති විග්නේශවරන් මහතා ඉන්දීය රූපවාහිනී මාධ්‍යයකට පවසා තිබුනේ මෙය පව්ලේ ප්‍රශ්නයක් බවත් එයට අසල්වැසියන් අත නොදැමියයුතු බවත්ය. සැබැවින්ම ද්‍රවිඩ බහුතරයකගේම මතය එය විය හැක ඔවුනට රට බෙදාවෙන්කර වෙනම ඊලාම් දේශයක් බිහිකර ගැනීමට අවශ්‍ය නැත. ඔවුන් තවමත් ස්වයං නිර්න අයිතිය පිලිඹඳව බලා පොරොත්තු දල්වා බලාසිටී. එසෙම සිංහලයන් තමන්ගේ පාරම්පරික සතුරන් ලෙස ඔවුන් කිසිදා නොසලකන අතර ඔවුන් අහිංසක ලෙස තම නිවහල් භාවය අයැඳ සිටී.
එය බහුතර කැමැත්ත නම් හිතුවක්කාර ලෙස අපට එය නොදී සිටිය නොහැක.
කලයුත්තේ දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගැනීමයි.
ඔවුන් තව තවත් අන්තවාදයට හා ජාතිවාදය දෙසට තල්ලු නොකර බලය බෙදීමේ වැඩපිලිවෙලක් වහාම ඇරඹිය යුතුබව මතක තබාගත යුතුය. එක් රටක් තුළ සැමට පිළිගත හැකි
විසඳුමක අවශ්‍යතාවයක් පවතී. නැතහොත් දෙමළ ජනයා තව දුරටත් අන්තවාදී හා බෙදුම්වාදී මාවත මිස අන් මගක් තොරානොගනු ඇත.
එහි අනාගත කරුමය සිංහලයාටද අනිවාර්යයෙන් ගෙවීමට සිදුවනු ඇත ලොකයේ මෙවන් ප්‍රශ්න සහිත රටවලට ජාත්‍යන්තර මැදිහත්වීම් සිදුවූ ආකාර මෙහි උදාහරන ලෙස දැක්විය යුතු නොවේ. වර්තමාන ලෝක දෙශපාලන ප්රවනතාවය එයයි. හැකිතාක් ගැටුම් හැල හැප්පීම
අවම වන ආකාරයට මෙය විසඳාගත යුතු මට්ටමකට එලඹ තිබේ.
දකුණේ (බහුතර සිංහල) ජනතාව සුපුරුදු පරිදි කානිවල් දේශපාලනයේ ආශ්වාදය රිසි සේ භුක්තිවිඳ ආතල් තීරනයක් ගෙන ඇති බව පැහැදිලිය. රාජපක්ශ දේශපාලනය
අමුම අමු දූශිත පාදඩ එකක් බැව් නොදන්නවුන් සිටිය හැකිබව සිතිය නොහැක. සිටින්නේ නම් ඒ ජාතික රූපවාහිනිය සහ නයිටීඑන් පමණක් පෙනෙන උන් විය
යුතුය. අනෙක් කරුණ නම් දේශපාලනය කිරීමට පක්ශයක් නිශ්චිත වැඩපිලිවෙලක් ප්‍රතිපත්තියක් අවශ්‍යය නැති බව හොඳින්ම පැහැදිලිවීමයි. ඒ ඒ මොහොතේ හොඳින්ම ලැබෙන ආතල් එක ජනතාවට යලි මැතිවරණයක් එනතුරු ප්රමාණවත්ය.
චාර්ල්ස් ඩාවින්ට අනුව "නොනැසී ඉතිරිවන්නේ වඩා දුර්වලයා හෝ වඩා ශක්තිවන්තයා හෝ නොව වෙනස් වීම් වලට අනුගත විය හැකියවුන් ය".
ඒ අර්ථයෙන් ජනතාවගේ හද ගැහෙන රාවය හෙවත් ආතල් ෆුල් කලාබර සන්දර්ශනයක් මවාදිය නොහැකිවු දේශපාලන පක්ශ කුජීත වී ඇත.පක්ශ මාරුකලද දයාසිරි ජනතාව අතර කොන් වී නොමැත ප්රභාකරන්ගේ මරණය ගැන පවා අනාවැකි කී සුමණදාස විශ්වකර්මයාද කුජීත වී ජනතාව දයාසිරි තොරගෙන ඇත. කවුරු කොහොම කුමක් කීවද දේශපාලන මතිමතාන්තර කුමක් වුවද පුද්ගල ප්‍රතිරූපයටද ජනතා මනාපයේ වැඩි ඉඩක් වෙන්ව පවතී.මහින්ද රාජපක්ශ ජනාධිපතිතුමාගේ සාර්ථකත්වයේ එක් පැතිකඩක් වන පුද්ගල පෞරුශය හා පෙනුම (කෙල්ලන් පවා වශීවන) මෙහි ඉතා
වදගත් බවද අමතක නොකල යුතුය. ඔවුන් නඩත්තුකරන සමාජ පෞරුශය කොතෙක්ද යත් විමල් වීරවංශ ජවිපෙ සිටි හොඳම පොර බවට අදද මතයක් පවතී. බොහෝ ඡන්ද මෙම සමාජ පොරවල්වලටද වැටෙන බව නොරහසකි. කෙසේනමදු සියල්ලට ඉහලින් රාජපක්ශ පව්ලේ ප්රියතමයා වී සිටීමද කාට කාටත් දෙශපාලනිකව වාසිදායකය.
අනාගතය අනාගන්නට ඉඩ නොදී මෙරට තුල යහපාලනය සදාචාරය යුක්තිය ඉටුවීම දේශපාලන නිදහස ආදී
කරුණු කාරණා ඉටුකර ගැනීමට මෙරට ජනතාව තවත් බලා සිටිය යුතු නැත. ජනතාව අතර මතවාදී අරගලයක් කිරීමේ කාලීන අවශ්‍යතාවයක් පවතී.එය හුදෙක් සිංහල ජනතාව අතර පමණක් නොව ද්‍රවිඩ ජනතාව අතරද පැතිරීමේ අවශ්‍යතාවයක් පවතී. ප්රරගතශීලී දමිළයන් දිනාගතහැකි වැඩපිලිවෙළක් අවශ්‍යමය.
ජාතිවාදී ව්‍යාපාර විසින් අගාධයට දක්කාගෙන යාමට ඉඩ නොදී සිංහල දෙමළ ජනයා අතර යහපත් දේශපාලන සවිඥානිකත්වයක් ඇතිකරලීමේ වගකීම මේ යුගයේ අප ඉදිරිපිට පවතී.
මෙන්න මේ සන්දර්භය තුල තමයි විග්නේශ්වරන්ගේ ආගමනය වැදගත් වෙන්නේ, ඔහු හුදෙක් සාම්ප්‍රදායික දෙමල දේශපාලකයෙක් නොව ,සිංහල සමාජයේ සිතුම් පැතුම් පිළිඹඳ හොඳ අවබෝධයක් ඇති බුදධිමතෙකි. ඔහු ඉන්දීය රූපවාහිනියට කල ප්‍රකාශයද ඒ බව තහවුරු කරයි. ප්රශ්නය ඇත්තේ ඔහුවෙත් ලංකාණ්ඩුවේන් ලැබෙන පිළිගැනීම කොපමණද කියන එකයි
ReplyDeleteයුද්ධෙන් පස්සේ අපට ලැබුන හොඳම අවස්තාව මේකයි.නැත්නම් ඉතිහාසය විසින් ප්‍රභාකරන්ව වීරයෙක් කරයි.
Deleteබලමු කෝ මොකද වෙන්නෙ කියලා ඉස්සරහට.
Deleteස්තුතියි දිලිනි අපි බලන් ඉන්නවා කියන්නේ ඒ හිස්තැන අන්තවාදියෙක්ට පුරවන්න අවස්තාවක් දීමයි කියල මට හිතෙන්නේ. අන්තවාදී මතයක් ජයගන්නට ඉඩ නොදීමම මේ මොහොතේ රට වෙනුවෙන් අපේ යුතුකමක්.
Deleteමම නම් කැමති නැති විෂය දේශපාලනය.
ReplyDeleteමමත් කතාකරන්න හරිම අකමැති විෂයයක් තමා.
Deleteබාරගත්තවුන් හරියට කරන්නේ නැතිකොට අපිටවත් නිදහසේ ඉන්න නැති වෙනවනේ..
මොරා.......මේ නඩු තීන්දුව සම්බන්ධව ගෝමින් දයාසිරි ඇතුලු කංඩායමට සතුටු විය හැකිවෙයි. තවත් අර්බුද රාශියක් විවෘත වෙයි. දිස්ත්‍රික් ඇමතිවරුන් පත්කිරීම සඳහා අදහසක් තියෙනවාලු ආන්ඩුවේ ඇතුලේ. දිස්ත්‍රික් කළමනාකරණය ජනාධිපති විසින් පත්කරන්න ඇමතිවරු මගින් වෙයි. ඇයි මේ? එහෙම උනොත් අපි ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා යුගයට යන එක නවත්තන්න බැරිවෙයි. මේ තීරන තුලින් රට, සුළු ජාතීන් බරපතල ලෙස නොසලකා හරින රාජ්ය්යක් බව විග්රහ වෙයි.
ReplyDeleteපැහැදිලිවම අරූ මෙය ඉතිහාසයේ ලැබුන හොදම අවස්තාවක් ලෙසයි මා දකින්නේ. නව ප්‍රවේශයක් සදහා විග්නේශ්වරන් මහතා සුදානම්. කලයුත්තේ ජාතිවාදීන් විසින් මොළ සෝදා දමන ලද සිංහල බහුතරය වෙත මතවාදී පෙළඹවීමක් ඇති කිරීමයි. දැනටමත් හෙලුරුමය හා ජානිපෙ සංදර්ශනය රඟපාන්න පටන් අරන්. විසඳුමක් වෙත ජනපති තුමා පෙළඹේවි කියා සිතන්න අමාරුයි. ඔහු ජාතිවාදීන්ගේ ක්‍රියාකාරකම් වලින් යැපෙන නිසා ඊට ප්‍රතිවිරුද්ද මතවාදී මැදිහත්වීමක් කරන්න කාලය ඇවිත්....
Deleteමොරේ මේ ටිකේම මම ටිකක් බර වැඩක ඉන්නේ.. ඒ නිසා මේක වෙනින් වෙලාවක කියවලා අදහසක් කියන්නම්...
ReplyDeleteපහසු වෙලාවක එන්න සහන්...
Deleteඋතුරෙ වුනත් දකුනෙ වුනත් මිනිස්සුන්ට මූලික අයිතිවාසිකම් වත් බුක්ති විඳින්න නැත්නම් කවද හරි ඒ අයගෙ නැගී සිටීමක් වෙනවා. ඒ තත්වය වලක්වන්න පුලුවන් රජයකට විතරයි.
ReplyDeleteඑකඟයි මානෙල්... මේ දවස්වල රටේ වෙන දේවල් දිහා හොඳ අවධානෙන් බලා ඉන්න නිරවුල් මනසකින්..
Deleteමුස්ලිමුන් සහ සිංහලයන් පන්නා දමා එත්නික් ක්ලෙන්සිං කල පළාත් සභාවක ඡන්ද ප්‍රතිඵලය මේකට වඩා වෙනස් වෙන්න ඕනද?
ReplyDeleteවිග්නේශ්වරන් ආයෙත් ඔක්කොම උතුරේ සිංහලයන්ට, මුස්ලිමුන්ට පදිංචි වෙන්න දෙයිද? අපට පේන උත්තරය නෑ කියන එක.
එහෙම දෙයක් තියෙනවා ඇනෝ එකයි මම කිව්වේ
Delete"ජාතිවාදී ව්‍යාපාර විසින් අගාධයට දක්කාගෙන යාමට ඉඩ නොදී සිංහල දෙමළ ජනයා අතර යහපත් දේශපාලන සවිඥානිකත්වයක් ඇතිකරලීමේ වගකීම මේ යුගයේ අප ඉදිරිපිට පවතී"
කියල ඕක සිංහල දෙමළ කාටත් පොදු කාරනාවක් දකුණේ දේශපාලන පක්ෂ අසමත් වෙලා තියෙනවා ප්‍රගතශීලී නිදහස් මතධාරී මිනිස්සු අතර දේශපාලනය කරන්න උතුරේත් තත්ත්වය ඒකයි...එත් උතුරේ සාමන්‍යය මිනිස්සු හිතන හැටි වෙනස් එයාල හිතනවා බහුතර සිංහලයෝ එයාලගෙන් යමක් උදුරාගෙන කියල ඒගොල්ලෝ දන්නේ නෑ ඒ මොකක්ද කියල.සිංහලයන් දෙමළ ඩයස්පෝරාවට බය කරලා තියෙනවා වගේ.
ඒක තමා. පත්තරවල මොන තරම් බොරු දානවද? පව් අහිංසක මිනිස්සු.
ReplyDeleteඔබ වගේ first hand experience එකෙන් ලියන ලිපි කෝටියකටත් වඩා වටිනවා.
ස්තුතියි....! ඔබට මානෙල්...
Deleteඅද නිදහස් මාධ්‍යකරුවෝ හොයාගන්නවත් නෑ.. ඒගොල්ලෝ ලියන කියන දේවල් වහනවා. හැමදේම ඇතුලේ අමුතු චිත්‍රයක් මවලා මිනිස්සුන්ගේ මනස ඇතුළෙන්ම විකෘතිකරවලා...