Friday, September 6, 2013

A/L ඉවරයි ඉතින් ?


මධුර ප්‍රභාෂ්වර
(චායාරුප ෆේස්බුකියෙනි )


       රසවිඳින්න කියල මෙලො දෙයක් නැති අතරෙ ජාතික රූපවහිනියේ මේ දවස්වල හරි
අපූරු කතාවක් යනවා. උසස් පෙළ ඉවර කරල තමන්ගෙ ජීවිතය හොයාගෙන යන තරුණ
තරුණියන් පිරිසක් ගැන. ඇත්තටම අවුරුදු 13 ක් තිස්සේ ඉස්කෝලේ ගිහිල්ලා නීති රාමුවක් ඇතුලේ කොටු ගහල ඉරි ගහල හදපු යව්වනයේ එලිපත්ත යන්තමින් පන්නපු තරුණ පිරිසක් සමාජ චරිත බවට පත්වෙන ඒ යුගය හැමොගෙම ජීවිත වල ලොකු
පෙරළියක් වන කාලයක්. කූඩුවක් අතුලේ හැදිච්ච පැටව්ටික නිදහසේ පියාඹල තම තමන්ගේ උරුම ජීවිතය හොයාගෙන යනවා.සමහරු කළු යයි සම්මතජීවිත සමහරු සාධු සම්මත ජීවිත ‍තෝරගන්නවා.ඇත්තටම චරිත කළුද සුදුද කියලා කාටවත් වෙන් කරන්න බැහැ. තියෙන්නේ තමන්ට ආවෙනික ගති ලක්ෂණයක් විතරයි. ඒවා කළු සුදු කියලා වර්ග කරල තියෙන්නේ සමාජය. උස් පහත් කියලා බෙදල තියෙන්නේත් සමාජය.


       දවසක් කෙල්ලෙක් මට හරි ලස්සන කතාවක් කිව්ව. "මේ ලොකේ හරියට පාට පෙට්ටියක් වගේ එක එක පාට එකට මුහුවුන චිත්‍රයක් වගේ. අපි අකමැතියි කියලා එක පාටක් හරි කිහිපයක් හරි අයින් කලොත් චිත්‍රය අසම්පූර්ණයි" . ඒ පුංචි වචන පේලිය අතර මුළු ජීවිතයම
හැංගිලා තියෙනවා. මම පෙර ලිපියකත් කිව්ව වගේ අපි විසින්ම නිර්මානය කරගන්න
සමාජ චරිතය අපටම වදයක් අභියෝගයක් වන්න පුළුවන් අප විසින් නිවැරදිව අපවම තේරුම්
නොගතහොත්. කොහොමත් මිනිස්සු මිනිස්සු අතර තියෙන බැඳීම් හරි සුන්දරයි පුදුමාකාරයි. හැම දෙයකම අපුරු රිද්මයක් රටාවක් තියෙනවා. ඒවයේ ආදරය මුහුවෙලා තියෙනවා කරුණාව දයාව උතුම් මානුශීය ගුනාංග මුහුවෙලාතියෙනවා වෛරය මුහුවෙලා තියෙනවා ආත්මාර්ථකාමීකම් නරුම ගති තියෙනවා. මේ හැම දෙයක් නිසාම ජීවිත චිත්‍රය ලස්සන වෙනවා.ඔන්න ඔය වගේ ලස්සනට ගලායන ජීවිත චිත්‍රයක් දිගහැරෙනවා ලක්මින අමරදේව අධ්‍යක්ෂණය කරන A/L ඉවරයි කියන කතාවේ. හමදාම ‍රැ 7.30ට. බොහෝ අය නරඹනවත් ඇති. විමසිල්ලේන් බලන්න සමහර විට ඔබට ඔබ හමුවෙවි අහම්බෙන් වගේ.

මොරබ්බා.... 


ලක්මින අමරදේව
(චායාරුප ෆේස්බුකියෙනි)




















25 comments:

  1. තව කොටස් කිපයයි ඉතිරි මම හිතන්නෙ.හොද කතාවක්.මදුරගෙ චරිතෙන් නියමෙට පෙන්නනව ආකල්ප වෙනස්වෙන හෑටි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දමිත්.. නිකම්ම කතාවකට වඩා යමක්...

      Delete
  2. මොරා.......මේක නම් මම උවමනාවෙන්ම හිත හිත හිටිය පෝස්ට් එකක්. උදේ ඉඳන් ට්‍රයි කරා .දැන් තමයි ඕපන් උනේ.
    ඒ ලෙවල් ඉවරයි මතු පිටින් පෙනෙන සරළ කතා පුවතක් උනාට ඇතුලතින් උකහා ගත යුතු කරුණු රාශියක් ඇති බව පෙනේ.මම මේ ටෙලිය වඩා උනන්දුවෙන් සහ ආසාවෙන් නැරඹුවා පමනක් නොව එය මගේ දැණුමෙන් අධ්‍යයණය කෙරුවෙමි.මේ තුල කතාවෙන්නේ උඹලාගේ පරපුරේ අධ්‍යාත්මය යැයි මම විශ්වාස කරමි.නාට්‍යයේ මුල් කොටස් වලදී ඔවුන් ගමේ ගත කරන්නේ මා වැනි අර්ධ නාගරිකයන් බොහෝ කාලයකට පෙර නගරයේ ගත කල ජීවිතයට සමාන ජීවන රටාවක්ය.මෙය ඉතා ගැඹුරින් සාකච්ඡා කර යුතු ටෙලියක් යැයි මම සිතමි.අමුතු මිනිස්සු නාට්‍යය ගැන මා ලියු පෝස්ටුවක් ඇත.හැකිනම් පමනක් එය කියවා බලන්න.

    ඒ ලෙවල් තුල සියළුම ශිල්පීන් එයට සාධාරනයක් ඉටුකරදී ඇති අතර,අජාගේ චරිතය රඟපාන මධුර ප්‍රභාශ්වර මම ඉහලින්ම අගය කරමි.අමුතු මිනිස්සු ගැන මම ලියුවේ මීට ටික කලකට පෙරය.ඒ ලෙවල් සම්බන්ධවද මම ලියන්නට සිතා සිටිය මුත් දිවයිනේ චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා ඒ ගැණ ලියා තිබූ බැවින් අදහස ඉවත් කර ගත්තෙමි.ඒ ලෙවල් නාට්‍යයේ පරාක්‍රම සර්ගේ චරිතය නිරූපණය කරන ශිල්පියා නම් අපූරුයි. ඒ කවුද දන්නවානම් මට රිප්ලයි එකක් දාපං.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ හොයාගෙන ගමින් කොළඹ එන කීදාහක් ඉන්නවද? ඔය අතරේ කීදෙනෙක් තමන්ගේ ජීවිතේ හොයාගන්නවද? කීදෙනෙක්ගේ ජීවිත වෙනස් වෙනවද? සමහරු කියනවා ජීවිතේ විනාස කරගන්නවා කියල. එත් මම හිතන්නේ හොඳ හෝ නරක කියල බෙදනවට වඩා ඒවායේ ගලායාම රිද්මය ඒ හැගීම් හරි කලාත්මකයි ඒවා වෙනස්වන රිද්මය අපුරුයි . කොහොම කොහොම හරි සමාජේ ස්ථාවර වෙන්න පැවැත්මක් හදාගන්න හැමෝම උත්සහ කරනවා. ජීවිතෙත් එක්ක අරගල කරනවා පොරබදනවා.ඒක තමා හැමෝගෙම ජීවිතය. ඒකයි මම කිව්වේ ඒක ඇතුලේ "ඔබට ඔබ හමුවේවි" කියලා.
      මධුර ප්‍රභාෂ්වර වගේම හරි අපුරු චරිත කිහිපයක්ම තියෙනවා පරාක්‍රම සර් ගේ චරිතෙත් එහෙමමයි ඔහු ගැන සොයාගත්තොත් දන්වන්නම් අමුතු මිනිස්සුත් ඒ වගේම අපුරු නිර්මාණයක්.
      මම කියවන්නම් ඔබේ ලිපිය මට මගහැරෙන්න ඇති...

      Delete
  3. නාට්‍ය පුරුද්දක් හැටියට නොබලන නිසා මග හැරුණි.

    ReplyDelete
    Replies
    1. අහු උනොත් බලන්න ඉවාන් වෙනස් විදිහක වින්දනයක් ගේන කතාවක් වින්දනයකටත් වඩා සමාජ කියවීමක් "අරු "උඩ කොමෙන්ටුවේ කියල තියෙනවා වගේ එහි අපේ පරපුරේ අධ්‍යාත්මය අපුරුවට පිලිඹීබු වෙනවා...

      Delete
  4. ඇත්තටම මොරේ මමත් ටෙලි බලන්නෑ. ඒත් අහම්බෙන් හරි විනාඩියක් දෙකක් මේ ටෙලිය දැක්කොත් ඒ ටිකක බිරාන්ත වෙනවා. ඒ තරම් අපුරු නිර්මාණයක්.. විටෙක හිතාගන්න බැරි ගලායාමක් තියෙනවා වචන වල පවා. මාත් කොටස් කිහිපයකට වඩා බලල නැහැ. ඒත් ඒක නං හොද නිර්මාණයක්. උඹ කිව්ව වගේ මමත් ඒකේ එක චරිතයක්...

    ReplyDelete
    Replies
    1. මමත් අහම්බෙන් වගේ තමයි දැක්කේ. මේ වගේ කතාවකට ඉඩ හම්බුන එකත් ලොකු දෙයක් ප්‍රේක්ෂකයොත් ඕන තරම්...

      Delete
    2. ඒක ඇත්ත. රෑපවාහිණියේ හොද කතා වලට ඉඩ ලැබෙන ප්‍රවණතාවක් තියෙනවා. කලාව සම්බන්ධයෙන් ගුණාත්මක බාවයක් ඇත..

      Delete
    3. +++++

      කතාව ඉවර උන හැටි දැක්කද ? යුගයෙන් යුගයට ඉතිහාසය පුනරාවර්තනය වෙනවා. හෙට අපේ තැන ගන්න තව කෙනෙක් එනවා. :)

      Delete
    4. මොරා.....උඹේ කතාව හරි අවසානය ගැන. ඒ ජවනිකා පෙල ,ඒ අදහසම සහිතව නැවුම් ආකෘතියකින් ඉදිරිපත් කලානම් හොඳයි කියලා මට හිතුනා. ඊලඟ කංඩායම ඒ ආනිසංසෙටම ඇතුල්වෙන හැටි, රූපරාමු හැටියට ඔය විදිහටම නේද සිනමාකරුවෝ පෙන්නන්නේ?

      Delete
    5. ඒක නම් ඇත්ත. හදිස්සියකින් ඉවර කල බවක් පෙනෙනවා අරු..

      Delete
  5. TV බලන්න වෙන්නෙ නෑනේ :'( දන්නෙ නැද්ද ඔන්ලයින් බලන්න විදියක්

    ReplyDelete
    Replies
    1. http://www.maxsatv.com/ මේකේ බලන්න ඒ නැතත් Google search කරලා බලන්න A/L ඉවරයි teledrama කියල.

      Delete
  6. මොරේ දන්නවනේ මටත් ඉතින් ටෙලි බලන්න විදිහක් නැහැ. නමුත් නිර්මාණයක් ඇගයීම ගැන බොහොම ස්තූතියි .. හරවත් දේ අගයන්න ඕනේ , අනිත් අය සමග බෙදාගන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන්...! බහුතරයක් වැඩසටහන් දිහා බැලුවම රුපවාහිනී නොබලන එකමයි හොඳ.
      ඔය රුපපෙට්ටියට කියන හරි නම IDIOT BOX නේ...

      Delete
  7. ස්තුතියි මොරබ්බා, රූප පෙටිය බැලීම නවතා ඇත.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ දෙයක් අය්ලාෂ් අයියා ගොඩක් දෙනෙක් දැන් රුපවාහිනී මාධ්‍යයෙන් ඇත් වෙලා තියෙන්නේ

      Delete
  8. මටත් මාර කම්මැලි වැඩක් ඕවා බලන එක...කතාව හොඳ යි කියල නම් ගොඩක් දෙනෙක් කිව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....! දිලිනි වෙනස් විදිහක කතාවක් මේක.

      Delete
  9. මමත් බලන්නෙ ‍තෝරාගත් ඉතාම සීමිත ටෙලිනාට්‍ය කීපයක් විතරයි.මේ දවස්වල නම් මොකුත්ම නැහැ. ඔයකියන කතාවේ හිටියා හැකියාවන්ගෙන් පිරිපුන් කෙනෙක්.ඒ ජගත් මනුවර්ණ.මුල් කාලෙ එක කොටසක් මම බැලුවා.මටත් හිතුනා හොඳ ඇති කියලා.හැබැයි ආයේ බැලුවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මනුවර්ණ සිනමාවට ලොකු සම්පතක් වෙයි ඉදිරියට.

      Delete
    2. ඇත්තටම ඔව්.අනාගතයට දක්ෂ තරුණ පරපුරක් බිහිවීම භාග්‍යයක්.. ස්තුතියි ඔබ දෙදෙනාටම..
      ඔහු සමග සිළුමිණ කල සංවාදයක් මෙතනින් බලන්න

      Delete
  10. මොරා මම ටෙලි නාට්‍යය ගැන නම් දන්නේ නෑ. නමුත් අර පාට පෙට්ටියේ කතාව නම් සදාතන සත්‍යයක්. මම තවම ඒක ගැන හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඩුඩ් මමත් ඒක අහපු වෙලේ ඉදන් සැහෙන හිතුව. අපි අපිට ඕන විදිහට දේවල් වෙනස්කරගන්න කොච්චර උත්සහ කරනවද? අපිම ඒවායින් වෙහෙසට පත් වෙනවා අනවශ්‍ය විදිහට ගැටිලා.

      Delete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...